"ඩෙල්" පරිගණකයක් ඔබගේ සාක්කුවේ රුවාලන්නට තීර්නය කරයි......

          එය දු‍ටු පමනින්  ඔනෑම අයෙකුට එක්වරම හැගීයනු ඇත්තේ ඩෙල් වෙතින් නිකුත්වන "පෙන් ඩ්‍රයිව්" උපාංගයක් වියයුතු බවයි. එනමුත් සැබෑව වන්නේ මෙය ඩෙල් වෙතින් නිකුත්වීමට නියමිත කුඩා පරිගණකයක් වීමය. "Project Ophelia" ලෙසට නම් කොට ඇති HDMI කවුලුවක් ඔස්සේ සම්බන්ද කොට භාවිතාකල හැකි බ්ලුටූත් හෝ වයිෆයි සබදතා හැකියාවෙන් යුක්ත අඩුමිලැති ටැබ් උපාංගයක හැකියාව ‍රැගෙන එන මෙම උපකරනය ඇප් සංවර්ධකයින් වෙතට මුලින්ම නිකුත්වීමෙන් අනතුරුව නුදුරු අනාගතයේදීම සාමාන්‍ය වෙළඳ පොල වෙත  නිකුත්වනු ඇති බවටයි තොරතුරු හෙලිවන්නේ. ක්ලවුඩ් ආකාරයේ ගොනු හැසිරවීමේ හැකියාව නිසාම පහසුවෙන් මෙම උපාංගයට අදාල දත්ත ගොනු අවශ්‍ය විටකදී වෙනත් උපාංගයක් මගින් හැකිවනසේ නිමවා ඇති මෙම උපකරනය ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතියක් සමග වෙළඳ පොලට පැමිනෙනු ඇති බවයි තොරතුරු හෙලි වෙමින් ඇත්තේ. ඩොලර් 100ක මිලක් යටතේ එලබෙන ජූලියේ මෙම උපාංගය නිකුත්වෙනු ඇති බවටත් මේ වන විට බලාපොරොත්තු පලවෙමින් තිබෙනවා.
[ ... ]

Unlocker 1.9.2

       දෛනික පරිගණක භාවිතයේදී හමුවන ගැටලු අතර යම් ගොනුවක් වෙනත් තැනකට ගෙනයන්නට හෝ මකා දමන්නට තැත්දරන විටකදී හමුවන ගැටලුවක් වන්නේ මෙහෙයුම් පද්ධතිය විසින් එය ප්‍රතික්ෂේප කිරීමයි."මෙම ගොනුව භාවිතාවෙමින් තිබේ" වැනි හේතුවක ස්ඩමග සමග පැමිනෙන මෙම ප්‍රතික්ෂේප කිරීම මග හැරීමට නම් සමහර විටක ඔබගේ පරිගණකය නැවත ආරම්භ කිරීම වැනි පියවරකට යන්නට සිදුවේ.මෙම අන්ලොකර් නම් මෘදුකාංගය ඔබගේ සහයට පැමිනෙන්නේ මෙවැනි අවස්ථාවකදීය. ඉහත කී අවස්ථාව ප්‍රමුකව යම් ගොනුවක් ඔබට අවශ්‍ය ආකරයට හැසිරවීම ප්‍රථික්ශේප වන විට මෙම මෘදුකාංගය ඉදිරිපත්ව එම ගොනුව "අන්ලොක්" කරමින් ඔබට සහය වනු ඇත.
http://www.emptyloop.com/unlocker/Unlocker1.9.2.exe
[ ... ]

ෆොටෝෂොප් වින්ඩෝස් 8 ඇප් සංස්කරනයක් ලෙසට...

         ඇඩොබෙ ආයතනය තම සැලසුම්කර ඇති පරිදි ෆොටෝෂොප් වල වින්ඩෝස් 8 සදහා වන නිකුතුවට පෙර නොමිලේ භාවිතාකල හැකි වින්ඩෝස් 8 ඇප් මෘදුකංගයක් නිකුත්කරන්නට කටයුතු කර ඇති බවයි. එම ආයතනය පවසන්නේ මෙම නව ඇප් මෘදුකාංගය සමග ඡායාරුවක් සංස්කරනයේදී අවශ්‍යවන බොහෝ පහසුකම් වන බවයි. මෙම නව නිකුතුව වින්ඩෝස් ස්ටෝර් වල Photoshop Express  ලෙසට ලබා ගැනීමේ හැකියාව පවතින අතර ඇපල් හා ඇන්ඩ්‍රොයිඩ් වලදී මෙන් සාමාන්‍ය භාවිතාකරන්නන් අතර ජනංප්‍රියවනු ඇති බවටයි බලාපොරොත්තු පල කරන්නේ. මෙම නව සංස්කරනය සමග ඡායාරුවක පෙනුම වෙනස් කිරීමේදී වැදගත්වන ‍ෆිල්ටර්ස් 15කින් සමන්විත වන අතර ඡායාරුවක් ස්වංක්‍රීයව සැකසීමේ අංගය බ්‍රයිට්නස් සැකසිමේ හැකියාව ඇතුලු මූලික අවශ්‍යතා සියල්ලම වන බවයි දැක්වෙන්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ කුඩා ගාස්තුවක් යටතේ "Noise Reduction Pack" හා "minimize grain " වනි පහසුකම්ද මෙම නොමිලේ ලැබෙන  ඇප් පහසුවට එකතුකර ගැනීමේ හැකියාව පවතින බවයි.
[ ... ]

මයිරසොෆ්ට් ඔෆ්ෆීස් වෙබ් ඇප්ස් වලට අභියෝගයක්????

         වසරකට පමන පෙර ගූගල් ආයතනය විසින් අත්පත්කරගත්  QuickOffice   යනු  ස්මාර්ට් ෆෝන් හා ටැබ්ලට් සදහා ඇප් මෘදුකාංග නිර්මානය කරන අවකාශයක් වන අතර පලවන නවතම සටහන් පවසන්නේ මේ වන විට ගූගල් ආයතනය බ්‍රවුසරය සමග ක්‍රියාත්මක වන නොමිලේ භාවිතාකල හැකි ක්වික් ඔෆීස් සංස්කරනයක් නිකුත්කිරීම පිලිබදව අවධානය යොමුකර ඇති බවකි.දැනට ඇප් සංස්කරනයන් ලෙසට ක්‍රියාත්මක වන ක්වික් ඔෆ්ෆීස් මෘදුකාංග මයික්‍රසොෆ්ට් ඔෆීස් හි සියලුම ෆෝමැට්  සමග සහයෝගයෙන් ක්‍රියාත්මක වන අතර මෙම නව බ්‍රවුසර මිත්‍ර සංස්කරනය නිකුතුවක් වීම සමග මයික්‍රසොෆ්ට් වෙත යම් බලපෑමක් සිදුවනු ඇති බවටයි විචාරනය වෙමින් පවතින්නේ.
                           මයික්‍රසොෆ්ට් ආයතනයද පසුගිය සති කිහිපය සමග තම ඔෆ්‍ෆිස් ඇප් සදහා ප්‍රවර්ධන කටයුතු වැඩි අවධානයකින් ක්‍රියාත්මක කරමින් සිටින අතර පවසා සිටියේ ලගදීම තම ඔෆ්ෆීස් වෙන් ඇප් සදහා නව අංගකිහිපයක් හදුන්වාදීමට සූදානම් බවයි.වැඩිදුරටත් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම ඔෆ්ෆීස් ගොනු ක්වික් ඔෆ්ෆීස් සමග විවෘත කල විට තම ඔෆ්ෆීස් ඇප් සමග විවෘත කල විට ලැබෙන පෙනුමට වඩා බෙහෙවින් වෙනස් ආකාරයක් ගන්නා බවයි.
[ ... ]

යු ටියුබ් වසර 8ක් සපුරයි....

          වෙබ් අවකාශයතුල පවතින දෑ අතරින් සාමන්‍ය භාවිතාකරන්නෙකුට වඩාත් සමීප අංග අතර යු ටියුබ් අඩවිය  අමතක කල නොහැකිම අංගයක් ලෙසට පිලිගැනේ. අද දිනට වසර 8ක් සපුරන මෙම අඩවිය මේ මොහොත වන විට භාවිතාකරන්නන් අතර ජනංප්‍රියතාවයට හොදම සාධකයක් වන්නේ සාමන්‍යයෙන් විනාඩියකට පැය 100ක ධාවන කාලයක් ඇති වීඩියෝවන් මෙම අඩවිය වෙත නැංවෙමින් පැවතීමයි.ගූගල් ආයතනය පවසන්නේ 2013  වන විට යු ටියුබ් වෙත මාසිකව පැමිනෙන්නන්ගේ  පැමිනීම බිලියනය ඉක්මවමින් පවතින බවයි. මේ වන විට යු ටියුබ් හි මුදල් ගෙවා නැරබිය හැකි වැඩි පහසුකම් සහිත චැනලයන්ද ආරම්භකර ඇති අතර මයික්‍රසොෆ්ට් ආයතනය සමග වින්ඩෝස් ෆෝන් සදහාවන යු ටියුබ් ඇප් හි ක්‍රියාකාරීත්වය සමග ඒන වෙළඳ දැන්වීම් පිලිබදව ගැටලු සහිත බවක්ද මේ දිනවල කථා බහට ලක්වෙමින් පවතිනවා.
[ ... ]

ගූගල් ක්‍රෝම් භාවිතාකරන්නන් මිලියන 750 ඉක්මවයි...

         ගූගල් ආයතනය පවසන්නේ මේවන විට මිලියන 900ක් පමන ඇන්ඩ්‍රොයිඩ් උපාංග මේ වන විට සංක්‍රිය කර ඇති බවයි. එසේම ඇප්ස් බිලියන 48ක් ස්තාපනය කර ගැනීම් සටහන් වන බවත් ඔවුන් පවසා සිටිනවා. විචාරකයින් පවසන්නේ ඉදිරි මාස කිහිපය තුල ඇන්ඩ්‍රොයිඩ් සංක්‍රිය කරගැනීම් බිලියනය ඉක්මවීම සිදුවනු ඇති බවයි. එසේම ගූගල් ආයතනය පවසන්නේ තම ක්‍රෝම් බ්‍රවුසරය වෙතද සංක්‍රිය මට්ටමේ භාවිතාකරන්නන් මිලියන 750ක් රොක්ව ඇති බවයි. පසුගියදා තම ඇප් සංවර්ධකයින්ගේ හමුවේදී වැඩි දුරටත් එම ආයතනය පවසා සිටියේ ගෙවී ගිය මාස 12 සැලකීමේදී නව භාවිතාකරන්නන් මිලියන 300ක් තම ක්‍රොම් බ්‍රවුසර භාවිතයට පිවිසි බවයි.
[ ... ]

ගූගල් මැප් නව සංස්කරනයක් ලගදීම!!

      ගූගල් මැප් ගූගල් සේවාවන් අතරින් කැපී පෙනෙන සේවාවකි. පසුගිය දිනවල ගූගල් මැප් වල නව සංස්කරනයක් පිලිබදව නිල නොවන තොරතුරු පැතිරෙමින් තිබුනු අතර පසුගියදා ගූගල් ආයතනය එම තොරතුරු සනාත කරමින් නව සංස්කරනයක් මුදා හැරීමට තමන් සුදානම් බව ප්‍රකාශයට පත්කලාය. ඔවුන් පවසා සිටින්නේ සම්පූර්නයෙන්ම පෘතුවිතලය ආවර්නය වන පරිදි සජීවී සැටලයිට ඡායාරූ ඔස්සේ එම මොහොතේ පවතින වලාකුලු තත්වයන් පවා දැක්වෙන ලෙස ආවරනයක් ලබා දෙන්ම්නට ගූගල් මැප් සේවාව මේ නව සංස්කරනයත් සමග සූදානම් බවයි. පෘතුවියේ රාත්‍රී කොටසේ විදුලි පහන් ආලෝකය මෙන්ම පසුබිම් අහස් දර්ශනයත් ‍රැගෙන එන නව සේවාවේ දර්ශනයන් මේ දින වල පැවැතෙමින් ඇති සංවර්ධකයින්ගේ දැවැන්ත හමුවේදී මුල්වරට ප්‍රදර්ශනය කරන්නට  ඔවුන් කටයුතු කර තිබුනා. ආයතනය පසව සිටියේ තවත් නවාංග කිහිපයක් ලගදීම ගූගල් මැප් වෙත පැමිනෙන්නට නියමිත බවත් ඒවාත් සමග භවිතාකරන්නන් හට තම ඡායාරූ  නැවීමේ පහසුව ඇතුලු නවාංග කිහිපයක් වනු ඇති බවයි.
[ ... ]

ගූගල්+ වෙත නව දියුනු කිරීම් කිහිපයක් පැමිනේ...

             තම මෘදුකාංග සංවර්ධකයන්ගේ දැවැන්ත හමුවට සමාන්තරව ගූගල් ආයතනය තම ගූගල් ප්ලස් භාවිතාකරන්නන් වෙත නවාංග 41ක් හඳුන්වා දී තිබෙනවා. තම ගූගල් ප්ලස් සමාජ ජාලා  අඩවිය ඔස්සේ පමනක් හදුන්වාදී ඇති මෙම නව පහසුකම් සමග ජංගම මට්ටමේ උපාංග භාවිතය පහසු වීමත් ඡායාරූ බෙදා හදා ගැනීම වඩාත් පහසුකිරීමත් කැපී පෙනෙන අංගයන් වනවා. තම සමාජ ජාලා භාවිතාකරන්නෙකු පුලුල් තිර සහිත ජංගම උපාංගයකින් පැමිනෙන විට තීරු තුනක අවකාශයක් ඔස්සේ පල කිරීම් දැක බලා ගන්නට හැකිවීම සිත්ගන්නා සුලු වනු ඇති බවටයි එම ආයතනය පවසා සිටින්නේ. ස්වංක්‍රීයව ඡායාරූ සටහන් ටැග්වීමේ හැකියාව භාවිතාකරන්නාට අවශ්‍ය නම් පාලනය කිරීමේ හැකියාවකින් යුක්තව ඉදිරියේදී මුදා හැරෙන්නට නියමිත බවටත්  ගූගල් පවසා සිටිනවා. තවත් වැඩි අවධානයක්  ලැබෙනු ඇතැයි බලපොරොත්තු වන අංගයක් වන්නේ තම සමාජ ජාලය වෙත නැවෙන ඡායාරූවල තත්වය ඉහල නංවා ගැනීමට උපකාරී කර ගත හැකි ටූලයන්ය. මීට අමතරව ගූගල් සමාජ ජාලාවෙහි මුහුනත වඩාත් පැහැදිලි නවතාවයක් ගෙනෙන ලෙසට ලබාදී ඇති වෙනස්කම භාවිතාකරන්නනගේ සිත්ගන්නා සුලු කාරනයක් වනු ඇත.
[ ... ]

ලොව ධනවත්ම මිනිසා ලෙසට බිල්ගේට් මහතා යලි නම්වේ!!!!

        2007 දක්වා කාලයතුල මයික්‍රසොෆ්ට් සභාපති මිල් ගේට් මහතාව සදහන් කෙරුනේ ලොව ධනවත්ම මිනිසා ලෙසට වුවද මැක්සිකානු දුරකතන සමාගමක හිමි මහත්මයෙකු(mogul Carlos Slim) එම තැන ලබාගත්තා පමනක් නොව නොබෝදා වන තෙක්ම එම ස්ථාවරය ‍රැක ගැනීමටද සමත්විය.පලවන වාර්ථා පවසන්නේ ගෙවී ගිය දිනයේදී යලිත් මයික්‍රසොෆ්ට් සභාපතිතුමන් යලිත් ලොව ධන්මවත්ම මිනිසා ලෙසින් පෙරට විත් ඇති බවයි. ඒ ඩොලර් බිලියන 72.7ක ධනත්වයක හිමිත්වය වර්ථ කරමින් වන අතර පෙර කී මැක්සිකානු  ව්‍යාපාරික මහතා ලොව දෙවන ධනවත්ම ස්ථාවරය වාර්ථා කරමින් සිටින්නේ ඩොලර් බිලියන 72.1ක ධනවත් කමක හිමිත්වය වාර්ථාකරමින්ය.එම වර්ථා වැඩිදුරටත් සටහන් කරන්නේ මෙම ස්ථාවරයන්ගේ වෙනසක් සටහන් වන්නේ කොටස් වෙළඳ පොලෙහි සිදුව ඇති මයික්‍රසොෆ්ට් කොටස්වල වටිනාකම් ඉහලයාමත් සමග වන අතර 2013 වසරේදී බිල් මහතාගේ හිමිත්වය ඩොලර් බිලියන 10කින් ඉහලට යන අතර ස්ලිම් මහතාගේ කොටස්වල වටිනා කම ඩොලර් බිලියන 2කින් පහල වැටීම එම සෙලවීම ලෙසටයි  මේ වන විට බිල් ගේට් මහතා තම බිරිඳ සමග එක්ව ලොව දිලිඳු මිනිසුන් වෙනුවෙන් විශාල පරිමානයෙන් සුබසාධක කටයුතු වල නිරතවෙමින් තම ධනයෙන් සේවයක් කරමින් සිටින්නෙකු ලෙසටයි පිලිගැනෙන්නේ.
[ ... ]

වසර 500 පැරනි ඩොලර් මිලියන 30.8ක් "නෝට් බුක්" එකක්!!!!!

       ප්‍රකට මාධ්‍ය ආයතනයක් පසුගියදා මයික්‍රසොෆ්ට් සභාපතිතුමන්ගේ පෞද්ගලික කාර්යාලය තුලදී කල මාධ්‍ය හමුවක් ප්‍රචාරය කරනු ලැබුවා.බිල් ගේට් මහතා එහිදී තමන් සතු වටිනාතම "නෝට් බුක්" එකක් එහි මාධ්‍ය වේදියාට පෙන්වා දෙනු ලැබුවා. වසර 500 පැරනි  ලෙනීඩෝ ඩාවින්චි විසින් සටහන් කරනු ලැබූ පි‍ටු 72ක් සහිත එම සටහන් පොත 1994දී  බිල්ගේට් මහතා විසින් ඩෝලර් මිලියන 30.8කට මිලදීගෙන සුරක්ශිතව තබාගෙන සිටින තමන් සතු වටිනා තම සැමරුමක් ලෙසට පවසා සිටිනවා. මිනිස් බුද්ධියේ අපූර්වතම චලනයක් ලෙසට සැලකෙන එම සටහන් පෙල තුල නෙක සොබාදහමේ ක්‍රියාවන් තම කාල පරාසයට බොහෝ සෙයින් ඉදිරියෙන් වන ලෙසට ලෙනාඩෝ ඩාවින්චි නම් අපූර්වතම මිනිසා සටහන් කොට ඇතිබවටයි බිල් ගේට් මහතා සදහන් කොට සිටියේ.
www.siriwansa.com
 
[ ... ]

My Computer(XP) Computer(win7) This PC(win 8.1)

       සමහර විටක එය කුඩා වචනයක වෙනසක් ලෙසටද හැගීයන්නට පුලුවන. තවකෙකුට එය ගනන් නොගත යුතු තරමේ කුඩා චලනයක් ලෙසට හඳුනාගන්නට හැකිවනු ඇත. හදාරන්නන් පවසන්නේ සමහර කුඩා චලනයන් දෙස වුවද විමසිල්ලෙන් බලන විට වැදගත් අර්ථ රාශියක් ‍රැගෙන එන බවය. "මයි කම්පියුටර්" ලෙසට වින්ඩෝස් එක්ස් පී සමග ආ භාවිතාව වින්ඩෝස් 7 සමග "කම්පියුටර්" ලෙසට වෙනස් විය. එලබෙමින් ඇති වින්ඩෝස් බ්ලූ සංස්කරනයේ දැනට නිකුත්ව ඇති නොනිල සංස්කරනයන් යන්ගේ අවසන් පිටපතක් සැලකීමේදී එය "දිස් පී.සී" ලෙසට වෙනස්ව තිබීම හුදු පරිගණක භාවිතාවේ සීමාව තවදුරටත් ඔබ ඉදිරියේ ඇති භෞතික උපාංගය ඉක්මවන බවට මෙන්ම ඒ පිලිබදව වූ සම්ප්‍රධායික සිතුවිලි රටාව ඉක්මවන්නට කාලය පැමින ඇති බවට කරන ඉගියක් බදුය.
                                               උපාංගයෙන් උපාංගයට නිදහසේ ගලාගෙන යන භාවිතාවක්  යෝජනාවන නව භාවිතාව සමග වැදගත් ෆෝල්ඩර්ස් පහසුවෙන් බෙදා හදා හදා ගන්නට හැකිවන ලෙසට මෙහෙයුම් පද්ධතියේ මතුපිටට පැමින තිබීම අනාගතයේ පරිගණක භාවිතාව තුලදී උපාංග අනන්‍යතාවය සැගව ගොස් භාවිතාකරන්නා ප්‍රධාන වන නව ආකෘතිය නිර්මානයවීම ඇරබී ඇති බවට වැදගත් සධකයක් බවටයි හැදෑරීම් පෙන්වා දෙමින් සිටින්නේ.
[ ... ]

වින්ඩෝස් බ්ලූ පෙර සංස්කරනයක් ජූනි අග නිකුත්වනු ඇත...

     මයික්‍රසොෆ්ති වින්ඩෝස් අංශ ප්‍රධානීතුමිය පවසා සිටින්නේ තම ආයතනයේ මෙහෙයුම් පද්ධති වල මීලග  ප්‍රධන සංස්කරනය වන "වින්ඩෝස් බ්ලූ" වල  පෙර සංස්කරනයක් ජූනි මස අවසානයට පෙර නිකුත්වීමට නියමිත බවයි. ඇය පවසා සිටින්නේ වින්ඩෝස් 8 යනු අනාගත පරිගණක භාවිතාව පිලිබද  උදාහරනය ලෙසට සැලකිය හැකිබව වන අතර තවදුරටත් ඩෙස්ටොප් ආකෘතිය ප්‍රධාන පරිගණක භාවිතාව වලංගු නොවන බවයි.කෙමෙන් එක්ස්.පී මෙහෙයුම් පද්ධතිය භාවිතාවෙන් අත්හැරමෙන් පවතින බවත් වින්ඩෝස් 7 භාවිතය බහුල වෙමින් පවතින බවත් වින්ඩෝස්8 වෙත පැමිනෙන්නන් ප්‍රමානය ඉහලයෑමද සැලකිය යුතු මට්ටමක පවතින බවටත් ඇය සදහන් කොට සිටිනවා.
[ ... ]

යු ටියුබ් මුදල් ගෙවා නැරබිය යුතු චැනලයන් ඇරබේ....

    ගූගල් ආයතනයෙන් පිරිනැමෙන තවත් ප්‍රකටතම සේවාවක් වන යු ටියුබ්  අඩවියෙහි මුදල් ගෙවා නැරබිය හැකි චැනලයන් කිහිපයක් ඇරබීමේ සැලසුම මේ වන විට ක්‍රමයෙන් ඇරබී ඇති බවටයි තොරතුරු පවසන්නේ. ඔවුන් පවසන්නේ ඩොලර් ශත 99 සිට 2.99 දක්වා වන මිලයටතේ යුටියුබ් චැනලයන් 50ක් පමන මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇති අතර දින 14ක නොමිලේ ලැබෙන අත්හදා බැලීමේ කාලයක්ද ලබා ගත හැකි බවටයි ඔවුන් පවසන්නේ. කුඩා දරුවන් සදහා වන චැනලයන් ස්වභාවික පරිසරය ආදී විවිධ වටිනාකම් සහිත චැනලයන් මේ වන විට මෙම සේවාව යටතේ ක්‍රියාත්මක අතර ඉදිරියේදී ප්‍රකට සිනමා සමාගම් කිහිපයක්  යටතේ වන යු ටියුබ් චැනලයන් සැලසුම් වෙමින් පවතින බවටයි වැඩිදුරටත් සදහන් කරන්නේ.
[ ... ]

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 භාවිතාකරන්නන් වෙත අනතුරු ඇඟවේ.......

          ගෙවීගිය සිකුරාදා වන විට මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටියේ  ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 8 හි පෙර සැකසුම් දුර්වලතාවය තමන් හදුනා ගෙන ඇති බවයි. ආයතනිකව බහුල භාවිතයක් ඇති මෙම බ්‍රවුසර දුර්වලතාවය ඔස්සේ  වෙබ් අඩවි වෙත හානිකර මෘදුකාංග ආකාරයේ ආසාදනයන්හට පහසුවෙන් විවරවීමේ හැකියාව පිලිබදවද ඔවුන් අනතුරු අගවා සිටින්නට යෙදෙනු ලැබුවා.පලවන නවතම වාර්ථා පවසන්නේ ප්‍රකට පෙලේ වෙබ් අඩවි කිහිපයක්ම මේ වන විට හානිකර මෘදුකාංග ඔස්සේ ආසාධිතව තම අඩවි වෙත පැමිනෙන්නන් වෙනත් අඩවි වෙත හරවා යැවීමේ තත්වය  වෙත මේ වන විට පත්ව ඇති බවයි. ඇමරිකානු රාජ්‍ය මට්ටමේ ආයතන කිහිපයක් ඇතුලු වෙබ් අඩවි 9ක් මේ වන විට මෙම තත්වය පෙන්නුම් කරමින් සිටින බවටයි වාර්ථා පවසන්නේ.
                                  මේ වන විට මයික්‍රසොෆ්ට් ආයතනය පවසා සිටින්නේ මෙම දුර්වලතාවය සදහා තම ආයතනයේ අවධානය යොමුව ඇති බවත් පිලිසකර යාවත්කාලීනයන් සදහා කටයුතු කරමින් සිටින බවත් වන අතර එහි නිකුතුව පිලිබදව දින වකවානු නිකුත් කර නොමැති වෙනවා. කෙසේ වෙතත් භාවිතාකරන්නන් හට මේ වන විටත් උපදෙස් නිකුත්ව ඇත්තේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 9 හෝ 10 වෙත තම බ්‍රවුසර සංස්කරනය ඉහල නංව ගැනීමට කටයුතු කිරීම වැදගත් වන බවයි.
[ ... ]

වින්ඩෝස් 8 බලපත්‍ර නිකුතුව මිලියන 100 ඉක්මවයි.....

          මයික්‍රොසොෆ්ට් පවසන්නේ තම වින්ඩෝස් 8 මෘදුකංගය සදහා  බලපත්‍ර නිකුතුවන් මිලියන 100යේ සීමාව  මේ වන විට ඉක්මවා ඇති බවයි.මෙම වසරේ ජනවාරි වන විට මෙම සංක්‍යාව මිලියන 60ක සීමාවේ පැවති බවටයි පෙරදී සටහන්ව තිබුනේ.එසේම නිල ලෙස වින්ඩෝස්8 සදහා  නිර්දේශ සහතික ලත් උපාංග සංක්‍යාව 2400 දක්වා ඉහල ගොස් ඇති බවයි. වින්ඩෝස් 8 මෙහෙයුම් පද්ධතිය මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය ඔක්තෝබර මාසයේ නිකුත්කල අතර ගතව ගොස් ඇති මාස 6.5ක කාලය සලකන විට මාසිකව මිලියන 15ක වේගයකින් නව වින්ඩෝස් 8 බලපත්‍ර අලවියක් සිදුවෙමින් පවතින බවටයි ගනනය වෙමින් ඇත්තේ. වැඩි දුරටත් ඔවුන් පවසන්නේ වසරේ පලමු භාගය තුල සාමන්‍යයෙන් සිදුවන පරිදි මෙහෙයුම් පද්ධති අලවියේ පහල වැටීම මේ වන විට අත්විඳිමින් තිබෙන බවයි.
                                 වින්ඩෝස් 8 ඇප් ස්ටෝර්ව සැලකීමේදී මිලියන 250ක ඇප් බාගත කිරීමක් මේවන විට වාර්ථාවෙමින් පවතින බවට සටහන් වන අතර ස්කයිඩ්‍රයිව් භාවිතය මිලියන 250 දක්වා ඉහල ගොස් ඇති බවටත් වාර්ථා පවසමින් සිටිනවා.
[ ... ]

ඔබගේ මුහුනට මවුසයක්ද වියහැක??????

          මයික්‍රසොෆ්ට් ආයතනය තම ක්නෙක්ට් තාක්ශනය මේවන විට සාමන්‍ය පරිගණකය වෙතටද ‍රැගෙන එන්නට කටයුතු කරමින් සිටී. මිට පෙර වාර්ථ වූ පරිදි දෑතේ චලනයන් ඔස්සේ පරිගණක මවුසයේ කාර්යභාරය ඉ‍ටුකර දෙන්නට සමත් මෘදුකාංගයක් සංවර්ධනය කෙරෙහි ආයතනය කටයුතු කරමින් සිටින ලද අතර නවතම වාර්ථා පවසන්නේ ඔබගේ මුහුනේ චලනයන් කර්සරයේ චලනයන් බවටත් දෙනෙත් වල චලනයන් මවුසයේ ක්ලික් විධානයන් බවට පත්කිරීමටත් හැකිවන ආකාරයේ මෘදුකාංග ගොඩ නැගීමක් මේ වන විට සාර්ථකව අවසන් වෙමින් පවතින බවයි. පහත දැක්වෙන වීඩියෝව ඔස්සේ මෙම ගොඩ නැගීම පිලිබදව අදහසක් ඔබටත් ලබා ගන්නට හැකිවනු ඇති අතර ආයතනය මුලින්ම මවුසයක් හදුන්වාදී වසර 30 සපිරෙන මොහොතකදී හදුන්වා දෙන මෙම නව තාක්ශනික භාවිතාව (FaceMouse) තොරතුරු තාක්ශනයේ වේගවත් වර්ධනය පැහැදිලි කරන්නක් බවටයි පිලිගැනෙන්නේ.

 
[ ... ]

Outlook.com සමග මිලියන 400ක භාවිතාකරන්නන් පිරිසක්......

             මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ තම Outlook.com ඊමේල් සේවා වෙබ් අඩවිය සමග මේ වන විට මිලියන 400ක සංක්‍රීය භාවිතාකරන්නන් පිරිසක් එක්ව සිටින බවයි. ඒතුල මිලියන 125ක්ම මොබයිල් ආකාරයේ භවිතාකරන්නන් වන බවත් ඔවුන් පවසා සිටිනවා. 2012 ජූලි මාසයේ මුලින්ම මෙම නව වෙබ් සේවාව ඇරබි අතර ක්‍රමයෙන් වඩ වඩාත් අමතර සේවාවන් හදුන්වා දෙමින් තම තරගකාරී ජීමේල් සේවාවට වඩා ඉදිරියට පැමිනෙන්නට කටයුතු කරමින් සිටිනවා. මෑතකදී තම ස්කයිප් සේවාවද යාකරමින් තම වෙබ් මේල් ගිනුම මතම සිටිමින් පහසුවෙන් එහි සබදතාවලට දුරකථන ඇමතුම් ගැනීමේ පහසුවද ලබා දෙනු ලබුවා. අද හදුන්වා දුන් SMTP send සමග පහසුවෙන් වෙනත් ඊමේල් ලිපිනයන් සමග කටයුතු කිරීමේ හැකියාව ලැබෙන බවටයි ආයතනය පවසා සිටින්නේ. තම පැරනි සේවාවක්වූ හොට්මේල් භාවිතාකරන්නන්ගේ සියලු තොරතුරු මයික්‍රසොෆ්ට් ආයතනය විසින් නව සේවාව වෙතට නංවා ඇති අතර පෙටාබයිට 150ක දත්තයන් සති කිහිපයක් තුලදී ගැටලුවකින් තොරව හුවමාරුකරන්නට තමන්ට හැකිවූ බවටයි පවසා සිටින්නේ.
[ ... ]

මයික්‍රසොෆ්ට් ප්‍රථම මවුසයට වසර 30ක් සපිරේ...

           1983 මැයි මස 2දා මයික්‍රසොෆ්ට් සමාගම තම ප්‍රථම මවුසය වෙළඳ පොල වෙතට නිකුත්කරන ලදී. එම නිකුතුව සිදුව වසර 30ක් අවසන්ව ඇති මෙම මොහොතවන විට ස්පර්ශක තිර මිත්‍ර වින්ඩෝස් 8 නිකුත් කරමින් පරිගණක භවිතාව නව කඩ ඉමකට ‍රැගෙන යන්නට එම ආයතනය කටයුතු කර ඇතුවා මෙන්ම වඩාත් කායක්ශම මවුසයක් වෙනුවෙන් තවමත් අත්හදා බැලීම් සිදුවෙමින් පවතින බවටයි දක්නට ලැබෙන්නේ.තම ප්‍රථම මවුසය  සංස්කරන දෙකකින් නිකුත්කරන්නට එවකට මයික්‍රසොෆ්ට් ආයතනය ක්‍රියාකල අතර එකක් අයිබීඑම් පරිගණක සදහාත් අනෙක එම් එස්-ඩොස් සදහාත්වූ බවටයි සඳහන් වන්නේ.මුලදී යාන්ත්‍රික ක්‍රියාකාරීත්වයකින් සැදි මවුසයක් වූ මුත් මේ වන විට ලෙසර් ආශ්‍රිතව ක්‍රියත්මක වන මවුසයන් භාවිතාවෙමින් ඇති අතර තවමත් ඩෙස්ටොප් පරිගණක භාවිතාකරන්නන් අතර වඩාත් ජනංප්‍රිය භාවිතාව වන්නේ කීබෝර්ඩ් මවුස් මූලික පරිගණකය මෙහෙයවීම බවටයි පිලිගැනෙන්නේ.
[ ... ]

බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්‍රික පලදනාවකට වඩා යමක්.........

...............එය ප්‍.රකට විද්වතෙකුගේ ආරාධිත දේශනයක් වූවාය. මිනිසුන් සදහා සියල්ල පමනකම නොව දියුනු උපාංග සදහාද මිනිස් ජීවන රටා උස්තල ගැන්විය යුතු තැන්ද ඇති බවට කලාන්තිරයක් තිස්සේ ප්‍රායෝගිකව ඔප්පු වෙමින් ඇති මුත් සාමන්‍ය නොසලකා හැර ඇති කාරනය නැවත මිනිස් කථබහට කැදවන්නට පුරෝගාමී කාර්යයක් ඉ‍ටුකල මිනිසුකුද වූවාය."බොහෝ විට දේශපාලනික , සංස්කෘතික , ආගමික පමනක්ම නොව කලාතුරකින් ගෝත්‍රික සම්මතයන් අනූව යමින් දියුනුවන  විෂයන් මිනිස් වර්ගයා වෙත ගෙනවිත් ඇති වඩාත් දියුනු හුරු පුරුදු ප්‍රතික්ශේප කරන යුරු දකින විට මහත් කනගා‍ටුවක් ඇතිවේ" ඔහු තම දේශය අරබමින් පැවසුවාය.දශක කිහිපයකට පෙර ලොව විසූ භෞතික විද්‍යාව පිලිබදව ප්‍රවීනයෙකු යලිත් ඉස්මතුකර පෙන්වූ මතවාදයක් වූ පෘතුවි මිනිස් වර්ගයා තවමත් ඉතා පාථමික අවස්ථාවක සිටින බවත් තම ජීවිත වලට බලපාමින් සිටින කාලගුනය වැනි කාරනාවක් වත් පාලනය කරගැනීමට නොහැකි මට්ටමේ සිට තම හිරුමඬල පමනක් නොව වෙනත් මන්දාකිනි විනිවිද යමින් විශ්වය තම නිවහන කර ගත් දියුනු සංස්කෘතියක් දක්වා වන බොහෝ දුරක් යාමට ඇති බවත් ඔහු යෝජනාකරමින් සිටි ආකාරය විස්තර කර දුන්නාය. "සමහර විටක තාක්ශනය වඩා ඉක්මන් වූවා විය හැකියි. ඒ දියුනු තාක්ශනික රටා ඉල්ලා සිටි වඩාත් දියුනු මිනිසා නිර්මානය කරන්නට ස්වාභාවික ජීව ක්‍රියාවලියට කල් මදි වූවාද වෙන්නට පුලුවන්. බොහෝ දියුනු උපාංග සමහර භාවිතාකරන්නන් සදහා ගෝත්‍රික පලදනාවකට වඩා යමක් වන්නට බැරිවිම හරිම කනගා‍ටු දායක තත්වයක්ද වුනා..........
[ ... ]

මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට .......

මද වෙහෙසකර වුවත් ප්‍රබෝධය විසින් ඒ සියල්ල යටපත් කරවන මිනිස් වර්ගයාගේ දත්ත විෂය පිලිබද බහුමානී චාරිකාව අවසන් අදියරට ලංවෙමින් සිටියෙමු. පසුවදනක් ඇරබින. "ඔබ ඒ පසුකරමින් සිටියේ දත්ත මිනිසාගේ අද දක්වා වූ අපූරු කතාන්දරයේ අතිශය කෙටි සංශිප්තයකට පමනී. කැපී පෙනෙන හැරවුම් ලක්ෂ හා මිනිසුන් ගැන එම සටහන සෑම සත්‍යට බොහෝ දුරකට ලංව ඇතැයි මම විස්වාශ කරමි. බොහෝ අපූරත්වයන් පෘතුවිය මතට ගෙන ආ තවත් මිනිසුන් කොටසක් සටහනක් නොතබාම පෘතුවිය හැරගොස් ඇති බව කරුනාකර අමතක නොකරන්න. ඔබ පිවිසෙමින් ඇති භූමිය අපූරු මිනිසුන් බිහිකරන තැනක් නොවේ.සමහර විට ඔබගේ අපූරු බව මද පසුබෑමකට ලක් කරන තැනක්ද විය හැකිය. මෙතැනදී ඔබට ලැබෙනුයේ අතීත දැනුම පමනකි. ඊට අමතරව සුලු අනාගත නිර්මාණශීලීත්වයකට උත්සාහ ගන්නවා ඇත. මෙහිදී ඔබට ලැබෙන සමහර තීර්නාත්මක බුද්ධිකාරනා නිර්මානය කල සමහර මිනිසුන් තම ජීවිතකාලය තුල කවරදාකවත් උසස් අධ්‍යාපන ආයතන තබා ද්විතීක අධ්‍යාපනය ආයතනයකට පවා ගොඩ නොවුවන් බව මා ඔබට මතක්කරදෙන්නේ ඔවුනට අපහාස කරන්නට හෝ ඔබේ මේ පිවිසුම අවතක්සේරු කරනු සදහා නොවේ. දැනුම සමහරවිට මහා කලුගල්සේ ඔබව ඔබව ඇද බැද තබන්නට පෙලබෙනු ඇත. එහෙත් නිර්මානශීලී මිනිසුන් එයින්ම විසල් මුත් සැහැල්ලු අත්ත‍ටු නිර්මානය කොටගෙන අනගතයට නිදහසේ පියබා යති. ඔබත් දෙවන වර්ගයේ මිනිසෙකු වනු දැකීම මගේ පැතුමයි. ස්තුතියි.... මම බීටාව.
www.siriwansa.com
 
[ ... ]

වින්ඩෝස් ෆෝන් සදහා ෆේස්බුක් නව ඇප් බීටාවක් නිකුත්වේ.........

                 මයික්‍රසොෆ්ට් ආයතනය තම වින්ඩෝස් දුරකථනය සදහා ෆේස්බුක් ඇප් මෘදුකාංගයක බීටා සංස්කරනයක් මේ වන විට නිකුත්කොට තිබෙනවා.ආයතනය පවසන්නේ ෆේස්බුක් සදහා වන තම නිල ඇප් මෘදුකාංගයේ මෙම පෙර සංස්කරනය සමග ඉදිරියේදී පැමිනෙන්නට නියමිත අවසන් මෘදුකාංගය සදහාවන විශේෂත්වයන් බොහොමයක් දැකිය හැකිවනු ඇති බවයි. ඔවුන් පවසන්නේ දැනටමත් වැඩි ඉල්ලුමක් සහිත කාරනාවන් වන සුපැහැදිලි ඡායාරූ සටහන් , පලකිරීම් පහසු වෙන් බෙදාහදා ගැනීම් , ෆේස්බුක් ටයිම් ලයිනය මෙම නව ඇප් නිකුතුව සමග වැඩි පහසුවෙන් භාවිතාකරන්නන් වෙත ‍රැගෙන විත් ඇති බවයි.මෙම නව බීටා මෘදුකාංගය තම ඇප්ස් ස්ටෝර්ව තුල අඩංගු නොවන අතර එය පහත දැක්වෙන සබදතාවය ඔස්සේ ලබා ගත හැකිවනු බව අතර දැනට භාවිතාවන ෆේස්බුක් ඇප් සංස්කරනය (version 4.2.1) සමග වෙන වෙනම ගැටලුවකින් තොරව ධාවනය කිරීමට හැකිවනු ඇති බවයි.
[ ... ]

වින්ඩෝස් 8.1 සමග alarm ඇප් මෘදුකාංගයක්!!!!

            පැමිනෙන්නට නියමිත වින්ඩෝස් 8.1 කෙරෙහි ඇත්තේ මහත් අවධානයකි. ලොව වටා වෙසෙන නෙක හාදාරන්නන් වින්ඩෝස් 8.1 සමග පැමිනෙන නවතාවයන් පිලිබදව නිරන්තරයෙන් විමසිල්ලෙන් සිටී. මේ වන විට බිල්ට් 9385 සංස්කරනයේ නොනිල පිටපතක් අන්තර්ජාලයට මුදහැරෙන තෙක් ඔවුන් බලා සිටින අතර දැනට නිකුත්ව ඇති වාර්ථාවලට අනූව මෙහෙයුම් පද්ධතියේ සුමට ගලායාම හා වඩාත් විස්වාසනීය ශක්තිමත් බව වැනි ගුනාංග වල වැඩි දියුනුකිරීම් බොහොමකින් සමන්විත වන බවටයි බලපොරොත්තු පලවන්නේ. නිකුත්ව ඇති අලුත්ම ඡායසටහනක් පවසන්නේ නව සංස්කරනය සමග නවාංගයක් ලෙසට ඇප්මෘදුකාංගයක් ලෙස alarm හදුන්වා දීමක් පිලිබදවය.notification center  හා lock ස්ක්‍රීන් වලදී හමුවන්නට නියමිත මෙම නවාංගයේ වැඩිදුර විස්තර තවමත් හෙලිවී නැති අතර ඉදිරි දින කිහිපය තුලදී නොනිල ලෙස පිටවෙතැයි බල පොරොත්තුවන නව සංස්කරන පිටපත සමග මෙම ගැටලුව වෙත පැහැදිලි පිලිතුරක් ලැබෙනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
[ ... ]

ස්කයිප් හා Outlook.com එකිනෙක යාවීම ඇරබේ..........

        මයික්‍රසොෆ්ට් ආයතනය මේ වන විට තම අවුට්ලුක් වෙබ් අඩවිය මූලික මේල් සේවාව සඳහා ස්කයිප් හි පෙර සංස්කරනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනූව Outlook.com වෙබ් අඩවියේ සිටම භාවිතාකරන්නෙකුහට ස්කයිප් ඇමතුමක් මෙන්ම ක්ශනික පනිවිඬයක් යැවීමේ හැකියාව ලබෙනු ඇත.බ්‍රවුසර ප්ලගීනයක්(browser plugin) ලෙසට මෙම පහසුව ලබාගත හැකි වනු ඇත. දැනට එක්සත් රාජධානියේ භාවිතාකරන්නන් වෙත පමනක් නිකුත්ව ඇති මෙම අත්හදා බැලීමේ සංස්කරනය මීලට ඇමරිකානු භාවිතාකරන්නන් හටත් ජර්මානු භාවිතාකරන්නන් හටත් ඉන් අනතුරුව ක්‍රමයෙන් සෙසු භාවිතාකරන්නන් වෙතටත් මුදා හැරීමට සැලසුම් කර ඇති බවටයි ආයතනය පවසන්නේ. ආයතනය ලබා දෙන උපදෙස් වලට අනූව පැවසෙන්නේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා, ක්‍රෝම් හා ෆයර්ෆොක්ස් යන සියලුම ප්‍රධන පෙලේ බ්‍රවුසරයන්ගේ නව සංස්කරනයන් සදහා එම නව ප්ලගීනය බාගත කර අනතුරුව තම ස්කයිප් ගිනුම Outlook.com වෙතට සම්බන්ද කරගත යුතු බවට හා දැනට ස්කයිප් භාව්තාකරමින් සිටින්නන් සදහා තම ස්කයිප් ගිනුම Outlook.com අඩවිය හා සම්බන්ද කර ගැනිමේන්  මෙම පහසුව අත්විඳින්න හැකිවනු ඇති බවටයි .මයික්‍ර සොෆ්ට් ආයතනය ස්කයිප් සේවාව වසර කිහිපයකට පෙර මිළඳී ගන්නට තීර්නය කරන ලද අතර Outlook.com යනු එම ආයතනයේම නොමිළේ ලබා දෙන ඊමේල් සේවාවක්ද වනවා.
[ ... ]

වඩාත් ස්වාභාවික වෙමින් ඇති ග්‍ර‍ෆික් තාක්ශනය......

       පරිගණක ක්‍රීඩා ප්‍රමුක ග්‍ර‍ෆික් ආකාරයේ ගොඩ නැගීම් පරිගණක හැකියාවන්ගේ එක් හැකියා මායිමක අපූරත්වය මනාව පෙන්වන්නෙකි. වේගයෙන් දියුනු වන ප්‍රොසෙසර් හැකියාවන් එම ග්‍ර‍ෆික් ගොනැගීම් වඩාත් ස්වාභාවිකත්වයට ‍රැගෙන යන්නේ හෙට දිනයේ නිර්මාණය විය හැකි වඩාත් අපූර්න අත්දැකීම් පිලිබදව සිතන්නෙකුව අසරන කරමින්ය. ප්‍රකට NVIDIA  ආයතනයේ වැඩසටහන් නිර්මාණකරුවෙකු ගෙවී ගිය සතියේ අන්තර්ජාලය වෙත මුදා හැරතිබූ වීඩියෝ පටයකින් හදුන්වාදුන්නේද එවන් අපූරු අත්දැකීමකි. වඩාත් ස්වාභාවිකව හැසිරෙන ජල රලක ස්වභාවය පෙන්වන මෙම ගොඩ නැගීම ඔහු හදුන්වාදී තිබුනේPosition Based Fluidsලෙසටය. පහත දැක්වෙන සබදතාවය ඔස්සේ පිවිසෙන ඔබටත් එම වීඩියෝව නැරබීමේ හැකියාව ලැබෙනු ඇත.
 
 
[ ... ]

ක්‍රොම් බ්‍රවුසරය ඔස්සේ මයික්‍රොසොෆ්ට් ඔෆීස් ගොනුද දැන් දිග හැරිය හැක.......

          මයික්‍රසොෆ්ට් මෘදුකාංග අතර ඔෆීස් මෘදුකංගයට භාවිතාව තුල හිමි වන්නේ ඉහලම ස්ථානයකි. අද ගූගල් ආයතනය පැවසුවේ තම ක්‍රෝම් බ්‍රවුසරය තුල මයික්‍රසොෆ්ට් ඔෆීස් ගොනු දිග හැරීමට සහයවන මෘදු සහයකයෙකු ගේ බීටා සංස්කරනයක් තමන් නිකුත්කර බවයි.  Chrome Office Viewer ලෙසට නම් වන මෙම හදුන්වාදීම  ඔස්සේ වැර්ඩ්, එක්සෙල් , පවර් පොයින්ට් වැනි ගොනු ක්‍රෝම් බ්‍රවුසරය මතදීම දිග හැරීමට හැකිවන අතර එම අත්දැකීම ක්‍රෝම් මතදී පීඩීඑෆ් ගොනුවක් කියවීමේදී ලැබෙන අත්දැකීමට සමාන වනු ඇති බවටයි පැවසෙන්නේ. ගූගල් ආයතනය මීට පෙරදී මෙම පහසුව ක්‍රෝම්බුක්  භාවිතාකරන්නන් හට පමනක් හිමිවන ලෙසට නිකුත්කර තිබූ අතර මෙතැන් සිට සියලුම භාවිතාකරන්නන් හට විවෘත වනු ඇත. ගූගල් පවසන්නේ තවමත් බීටා මට්ටමේ පවතින මෙම සංස්කරනය සමහර විටක මද ගැටලු සහිත බවක් පෙන්වන්නට ඉඩ ඇති මුත් ඉදිරියේදී නිකුත්වන සංම්පූර්න සංස්කරනය සමග එම ගැටලු සහිත බව විසදෙනු ඇති බවය.එසේම ආයතනය පවසන්නේ දිග හැරෙන ගොනු වෙතින් පෞද්ගලික කරුනු අන්සතුවීම වැලක්වීම සදහා සැන්ඩ් බොක්ස් ආකරයේ ආරක්ශක උපංක්‍රමයන් වලින් මෙම නව හදුන්වාදීම සම්න්විත වන බවය.
https://chrome.google.com/webstore/detail/chrome-office-viewer/gbkeegbaiigmenfmjfclcdgdpimamgkj?hl=en#detail/chrome-office-viewer/gbkeegbaiigmenfmjfclcdgdpimamgkj?hl=en
[ ... ]

මයික්‍රසොෆ්ට් ආයතනයත් "ඔන් ලයින්" වෙළඳ පොලට පිවිසෙයි!!

          ඔබගේ නෙක පාරිභෝගික අවශ්‍යතාවන් සදහා දිනකට වෙබ් අඩවි කිහිපයක් කරා යන්නට සිදුවීම සාමන්‍ය කරුනකි.වඩාත් හොදම වෙළඳ විසදුම වඩත් අඩුම මිළකට ලබා ගැනීම ඔබගේ ඉලක්කය වනවා ඇත. මයික්‍රසොෆ්ට් ආයතනය අද හදුන්වාදුන් වෙළඳ අඩවිය ඔස්සේ ඇමරිකානුවෙකුට පහසුවෙන් තම අවශ්‍යතාවයන් මිළදී ගැනීමේදී එකම අඩවියකදී තමන්ට ඇති විවිධ නිෂ්පාදන විසදුම අතරින් වඩාත් ගැලපෙන මිලදී ගැනීම සිදුකර ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. ආයතනය පවසන්නේ වෙළ්ඳ නාම , කී වර්ඩ් , වර්ගීකරනයන් වැනි විවිද ක්‍රම ඔසේ තම අවශ්‍ය තාවය වඩාත් පහසුවෙන් හොයා හදුනා ගන්නට සහය වන මෙම නව වෙළඳ අඩවිය මත සියලුම ජනංප්‍රිය මට්ටමේ වෙළඳ භාණ්ඩ මෙන්ම සේවාවන් පිලිබදව තොරතුරු ලබා ගන්නට හැකිවනවා මෙන්ම ඊමේල් වැනි පහසුවක් ඔස්සේ ඉදිරියේදී අඩවිය මත පලවන වෙළඳ විසදුම් පිලිබදව කරුනු දැන ගැනීමේ අවස්ථාවද තම භාවිතාකරන්නන් හට ලැබෙනු ඇති බවයි.

http://www.bing.com/offers#/e42a438e-79d9-76e9-4c93-5beade890f66
[ ... ]

උබුන්‍ටුහි නවතම සංස්කරනයක් නිකුත්වේ....

     ලොව වඩාත්ම ජනංප්‍රිය නිදහස් මෙහෙයුම් පද්ධතිය වන උබුන්‍ටු හි නවතම සංස්කරනය මේ වන විට අන්තර්ජාලයවෙත මුදා හැර ඇති බවටයි නිවේදනය වෙන්නේ.  Raring Ringtail හෝ Ubuntu 13.04 ලෙසට හදුනා ගත හැකි මෙම මෙහෙයුම් පද්ධතියේ නව සංස්කරනය සමග භාවිතාකරන්නාහට එක එල්ලේ හදුනා ගත නොහැකි මුත් අභ්‍යන්තරිකව ක්‍රියාත්මක වන දියුනු කිරිම් රාශියකින් මෙන්ම සාමන්‍ය භාවිතාවේදීද හමුවන දියුනු කිරීම් කිහිපයකින්ද සමන්විත වනවා. මාස 6 කට වරක් නව සංස්කරනයක් නිකුත්කිරිමේ රටාවට අනූව නිකුත්වන මෙම සංස්කරනයේ නාමය අප්‍රිකානු වචන භාවිතාවක් ඇසුරින් කර ඇති අතර එහි තේරුම වන්නේ "අනෙකාට මානුෂික" වීම වැනි අදහසක් වන අතර විශාල පිරිසකගේ නොමිළේ වන ශ්‍රම දායකත්වයෙන් යුත්වන මෙවන් නිකුතූන් සදහා මෙම නාමය වඩාත් ගැලපෙන බවටයි විචාරකයින් පවසන්නේ. පහත දැක්වෙන ලිපිනය ඔස්සේ පිවිසීමෙන් ඔබටත් උබුන්‍ටු හි නවතම සංස්කරනය ලබ ගන්නට හැකිවනු ඇත.
 
[ ... ]

‍ටුවිටර් වෙතටත් "ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමය" අත්හදා බැලෙමින් තිබෙන බවට.......

             ගෙවී ගිය මෑත භාගයේදී මයික්‍රසොෆ්ට් ආයතනය තම ගිනුම් වෙත ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමය හදුන්වා දෙන්නට කටයුතු කරනු ලැබුවා. ක්‍රමයෙන් බහුලවෙමින් පවතින අනවසර පිවිසීම් පාලනයෙහි ලා තරමක හෝ තවමත් වලංගු භාවයක් දක්වන මෙම ක්‍රමවේදය ෆේස්බුක් වැනි සමාජ ජාලා අඩවි වල පමනක් නොව ගූගල් ආයතනය සපයන සේවාවන් වලදීද භාවිතාකරන්නන් හට ක්‍රියාත්මක කරගන්නට අවස්ථාව ලබාදෙනු ලබමින් සිටිනවා. පැතිරෙමින් ඇති ආරන්චි පවසන්නේ ‍ටුවිටර් ගිනුම් වෙතද මෙම ක්‍රමවේදයේ ආරක්ශාව සැලසීම කෙරෙහි ඔවුනගේ අවධනය ටොමුවි ඇති බවකි. මෑතකදීද අනවසර පිවිසීමක් ඔස්සේ ප්‍රකට පුවත් පතක් සම්බන්ද ‍ටුවිටර් ගිනුමක් මත ලොව බලගතු ස්ථානයක් පිලිබදව පලවූ ව්‍යාජ පුවතක් ක්ශනිකව අවධානය යොමුවීම නිසා පැතිරීම පාලනය කරගැනීමට හැකිවූ මුත් තව දුරටත් මෙවැනි තත්වයන් උද්ගතවීම පාලනය කිරිම සදහා මෙම පියවර ගනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ. දැනටමත ආයතන තුල අත්හදා බැලීමේ මට්ටමෙන් ක්‍රියාත්මක මෙම ද්විත්ව පියවර ආරක්ශනය ක්‍රමය ඉතා ඉක්මනින් සාමන්‍ය භාවිතාකරන්නන් සදහාද මුදා හැරෙනු ඇතිබවටයි සටහන් වන්නේ.
[ ... ]

තොරතුරු ලෝකයට "ආශ්චර්යමත්" නිෂ්පාදන පෙලක් 2014 ‍රැගෙන එනවා!!! -ඇපල් -

        ඇපල් ආයතනයේ 2013 වසරේ මුල් කාර්තුවේ වෙළඳ ඉලක්ක සපුරාලීම් තෘප්තිමත් මට්ටමක නොපැවතුනද ආයතනය එලබෙන වසරේ නිකුත්වීමට නියමිත නිෂ්පාදනයන් සදහා යුහුසුලුව  කටයුතු කරමින් සිටින බවටයි එහි විධායකයෙකු අද පැවති හමුවක දී පවසා සිටියේ. ඔහු අවධාරනය කොට සිටියේ "ඔබ පුදුමයට පත්කරන ආකාරයේ දෘඩාංග මෘදුකාංග හා සේවාවන් කිහිපයක්ම එලබෙන 2014 වසරේ ‍රැගෙන ඒමට ඇපල් ආයතනය සූදානම් වෙමින් සිටින" බවයි. එතරම් පැහැදිලි කරුනු හෙලි නොවුනද ඔහු පවසා සිටි නව ආරක  නිෂ්පාදන අතර IOS මූලික අයි-වොච් මෙන්ම වෙනස් ආරක් ගත් රූපවාහිනී උපාංගයක් වැනි අත්දැකීම් ඉදිරියේදී ඇපල් ආයතනය වෙතින් බලපොරොත්තු විය හැකි බවටයි විචාරකයින් පවසා සිටින්නේ. කෙසේ මුත් ඔහු වැඩි දුරටත් පවසා සිටියේ තම ආයතනය තවදුරටත් අයිෆෝන් වල වඩාත් සංස්කරන වෙත හෝ අධි පැහැදිලි මට්ටමේ තිර මෙන්ම ඇප් මෘදුකාංග නිෂ්පාදනයේහි ලා ප්‍රමුකත්වය නොලැබෙනු ඇති බවයි.පසුගිය කාලයේ නිකුත්වූ ගනනයන්ට අනූව ඇපල් ඇස් ස්ටෝර්ව වෙතින් ඇප් බාගත කර ගැනීම් බිලියන 45ක් ක් ඉක්මවා ඇති අතර අයි ක්ලවුඩ් සේවාව සදහා මිලියන 300 ක් භාවිතාකරන්නන් ලියාපදිංචිවී ඇති බවයි.
[ ... ]

මයික්‍රසොෆ්ට්වෙතින් mount ISO disk image මෘදු ටූලයක් නිකුත්වේ....

මයික්‍රසොෆ්ට් ආයතනය තම මෙහෙයුම් පද්ධති මතදී අයි.ඔ.එස් ඉමේජ් ගොනු  වර්චුවල් ආකාරයෙන් ක්‍රියාත්මක ක්‍රීමට සහයවන මෘදු ටූලයක් නිකුත්කරන්නට කටයුතු කොට තිබෙනවා. වින්ඩෝස් 8 සදහා මෙම මෘදු ටූලය අදාල නොවන්නේ එහි ස්වභාවයෙන්ම අයි ඔ එස් ආකාරයේ ගොනු ක්‍රියාත්මක කරන්නට අවශ්‍ය පහසුකම් ‍රැගෙන විත් ඇති නිසා වන අතර වින්ඩෝස් 7 හා ඊට පෙර මෙහෙයුම් පද්ධති වලදී මෙම පහසුව සදහා බාහිර මෘදුකාංග නිපදවන්නෙකුගේ සහය බලාපොරොත්තුවීම මෙම නිකුතුව සමග අවසන් වනු ඇති බවටයි සටහන් වන්නේ.
                මෙම මෘදුකාංගය භාවිතය භාවිතාකරන්නා වෙත පූර්න වගකීම පැවරෙන නිකුතුවක් ලෙසට ආයතනය නිවේදනය කර සිටින අතර XP සිට WINDOWS 7 දක්වා මෙහෙයුම් පද්ධති  මතදී  අයි.එස් .ඔ ඩිස්ක් ඉමේජයක් ලෙස පැමිනෙන සියලුම ගොනු විවෘතකර ගැනීමට වර්චුවල් රොම් එකක් ලෙසට ක්‍රියාත්මක වෙමින් බැකප් ගොනුවක් විවෘත කර ගන්නට  මෘදුකාංගයක් ස්ථාපනය කර ගන්නට ඔබට සහය වනු ඇති බවටයි පැවසෙන්නේ.
[ ... ]

පලමු පැය කිහිපය තුල මොසිල්ලා ෆයර්ෆොක්ස් පලමු තොගය අවසන්!!!!

         මොසිල්ලා ෆයර් ෆොක්ස් මෙහෙයුම් පද්ධතිය සහිත ස්මාර්ට් මට්ටමේ දුරකථනවල පලමු දුරකථන 1000කින් යුත් තොගය දවසේ පලමු පැය කිහිපය තුල අවසන්වූ බවටයි සටහන් වන්නේ. තොරා ගත් ගනුදෙනු කරුවන් සීමිත පිරිසක් හා මොසිල්ලා හි සේවකයන් අතර මෙම පලමු තොගය අලවිවූ බවටයි වාර්ථා පවසන්නේ.උදෑසන 8 පමන වන විට අලවිය ආරම්භවූ බවත් මධ්‍යානය වන විට "අප බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් ඇනවුම් ලැබුනු බවත් , වේගයෙන් අලවිය සිදුවූ බවත්" එහි ප්‍රකාශකයෙකු  පවසා සිටියා. මේ වන විට "ඔන් ලයින්" ලෙස මෙම උපාංග ඇනවුම් කිරීමේ අඩවිය පවසන්නේ තොග අවසන්ව ඇති නිසා තාවකාලිකව ඇනවුම් ලබ ගැනීම අවසන්ව ඇති බවකි.
                                     මෙම ජූනි මාසයේදී උතුරු ඇමරිකාවේ හා බ්‍රසීලය තුල විවෘත අලවියට මොසිල්ලා ෆයර් ෆොක්ස් සහිත දුරකථනය නිකුත්වීමට නියමිත අතර මෙම වසර අවසානය වන විට පෘතුගාලය , පෝලන්ඩ් ඇතුලු රටවල් 11ක මෙම දුරකථනය ආල්විය සදහා නිකුත්වීමට සැලසුම් කොට ඇති බවටයි ආයතනය පවසන්නේ.ඇමරිකාව තුල මෙම උපාංගය මිලදී ගැනීම සදහා එලබෙන 2014 වසර දක්වා සිටින්නට සිදුවීමට ඉඩ ඇති බවටයි එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටියේ.
 
[ ... ]

අවුට්ලුක් සදහා වෙනස් ආකාරයක වෙළඳ දැන්විම් රටාවක් හදුන්වා දෙයි...

මයික්‍රසොෆ්ට් ආයතනය තම අවුට් ලුක් ඊමේල් පි‍ටුව මතට මද වෙනස් ආකාරයක වෙළඳ දැන්වීම් සේවාවක් හඳුන්වා දෙමින් සිටිනවා.නව ක්‍රමවෙදයට අනූව අවුට් ලුක් ඊමේල් පි‍ටුවෙහි වම් පස තීරුවක ටයිල් ආකාරයේ දැන්වීම් පහක් හෝ හයක පලවීම් සිදුවන අතර දැන්වීම් කරුවන්ගේ අභිමතය පරිදි එම අවකාශය මත තම දැන්වීම් නිර්මානය කර ගතහැකි බවටයි පැවසෙන්නේ. ආයතනය පෙන්වා දෙන උදාහරන වලිඔන් දැක්වෙන්නේ භාවිතාකරන්නෙකු එම ටයිල්මය දැන්වීමක් මතට තම කර්සරය ගෙන ගිය විට දිග හැරෙන තවත් කවුලුවක රූපවාහිනි දැන්වීමක් නැතිනම් ස්ලයිඩ් ආකාරයේ දැන්වීමක් දැක ගැනීමේ හැකියාව ලැබෙනු ඇති බවටයි සටහන් වන්නේ. තවත් විටක පලමු දැන්වීමෙන් වෙළඳ ආයතනයක වෙබ් පි‍ටුවක් කරා භාවිතාකරන්නෙකු ‍රැගෙන යාමේ හැකියාව ඇති සබදතාවයකට යොමුකරන්නටද හැකිවනු ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා. එම ආයතනය පවසන්නේ මෙම වෙනස් ආකාරයක දැන්වීම් අත්දැකීම භාවිතාකරන්නන් වෙත වැඩි ආකර්ශනයක් ලබා දෙනු ඇති බවයි. දැනට මෙම දැන්වීම් සහිත අවුට්ලුක් වෙබ් පි‍ටු එක්සත් ජනපදය හා බ්‍රසීලය සදහා ක්‍රියාත්මක වන අතර ඉදිරියේදී තවත් රටවල් සදහා නුදුරේදීම ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරමින් සිටින බවයි.
[ ... ]

‍ටුවිටර් , අයි ටියුන් , අයි ක්ලවුඩ් තාවකාලික බිඳවැටීමක????

මේ මොහොත වන විටත් ‍ටුවිටර් , අයි ක්ලවුඩ් හා අයි ටියුන් සේවාවන්හි තාවකාලික බිඳ වැටීමක් වාර්ථාවෙමින් තිබෙනවා.  ‍ටුවිටර් ආයතනය පවසන්නේ සමහර භාවිතාකරන්නන් වෙත තම සේවාවෙහි යම් අපහසුකම් අත්විඳිමින් සිටින බවත් තම කාර්ය මංඩලය තත්වය යතාතත්වයට ගෙන ඒමට කටයුතු කරමින් සිටින බවයි. ආයතනය ඇතිවී ඇති ගැටලු සහගත තත්වය පිලිබදව වැඩි දුරට තොරතුරක් නිකුත්කර නොමැති බවටයි දක්නට ලැබෙන්නේ.ඇපල් සේවාවන් වන අයි ටියුන් හා අයි ක්ලවුඩ් සේවාවන් සදහාද භාවිතාකරන්නන්හට "ලොග්" වීමේ අපහසුතවයක් වාර්ථාවෙමින් පවතින අතර ආයතනය තවමත් තත්වය පිලිබඳ කිසිඳු නිවේදනයක් නිකුත් කර නොමැත.
[ ... ]

යු.එස්.බී 3.0 ඔස්සේ 100 watts ක බල සැපයුමක්ද පැමිනෙනු ඇත....

ඉන්ටෙල් ආයතනය පවසන්නේ පැමිනෙන්නට නියමිත යු.එස්.බී 3.0 සදහා වන යාවත්කාලීනයත් සමග දත්ත හුවමාරුවෙහි කැපී පෙනෙන වෙනසක් පමනක් නොව10 watts සිට 100 watts (20 volts at 5 amps) දක්වා බල සැපයුමක් භාහිර උපාංගයක් වෙත ලබා දෙන්නටද හැකි වනු ඇති බවයි. විවිධ මට්ටමේ බල සැපයුම් හැකියාවන් ගෙන් යුතුව මෙම පහසුව ‍රැගත් යු.එස්.බී උපකරන වෙළඳ පිටට එනු ඇති බවට පවසන අතර ලැප් ටොප් පරිගණකයක් , භාහිර දෘඩ තැටියක පමනක් නොව අමතර පරිගණක තිරයක් සදහා වන බල සැපයුම මෙම සබඳ තාවය ඔස්සේ ලබා ගන්නට හැකි වනු ඇති බවටයි පවසා සිටින්නේ. එසේම නුදුරේ සිටම වෙළඳ පොලට එනු ලබන රූපවාහිනී යන්ත්‍ර වලද මෙවැනි යු.එස්.බී උපාංග සවිව පැමිනෙනු ඇති බවට තොරතුරු පලවන අතර ඒ ඔස්සේ රූපවාහිනිය ආශ්‍රිතව භාවිතාවන අඩු බල භාවිතයක් ඇති උපකරන සදහාද  වඩාත් නිවැරදි සුමට බල සැපයුමක් ලබා දෙන්නට හැකිවනු ඇති බවටයි බලපොරොත්තු පලවෙමින් ඇත්තේ. ඔවුන් පවසන්නේ මෙම අමතර පහසුව ලබන අතරේ තප්පරයට ගිගා බයිට 10ක් දක්වා වන වේගයකින් දත්ත හුවමාරු කිරීමේ හැකියාවද මෙම යු.එස්.බී 3.0 තාක්ශනය ඔස්සේ ලබාගත හැකි වන බවයි.
[ ... ]

IE 6,7 සදහා වෙබ් අඩවි මතට ‍ටුවිටර් සහය මැයි 13 අවසන්නේ!!!!

 ට්විටර් ආයතනය පවසන්න්නේ තමන්ද එලබෙන මැයි 13 සිට ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6,7 සංස්කරන සදහා දක්වන වෙබ් අඩවි වල ක්‍රියාකාරකම් සදහ වන සහය අවසන් කරන්නට තීර්නය කර ඇති බවයි. වඩාත් නවීන වෙබ් බ්‍රවුසර වෙත වඩාත් කාර්යක්ශමව සහය දැක්වීමට අවශ්‍ය වෙනස් කම් සිදු කිරීමේදී මෙලෙස පැරනි සංස්කරන වෙත සහය වීම අවසන් කිරීමට සිදුවීම සාමන්‍ය ලෙස සිදුවන්නක් බවටයි ඔවුන් පවසන්නේ.ටිවුටර් හි වෙබ් ආශ්‍රිත සමහර පහසුකම් පමනක් ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 සදහා ක්‍රියාත්මක වන අතර ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 7 සදහා සීමිත සහයක් ඉදිරියට පවතිනු ඇති බවටත් ඔවුන් අවසනවා. ‍ටුවිටර් වෙබ් අඩවිය ඉදිරියටත් ඉහත කී   බ්‍රවුසරයන් සමග ක්‍රියාත්මක වුවද  ඔබ භාවිතාකරමින් සිටින්නේ කල් ඉකුත්වූ වෙබ් බ්‍රවුසරයක් බවත් හැකි ඉක්මනින් නව සංස්කරනයක් වෙත ඉහල නැව ගැනීමට කටයුතු කරනලෙසට නිවේදනය විටින් විට අඩවිය මත දැක්වෙනු ඇති බවටත් පවසා සිටිනවා. ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා 6 සංස්කරනය භාවිතය බටහිර රටවල මේ වන විට සියයට 1 දක්ව පහල වැටී ඇති මුත් චීනය වැනි රටවල් සැලකීමේදී 6.7%ක් වැනි සැලකිය යුතු මට්ටමක පවතින බවටයි සටහන් වන්නේ.
[ ... ]

ජූනි 3දා පටන් යාහු මේල් නව සංස්කරනය පමනයි!!!

   යාහූ ආයතනය පවසන්නේ යාහු මේල්වල පැරනි සංස්කරනය එලබෙන ජූනි 3න් වෙනිදායින් අවසන් වීමට නියමිත බවයි. යාහුවල වෙබ්  මූලික නව මේල් සංස්කරනයක් ඉකුත්ව ගිය දෙසැම්බරයේ හඳුන්වාදුන් අතර එය වින්ඩෝස්8 ඇප් සදහා සහය දක්වන සංස්කරනයක් වූවා. ආයතනය වැඩි දුරටත් පැවසුවේ 1997 සිට ක්‍රියාත්මක යාහු මේල් ක්ලැසික් නම් ප්‍රථම සංස්කරනයද  මේ සමග අවසන් වන අතර  ඩයල් අප් ඉන්ටර්නෙට් සබඳතාවයක් ඔස්සේ යාහූ මේ භාවිතකරන්නන් අතර භාවිතවූ මූලික ආකෘතිය basic/HTML සංස්කරනයක් වෙතට යොමුකරවනු ඇති බවයි. පසුගිය ඔක්තෝබරයේ වන විට භාවිතාකරන්නන් මිලියන 298කින් සමන්විත යාහු මේල් සේවාවේ මෙම නව සංස්කරනය වෙත පිවිසෙන්නට අපහසු බවක් දක්වන ගිනුම් හිමියන් සදහා වෙනත්සේවාවක් වෙත හුවමාරු වීමට හෝ ගිණුම වසා දැමීමට සිදුවනු ඇති බවත් ඒ සඳහාද පහසුකම් සලසා ඇති බවත් ආයතනය පවසනවා. එසේම යාහු ආයතනය මීට පෙර පවසා සිටියේ එලබෙන අප්‍රේල් 30 සිට තම සේවාවන් කිහිපයක්ම අවසන් කරන්නට තීර්නය කර ඇති බවයි.
[ ... ]

ජංගම උපාංගයක් අස්ථාන ගත වීමකදී සහයට එන මෘදුකාංගයක්!!

ජංගම දත්ත උපකරන වල ආරක්ශාව ගැන සැලකීමේදී එහි ඇති ජංගම බවනිසාම පැමිනිය හැකි අනතුරක වන්නේ පහසුවෙන් අන්සතුවිය හැකි බවයි. ස්මාර්ට් දුරකථන, ලැප්ටොප් මෙන්ම ටැබ්ලට් වැනි උපාංග සදහා ඇති මෙවන් අනතුරු බව සදහා ඇති පලමු පියවර වන්නේ වඩා සැලකිල්ලෙන් අවධානයෙන් කටයුතු කිරීම වන අතර දෙවන තලයේදී ගත හැකි පියවරක වන්නේ යම් මොහොතක එලෙස අස්ථන ගත වීමකට පත්වුන හොත් මෘදුකාංගමය සහයක් ඔස්සේ එම උපකරනය භාවිතාවන ස්ථාන ,එම මොහොතේදී එම උපකරනය ඔස්සේ කරන කියන දෑ පිලිබඳව තොරතුරු ලබා ගන්නට හැකිවන සේ එවැනි ආරක්ශක මෘදුකාංගයක් එම උපාංගය තුල ස්ථාපනයට කට යුතු කිරීමයි. නොමිළේ භාවිතාකල හැකි විවෘත ගනයේ මෙම කුඩා මෘදුකංගය එවන් මොහොතක එවැනි අවශ්‍යතාවයකදී ඔබගේ සහයට එනුයේ ආකාර කිහිපයකිනි. මෙම මෘදුකාංගය ස්ථාපනයෙන් පසුව භාහිරින් එන අවදිකිරීමේ පනිවිඬයකින් ක්‍රියාත්මකව ඉන්ටර්නෙට් හරහා හෝ එස්.එම්.එස් එකක හරහා නව භාවිතාව පිලිබද තොරතුරු උපාංගය භාවිතාවන ස්ථානය පමනක් නොව එය සම්බන්දව ඇති නෙට්වර්ක් එක පිලිබදව පවා ඔබ වෙත තොරතුරු ලබා දෙනු ඇත.මෘදුකාංගය ස්ථාපනයෙන් පසුව එම වෙබ් අඩවියේ ගිනුමක විවෘත කිරීමෙන් අනතුරුව එහි ඔබගේ උපාංගය පිලිබඳව තොරතුරු සමග සටහන් වන අතර පෙර කී ආකාරයේ සිදුවීමකදී සියලු තොරතුරු ලබා ගත හැකි ආකාරයේ සම්බන්දයන් ක්‍රියාත්මක කර තැබීම වඩාත් උචිතවනු ඇති බවටයි උපදෙස් ලැබෙනුයේ.
[ ... ]

තප්පරයට ගිගාබයිට එකක ෆයිබර් ඔප්ටිකල් ගූගල් සේවාව තවත් නගරයකට!!!

ගූගල් ආයතනය අද පවසා සිටියේ තම තප්පරයට ගිගාබයිට එකක වේගයකින් යුත් ෆයිබර් ඉන්ටර්නෙට් හා රූපවාහිනී සබදතාවය ඇමරිකාවේ තවත් නගරයක් වෙත ලබා දීමට සැලසුම් කරමින් සිටින බවකි. ඔවුන් ප්‍රථමයෙන් පසුගිය වසරේ නොවැම්බරයේ තම ප්‍රථම මේ ආකාරයේ සේවාව Kansas City Kansas/Missour නගර වෙත ලබා දීමට කටයුතු කල අතර මෙම මස මුල් භාගයේ පවසා සිටියේ Austin, Texas නගර වෙතද මෙම සේවාව 2014 මැද භාගයේ ලබා දීමට කටයුතු කරමින් සිටින බවකි. Provo, Utah තෙවන නගර වෙත එම සේවාව ව්‍යාප්ත කිරීමේදී දැනටමත් එහි ක්‍රියාත්මක වෙමින් ඇති ෆයිබර් ඔප්ටිකල් ඉන්ටර්නෙට් සේවා ජාලයක් මිලදී ගෙන එය තප්පරයකට ගිගා බයිට එකක සේවාවක් දක්වා ඉහල නැංවීමට කටයුතු කරනු ඇති බවටයි පවසා සිටින්නේ. දැනට මෙම සේවාව ලබා ගන්නන් සදහා මසිකව ඩොලර් 750ක ගෙවීමක් ලබා ගන්නා අතර රූපවාහිනී පැකේජයන් සමග වීමේදී ඩොලර් 120 දක්වා මාසික ගෙවීම් කිරීමට සිදුවේ.එසේම එක් වරක් පමනක් ගෙවනු ලබන සැකසුම් ගාස්තුවක් යටතේ ඉහත කී සබදතාවය තප්පරයට ගිගා බයිට 5 දක්වා ඉහල නංවාගැනීමේ අවස්ථාවද  ගූගල් ආයතනය තම පාරිභෝගිකයින් වෙත ලබා දෙමින් සිටී.
[ ... ]

මයික්‍රසොෆ්ට් ගිනුම් සදහාද ද්විත්ව ‍රැකවරන ආරක්ශන ක්‍රමවේදය ක්‍රියාත්මකයි!!!!

 
මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ භාවිතාකරන්නන් බොහෝ පිරිසකගේ ඉල්ලීමක්ව තිබූ ද්විත්ව පියවර ආරක්ශන ක්‍රමවේදය තම ගිනුම් සදහා ක්‍රියාත්මක වීම "ප්‍රධාන මට්ටමේ උස්තල ගැනිවීමක" ලෙසින් මේවන විට ක්‍රමයෙන් මුදා හැරමින් පවතින බවයි. ඒ වනූව තම මයික්‍රසොෆ්ට් හා සම්බන්දිත ගිනුම් වල ආරක්ශාව වඩාත් තහවුරු කරගැනීමට අවශ්‍ය වන භාවිතාකරන්නන් සදහා මෙම පහසුව තොරා ගැනීමේ අවස්ථාවක ලෙසට ඉදිරි දින දෙක තුල ලැබෙනු ඇති බවටයි ආයතනය පවස සිටින්නේ. ආයතනය වැඩි දුරටත් පවසන්නේ වින්ඩෝස් ෆෝන් භාවිතාකරන්නන් සදහා "ඇප්" මෘදුකාංගයක් ඇසුරින් ඉහත කී අමතර ආරක්ශාවට අදාල අවසර පදය ලබා ගන්නට හැකි වන අතර අනෙකුත් භාවිතාකරන්නන් සදහා සාම්ප්‍රධායික "ටෙක්ස්ට්" පනිවිඬයක් ලෙසින් මෙම අවසර පදය ලබා ගැනීමේ අවස්ථාව සැලසෙනු ඇති බවටත් නිතරම භාවිතාකරන උපාංග සදහා දින 60ක් දක්වා මෙම ක්‍රමවේදය ඔස්සේ එක් වරක් කරනු ලබන ආරක්ශන තහවුරුවක් වලංගුවන අතර ඉන්පසුව නැවතත් ද්විත්ව ‍රැකවරන ආරක්ශන ක්‍රම වේදය ඔස්සේ නැවත ආරක්ශක මුර පදයක ලබා ගැනීට සිදුවනු ඇති බවටයි පවසා සිටින්නේ.
[ ... ]

Leap Motion තාක්ශනය සහිත HP පරිගණක !!!!



Leap Motion  වෙතින් ඉදිරිපත්වූ චලන උපදෙස් හදිනා ගැනීමේ තාක්ශනය වින්ඩෝස් හා මැක් පරිගණක සදහා නිකුත්වීම එලබෙන මැයි මාසයේ 13 වෙනිදා සිට ඇරබෙන බවටයි ඔවුන් පවසන්නේ. පෙර ඇනවුම් සදහා මුලින්ම මෙම නිකුතුව සිදුවන බවටත් පැවසෙනවා.HPපරිගණක සමග මෙම තක්ක්ශනය නිකුත්වීමේ සැලසුමක් පිලිබදවද මෙම ආයතනය පවසා සිටින අතර තවමත් මොන HP නිෂ්පාදන සමගද යන්න පැහැදිලි කොට නැත. නිශ්චිත දින සටහකින් තොරව උවද එම ආයතනය පවසා සිටියේ ඉදිරියේදී HP පරිගණකවල දෘඩාංග මට්ටමේදීම තම තාක්ශනය සංයුක්තව නිකුත්කිරීමට නියමිත බවකි. මීට පෙර Leap Motion  පවසා සිටියේ තම තාක්ශනය -- පරිගණක සමගද වෙළඳ පොලට පැමිනීමට නියමිත බවකි. Leap Motion  පවසන්නේ තවමත් තම නිල වෙබ් අඩවිය ඔස්සේ මෙම තාක්ශනය ඩොලර් 79.99කට පෙර ඇනවුම් කිරීමේ අවස්ථාව පවතින බවකි.
https://www.leapmotion.com/


 
[ ... ]

ඇන්ඩ්‍රොයිඩ් උපාංග සංක්‍රිය කිරීම් දිනකට මිලියන 1.5ක්!!!!

 
පසුගිය සැප්තැම්බරයේදී ගූගල් සභාපතිවරයා පවසා සිටියේ නව ඇන්ඩ්‍රොයිඩ් උපාංග සංක්‍රිය කරගැනීම් දිනකට මිලියන 1.3ක් ලෙසට සටහන් වෙමින් පවතින බවකි. අද දිනයේ ඔහු පවසා සිටින්නේ මේ වන විට එම සංක්‍යාව මිලියන 1.5 දක්වා ඉහල ගොස් ඇති බවකි.නිව්යෝක් නගරයේ පැවති හමුවක් අමතමින් එතුමා වැඩි දුරටත් පවසා සිටියේ 2013 වසර අවසාන වන විට  ඇන්ඩ්‍රොයිඩ් මූලික උපාංග බිලියනයකට අධිකව සංක්‍රියව පවතිනු ඇති බවයි. මෙම උපාංග අතරින් බහුතරය ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් උපාංග බවටත් ඔහු පවසා සිටිනවා.
[ ... ]

ස්වංක්‍රීයව මැකීයමින් හදුනාගැනීම අපහසු කරවන ට්‍රෝජන් හානිකරයක් හදුනා ගනී....



මයික්‍රසොෆ්ට් සමාගම පවසන්නේ ස්වංක්‍රීයව මැකී යමින් හදුනා ගැනීමට ඉතාමත් අපහසුවන ආකාරයේ ට්‍රෝජන් වර්ගයේ හානිකර මෘදුකාංගයක් හදුනා ගන්නට තමන්ට හැකිවූ බවයි. අවසර පද සොරාගන්නා ආකාරයේ හැසිරීමක් පෙන්වන මෙම හනිකර මෘදුකාංගය සොයා ගැනීමට කටයුතු කරද්දී පරිගණකය වෙත "ඩවුන්ලෝඩ්" වූ කිහිදු ගොනුවක් සොයා ගැනීමට නොහැකි වූ බවත් "රීකවරි" මෘදුකාංග ඔස්සේ පවා හදුනා ගත නොහැකි වන සේ ඒවා මැකීයාමට හැකියාවක් දක්වන ආකාරයේ බවත් ඔවුන් පවසා සිටිනවා. ඉතා අපහසුවෙන් එම ගොනු විස්ලේශනය කිරීමේදී හදුනාගෙන ඇති පරිදි ඊමේල් ආශ්‍රිතව  පැතිරීමක් ඇති ගූගල් ඩෙස්ටොප් , වින්ඩෝස් ලයිව් මැසෙන්ජර් වැනි මෘදුකාංග ඉලක්ක කරගනිමින් සිටින මෙම මෘදුකාංගය TrojanDownloader:Win32/Nemim.gen!A ලෙසට ඔවුන් නම්කර සිටිනවා. මෙම ට්‍රොජන් ඩවුන්ලෝඩරයේ ආසාධනයට ඔබත් ලක්ව ඇති බවට හැගෙන්නේනම් සියලු අවසර පද වෙනස්කර ගැනීම හා මෙහෙයුම් පද්ධතිය හොඳින් ස්කෑන් කරමින් එහි පිරිසිදු භවය තහවුරු කර ගැනීම වැදගත් බවටයි ඔවුන් උපදෙස් දෙමින් සිටින්නේ.
[ ... ]

ගූගල් ග්ලස් පිලිබද තවත් තොරතුරු හෙලිවේ.....

 
ගූගල් ග්ලාස් මෙම වසර අවසානයේ සාමාන්‍ය භාවිතාකරන්නන් වෙත නිකුත්වීමට නියමිත බවටයි  මේ වන විට නිවේදනය වී ඇත්තේ. එසේමුත් මේ වන තෙක් මෙම ස්මාර්ට් නෙත් පැලදුමේ තාක්ශනික සංයුතිය පැහැදිලි කිරීමක් නිකුත්ව තිබුනේ නැත.ගූගල් ආයතනය අද දිනයේ නිකුත්කල නිවේදනයකට අනූව මෙම උපකරනය අධි සුපැහැදිලි තිරයකින් සංයුක්ත වන අතර එය අඟල් 25කින් යුත් අඩි 8ක් දුරින් වන සුපැහැදිලි තිරයකට සමාන වනු ඇති බවටයි පැවසෙන්නේ. හඬ ලබාදීම සදහා සිරුරේ අස්ථි උපයෝගීවන Bone conduction තාක්ශනය යොදාගන්නා අතර කැමරාව මෙගා පික්සල් 5කින් යුක්තව  720p  ක වීඩියෝ පටිගත කිරීමකට හැකියාවෙන් සමන්විත බවටයි පැවසෙන්නේ. වයි ෆයි 802.11b/g හැකියාව ලෙසින් උපාංගයටම සංයුක්තව පැමිනෙන අතර බ්ලූටූත් හැකියාවෙන්ද යුක්තවනවා. 16 ගිගාබයිට් 16ක ප්ලෑෂ් මතක චිප් පතකින් ද සාමන්‍යයෙන් එක් දිනක් භාවිතාකල හැකි තරමේ බැටරියකින් හා මයික්‍රෝ යු එස් බී චාජරයකින්ද සමන්විත වනු ඇති බවට සටහන්වනවා. ගූගල් ආයතනය වැඩි දුරටත් පවසන්නේ ඔනෑම බ්ලූටූත් සහය දුරකථනයක් සමග සම්බන්ද විය හැකි නමුත් GPS හා SMS පනිවිඬ හුවමාරුව සදහා නම්  මයි ග්ලස් මිත්‍ර ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂනයක් හරහා වීම අනිවාර්ය වන බවයි.
[ ... ]

වින්ඩෝස් හා අයි ෆෝන් වෙතද "ෆේස්බුක් හෝම්" එනු ඇත????

 
ෆේස්බුක් ආයතනය මේ වන විට ඇපල් හා මයික්‍රසොෆ්ට් ආයතනයන් සමග තම හෝම් මෘදුකාංග ගොනුව  ඔවුන්ගේ ස්මාර්ට් දුරකථනයන් සදහා නිකුත් කිරීම සම්බන්දයෙන් සංවාදයකට එලබ ඇති බවටයි පවසා සිටින්නේ. ඇන්ඩ්‍රොයිඩ් නිදහස් මෙහෙයුම් පද්ධතිය සදහා තම නිකුතුවේදී කිසිදු ගනු දෙනුවක් ගූගල් සමග සිදු නොවුනා සේම ඇපල් හා මයික්‍රසොෆ්ට් සමාගම් සමගද කිසිදු ගනුදෙනුවක මේ සම්බන්දයෙන් නො එලබීමට තම ආයතනය තීර්නය කර ඇති බවටත් ඔවුන් පවසා සිටිනවා.දැනටමත් ෆේස්බුක් ආයතනය තම නිකුතුව ඇන්ඩ්‍රොයිඩ් සදහා සාර්ථකව නිකුත් කරමින් තම දැක්ම පෙන්ව දී ඇති බවයි පවසන්නේ.
                              " සමහර විටක එය ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන හෝම් මෘදු ගොනුවට වඩා වෙනස් වේවි. විටක එය "ලොක් ස්ක්‍රීනය" වැන්නක් මත ඉදිවන වෙනස්ම ආකාරයේ ආකෘතියක් ගනීවි. එටිට එය හෝම් වලට වඩා වෙනස් නාමයක් ගනීවි.ඒ විතරක් නෙමේ, ඒ උපාංග වලටත් මේ නව ඉදිරිපත් කිරීම නව ආලෝකයක් ගෙන ඒවි" එම ප්‍රකාශකයා වැඩි දුරටත් පවසා සිටිනවා.
                එම ගොනැගීම ඇන්ඩ්‍රොයිඩ් වලදීට වඩා බරපතල වනු ඇති බවට විචාරකයින් පවසන්නේ මෙම සමාගම් දෙකම තම උපාංග සදහා ඇප්ලිකේෂන් නිපදවීමේදී වැඩි ආරක්ශාවක් ඇතුලු බොහෝ ප්‍රමිතීන් අනුගමනය කරන බැවින් ෆේස්බුක් වෙතද එම වගකීම් සාර්තකව ඉ‍ටුකරන්නට සිදුවනු ඇති බැවිනි.
[ ... ]

මයික්‍රසොෆ්ට් වෙතින්ද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක්!!!!!

 
ලෝකය සමග වන ඔබගේ දත්ත සැබැඳියාව වඩාත් කාර්යක්ශම හා  නිරන්තරයෙන් වීමට අවශ්‍යව ඇත. ආරම්භයේදී රාජකාරී දිවිය හා පමනක් සැබැදුනු  දත්ත සබදතා පෞද්ගලික ජීවිතය විනිවිද යමින්  යම් මොහොතක එය බිඳවැටීමක් සිහිනෙන්වත් නොපතන වේදනාකාරී මානසිකත්වයක් ගෙනෙන  භාවිතාකරන්නන් පිරිසක බිහිවීම ඇරබී ඇති බවටයි හදාරන්නන් පවසන්නේ. ගූගල් ආයතනය ස්මාර්ට් මට්ටමේ උපැස් යුවලක් නිපදවමින් සිටින අතර ඇපල් ආයතනය ස්මාර්ට් මට්ටමේ ඔරලෝසුවක් පිලිබඳව අවදානය යොමුකර ඇති බවට පසුගිය දිනවල තොරතුරු හෙලිවෙමින් තිබුනා. පැතිරෙමින් පවතින නවතම තොරතුරක් පවසන්නේ මයික්‍රසොෆ්ට් ආයතනයද ස්මාර්ට් මට්ටමේ අත් ඔරලෝසුවක් පිලිබඳව තම අවධානය යොමුකර ඇති බවකි. එලබෙන වසරේ නිකුත්වනු ඇති බවට බලාපොරොත්තු පලවන මෙම ස්මැට් උපාංගය සදහා මේ වන විටත් ආසියාතික උපාංග නිපදවන සමාගම් වෙතින් කොටස් මිළදී ගැනීම් කෙරෙහි ආයතන කටයුතු කරමින් සිටින බවටයි සටහන් වන්නේ.
                                                       2003 වසරේදී මයික්‍රසොෆ්ට් ආයතනය මෙලෙස දත්ත සබදතා සහිත අත් ඔරලෝසුවක් නිපදවීමට කටයුතු කරන ලද අතර එය කාලගුන තොරතුරු ලබා ගැනීම ,පුවත් මෙන්ම පෞද්ගලික තොරතුරු හුවමාරු සදහා භාවිතාකල හැකි ලෙසට නිපදවා තිබුනු මුත් 2008 වන විට එම ව්‍යාපෘතිය තාවකාලිකව අවසන් කරන ලදී.
[ ... ]

ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා සමග නව වෙබ් අඩවි අත්දැකීමකට.....


මයික්‍රසොෆ්ට් ආයතනය පසුගිය මාස කිහිපයතුල තම ඉන්ටර්නෙට් බ්‍රවුසරය මත නව හැකියා සීමාවන් සොයා යමින් වෙනස් ආකාරයේ අත්දැකීම් භාවිතාකරන්නන් වෙත කැදවාලීමට කටයුතු කරමින් සිටී. මෑතකදී ඔවුන් හදුන්වාදුන් වීඩියෝ සංස්කරනයට සහය බ්‍රවුසරය මතදීම සලසා ගත හැකි පහසුව ඉන් එක් අංගයකි. අද දිනයේ ආයතනය Hunger Games සමග එක්ව හඳුන්වා දෙන නව වෙබ් අඩවියක් ඔස්සේ පැමිනෙන්නට නියමිත නව සිනමා වීඩියෝවන් පිලිබදව තොරතුරු ලබාගත හැකි අතර එම වෙබ් අඩවිය වඩාත් සංවේදීව හැසිරෙමින් භාවිතාකරන්නා වෙත ඇප්ලිකේශනයක හැසිරීම සමාන තරමේ සජීවී අන්තර්ක්‍රියාකාරකම් ලබාදෙන අත්දැකීමක් කැදවිය හැකි තරමේ පුලුල් වපසරියක තම ඉන්ටර්නෙට් එක්ස්ප්ලොරා බ්‍රවුසරය පවතින බවට පෙන්වීමට කටයුතු කරමින් සිටිනවා.

[ ... ]

වින්ඩෝස් 8.1 සමග සුපුරුදු ඩෙස්ටොප් මුහුනතට කෙලින්ම පිවිසීමේ හැකියාව???


මයික්‍රසොෆ්ට් නවතම මෙහෙයුම් පද්ධතිය වන වින්ඩෝස් 8 බීටා සංස්කරනයන් නිකුත්වූ කාලයේ පටන් භාවිතාකරන්නන් වෙතින් නැගුනු චදනාවක් වූවේ බූට් කිරීමේදී සුපුරුදු "ඩෙස් ටොප්"  මුහුනත වෙතට නොගොස් "ස්ටාර්ට් ස්ක්‍රීන්" මුහුනත වෙතට යමින් තමන්ව අපහසුතාවයට පත්කරන බවයි. එහෙත් එම ආයතනය පැවසුවේ එලබෙන ජංගම ගතියෙන් වැඩි උපාංග ඉලක්ක කරගනිමින් නිපදවා ඇති නව මෙහෙයුම් පද්ධතියේ එම ස්වභාවයන් වෙනස් කිරීමට තමන් සූදානම් නැති බවකි. භාවිතාකරන්නන් වින්ඩෝස් 8 හි ස්ටාර්ට් ස්ක්‍රීනය වෙත හුරුවනවාට වඩා බාහිර පාර්ශවයන්ගේ මෘදුකාංග භාවිතා කරමින් සුපුරුදු ඩෙස් ටොප් මුහුනත වෙත කෙලින්ම පිවිසීමට වැඩි කැමැත්තක් දැක්වීම එහි ප්‍රථිපලය විය. දැනට නිකුත්ව ඇති වින්ඩෝස් 8.1 එලබෙන සංස්කරනයේ නොනිල පිටපත් හැදෑරීමේදී මයික්‍රසොෆ්ට් ආයතනය පෙර සිටි දැඩි ස්තාවරය මදක් ලිහිල් කරමින් එම නව සංස්කරනය සමග භාවිතාකරන්නන් සදහා කෙලින්ම සාම්ප්‍රධායික ඩෙස්ටොප් මුහුනත මතට පිවිසීමේ හැකියාව ලබාදීමට ඉඩ ඇති බවට සාධක එහි "කෝඩ්" සටහන් අතරින් දක්නට ලැබෙනවා.
[ ... ]

AMD වෙතින් 5 GHz වේගය සහිත ප්‍රොසෙසරයක්....

ප්‍රොසෙසරයන් පිලිබඳ තරගය නෙක මුහුනුවරින් ක්‍රියාත්මක වෙමින් පවතී.කලකදී එය ප්‍රොසෙසරයේ වේගය පිලිබඳව සාධකයක් වන විට තවත් කලකදී එය ප්‍රොසෙසරයේ කෝවන් පිලිබදව වේ.නිල නොවන මුත් පැතිරෙන නවතම තොරතුරකට අනූව AMD ආයතනය තම නවතම ප්‍රොසේසරයක් සමග තරගය  යලිත් වේගය පිලිබඳව සාධකයට පිවිසෙමින් සිටින බවටයි  සටහන් වන්නේ.දැනට "Centurion." නම් සංකේත නාමයෙන් හැදින්වෙන එම නවතම  ප්‍රොසෙසරය 5GHz වේගයකින් සමන්විතව ඩොලර් 750ක මිල ගනන් යටතේ වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි බලපොරොත්තු පල වන්න්නේ. දැනට වෙළඳ පොලේ පවතින ඉන්ටෙල් සමාගමෙන් නිකුත්වන කෝර් අයි 7  ප්‍රොසෙසරය 3.9 GHz වේගයක් සටහන් කරමින් සිටින අතර නව ප්‍රොසෙසරය පහසුවෙන්ම මෙම වේගසීමාව ඉක්මවමින් වෙළඳ පොලේ පවතින වේගවත්ම ප්‍රොසෙසරය බවට පත්වනු ඇති බවටයි බලාපොරොත්තු පලවන්නේ.
[ ... ]

සුබ නව වසරක්වේවා......

ආශ්‍රමයට සැන්දෑව ගලාගෙන එන්නේ තියුනු සීතලක්ද සමගිනි.සිහින් පොද වැස්ස ඒ අපූරත්වය වඩාත් තීව්‍රකරනවා සුලුය.තැනින් තැන විසිරෙන මිහිදුම් සලුපට අතරින් කදුපාමුල විසල් වගාබිම් වලට ඔබ්බෙන් විසිරුනු ගම්මානයයේ නිවැස් පෙනෙන්නේ ඉතා කුඩාවටය. අතරින් පතර නිවැසක දැල්වූ පහනකින් නැගෙන කුඩා ආලෝකය පෙනෙන්නේ ඈත අවකාශයේ දිලෙන තරුවක පරිද්දෙනි. දහවල ආහාරය පිනිස දාන ශාලාව වෙත ගිය විටදී ගබඩා භාරකරු පැවසුවේ උදාවෙන හෙට දිනය ගම් වැස්සන්ට උත්සව දවසක් වන බවය. ගම් වැස්සන් සියල්ලෝම එක් මොහොතකදී සාමන්‍ය දෛනික ජීවිතයේ කටයුතු වලින් බැහැරව පරන වසර නිමා කරන අතර කිසියම් කාලයකට පසුව නැවත  සියල්ලෝම එකම වෙලාවකදී නැවත සාමන්‍ය ජීවිතයේ කටයුතු වලට පිවිසීම එහිදී වන බවය. සංස්කෘතිය අපූරු සිතුවමකි. එය ජීවිතය වර්නවත්කරන සුලුය.එහෙත් සැබවින්ම සංස්කෘතියක් අපූරු වන්නේ එහි රටාවන් ඒතුල වෙසෙන මිනිසුන්ගේ සැබෑ ජීවිතතුල සජීවී නම් පමනී. කෙනෙකුට එය වෙළඳ කටයුත්තක් හෝ තවකෙකුට නිස්සාර වෙනත් කටයුත්තකට අවස්ථාවක් වන විට පෙර කී සංස්කෘතික කටයුත්තේ සැබෑ අපූරු බව මියයන්නේ මහත් අවාසනාවන්ත ලෙසය. -අනත්තය පෙනෙන විසල් කදු මුදුනතක සිට-
[ ... ]

ෆේස්බුක් "හෝම්" තවත් ඇන්ඩ්‍රොයිඩ් දුරකථන කිහිපයක් සදහා නිකුත්වේ....

ෆේස්බුක් ආයතනය "හෝම් " නමින් එලබෙන නිකුතුවක ගැන කථාකරන විටදී බොහෝ දෙනා බලාපොරොත්තු වූවේ නව ස්මාර්ට් ෆෝන්  දුරකථනයක සම්ප්‍රාප්තියකි. එම ආයතනය තමන් නව දුරකථනයක් පිලිබදව කිසිසේත්ම නොසිතන බව පවසන විටදී  ඔවුන් වඩ වඩාත් නව ස්මාර්ට් දුරකථනය පිලිබදව කථාකරන්නට පෙලබිනි. අවසානයේ "හෝම්" නිකුතුව සිදුවිනි. එය ඇන්ඩ්‍රොයිඩ් මත දිවෙන මෘදුලේයරයක් වූවාය.මේ වන විට ෆේස්බුක් හෝම් ගූගල් ප්ලේ ස්ටෝර්ව ඔස්සේ ලබා ගත හැකි අතර එය ඇන්ඩ්‍රොයිඩ් භාවිතාවන Samsung Galaxy S III, Galaxy Note II,  HTC One X+,(HTC One ,Samsung Galaxy S4) වැනි දුරකථන සමග භාවිතාකල හැකිවනු ඇති බවටයි  දැක්වෙන්නේ. ක්‍රමයෙන් තම සමාජ ජීවිතයේ ඉලෙක්ට්‍රොනික සංස්කරනය වන සමාජ ජාලාවෙත නැබුරුවන්නන් ප්‍රමානය වැඩි වෙමින් පවතින අතර ෆේස්බුක් එම ප්‍රවනතාවයෙහි ඉහලින්ම සිටින වෙබ් අඩවියක් වන අතර නව සමාජ ජාලා මෘදු ලේයරය සමග දුරකථනයේ ප්‍රමුකතාවය ෆේස්බුක් සමාජ ජාලා භාවිතයට ලැබෙන අතර අමතරව සුපුරුදු දුරකථන කටයුතු වලට අවස්ථාව ලබා ගන්නට භාවිතාකරන්නන්හට ඉඩ සැලසෙන ලෙසට නිමවී තිබෙනවා.
https://play.google.com/store/apps/details?id=com.facebook.home

[ ... ]