2015-03-22

සුබ පතමු!!

    එය එසේම වේදැයි මම නොදනිමි. එනමුත් නීතිය පෙන්වා හෝ පොඳු අරමුනක් සදහා කන්ඩායම් ගත කරවා ගන්නට හැකිවීම නම් ජයංග්‍රහනයකි. එනමුත් එම එකගතාවය ‍රැක ගනුවස් යැයි සිතමින් නීතිය මන්දගාමී හෝ ශූන්‍ය වීම අනාගතයේ නැවත නව ආකාරකට පැරනි අවාසනාවම පැමිනීමට අවස්ථාවක් වන්නට ඉඩ නොතැබිය යුතුය. සමහර විටක නිදහසින් පසුව රට පැමිනෙන වඩාත්ම ප්‍රබෝධ ජනක දේශපාලනික අවස්ථාවක් මෙය වන්නට හැකි වනු ඇත. තම තමන්ගේ කන්ඩායම් අරමුනු වෙතට මරා ගන්නා දේශපාලනික ආකෘතිය වෙනුවට රට වෙනු වෙන් කැපවෙන නව දේශපාලන සංස්කෘතියක් එය ගෙනෙනු ඇත. අමතක නොකලයුතු කාරනාද ‍රැසකි. කාලයක් තිස්සේ අවක්‍රියාකාරීත්වයක් ඔස්සේ කැරකැවී පුරුදු නව යාන්ත්‍රනයේ දැතිරෝද විදිමත් ක්‍රියාකාරීත්වය කෙසේ වෙතත් නැවතත් පැරනි සුපුරුදු මාවතට පිවිසෙන්නට ඇත්තේ මහත් ඉඩකි. තත්වය වඩාත් සංකීර්න වෙමින් ඒ සදහා නාමිකව හෝ විරුද්ධවන්නටද කොටසක් නොමැතිවීමේ අනතුරද නැතුවාම නොවේ. ශ්‍රීලංකාව කවදත් සමත්වූ ලොව ඔනෑම අපූරු දෙයක අවක්‍රියාව මනාව ප්‍රායෝගික කිරීමේ සමත්කම මෙහිදී හමු නොවේයැයි එක සිතින් පතමු පමනක නොව අවදියෙන්ද සිටිමු.

මෙයද කණෙන් අබිං කෑම වැනි යමකට වඩා......

     රටක ප්‍රධාන යාන්ත්‍රනය වන දේශපාලනික ගොඩ නැගීම සංක්‍රියකරවන්නන් අඩු ප්‍රමිති ගත වූවන් වන විට සමස්ථ රටටම දෙවි පිහිට ඇරෙන්නෙට වෙන සරනක් නැතිව යනු ඇත. මේ බව "ගැටලුවක්" යන වචනයට වඩා පැහැදිලිව ලංවන්නේ සමස්ථය කඩා වැටීමක් යන්නටය. මෙවිට එය වෙතට පැමින තිබෙන්නන් හට දේශපාලනය පිලිබදව ඇත්තේ අපූරු අර්තය. අයෙකුට එය වෙළඳ ව්‍යාපාරයකට වඩා යමක් නොවන විට තවකෙකුට එය සටකපට "ඇන්ඳවීමකි". තවකෙකුට "අයියා පාර්ට්" එකට පිවිසුමකි. ඔවුන් රට පිලිබදව තීන්දු තිර්න ගන්නා විට ප්‍රමුකතාවය ලබා දෙන්නේ "මට මොනවද ලැබෙන්නේ" වැනි අති ප්‍රාථමික ඉලක්ක වෙතටය. මේවන් තත්වයක් සමග කෙටිකලක්ම ගත වනවිට සාමාන්‍ය මිනිසුන් ගේ මනස තුලද මේවා සරල කාරන බවට පත්කරයි. "මම ඔතැනට ගියත් ඕකම තමයි කරන්නේ?" වැනි සරල අර්ථ දේශපාලනය පිලිබදව ස්ථාවර කරවයි. මෙවැනි වටපිටාවකදී තක්කඩි "වාචාලයන්" දක්ශ කථිකයන් ලෙසට නැවත අර්ථ දක්වා ගන්නට පටන් ගනී.ඹවුනගේ පිනට මුත් එම රටේ අවාසානාවට ඹවුන් වෙත ස්වාබායෙන් පිහිටන වචනයේ දක්ශ බව "පට්ට තක්කඩි"කම් ස්වර්ණමය අත්පත්කර ගැනීම් ලෙසට සමාජය දෙසට විසුරවා ලන්නට කටයුතු කරයි. එරටේ මිනිස් මනසවල් තුල ස්ථාවර කරවන්නට කටයුතු කරයි. මෙයද කණෙන් අබිං කෑම වැනි යමකට වඩා වැඩි දෙයක් නොවන බව ඔවුන්ගේම අබිං පිලිබදව ඇති අර්ථ එහෙමෙහේ කිරීමේදී පැහැදිලි වනු ඇත.

රටකට නායකයින් බිහිවන්නේ


    රටකට නායකයින් බිහිවන්නේ එම රෙටේ වෙසෙන කිසියම් හෝ ජන කොටසක් තලා පෙලා දමන්නට නම් එතැන ගැටලුවක් වේ. එනමුත් විශාල මුදක් කන්දරාවක් වැය කරමින් එරට රහස් ඔත්තු අංශයන් වැනි ආයතනයන් පිහිටවමින් නඩත්තු කොට ගෙන යන්නේ පවතින පාලකයින් ගෙන් පවා රටට අවැඩැක් සිදුවන්නේ නම් එය පාලනය කිරීම සදහා බවද අමතක නොකල යුතුය. රජය නැතිනම් පාලන යාන්ත්‍රනය එකකි, කලින් කලට එහි තන තුරු දරන්නට පැමිනෙන පුද්ගලයන් යනු තවකකි. එරට පවතින යාන්ත්‍රනය අනූව එම තනතුරු සදහා පුද්ගලයින් තොරා පත්කරගන්නේ සීමිත කාලයකට වන අතර එම කාලය තුල ඔහුට හෝ ඇයට හිමිවන බලතල හැකියාවන් ප්‍රමානය එම යන්ත්‍රනය තුලම පැහැදිලිව අර්ථ දැක්වේ. අප රටේ දී මෙවා පිලිබදව ඇත්තේ අපැහැදිලි වැටහීමකි. සමහර විටක රජතුමෙකු හා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකු පිලිබදව පවා පැහැදිලි අවබෝදයන් නොමැත. ඔවුන් මේවා පටලව ගනිති. අවසානයේ අපහසුවට වේදනාවට පත්වේ. වඩාත් සංකීර්න අවස්ථාවලදී මෙසේ පහසුවට පත්වීමද තමන් ලද වාසනාවක් ලෙසට හිතන්නට පවා ඔවුන් පෙලබවන්නට විටක අවස්ථාවාදී නායකයින්ට හැකිවීම වඩාත් අවාසනාවන්ත කාරනයකි.

2015-03-21

Sri Sudharmarama Pirivena

     එකල අවිස්සවේල්ල නගරයට නැතිනම් සීතාවක පෙදෙසෙහි වෙසෙන්නන්ට තම ආගමික වතාවත් වල යෙදෙන්නට විහාරස්ථානයක් නොමැති යුගයක් විය. ප්‍රදේශයේ වූ ප්‍රභූවරුන්ගෙ මූලිකත්වයෙන් ශාන්ත මරියා පල්ලිය අසල ශ්‍රී නිවේසාරාමය නමින් දර්ශනීය කඳු ලැහැබක් පසුබිමව “වස් පොලක්” ලෙසට කුඩා විහාරස්ථානයක් ඇරබෙන ලදී. එම විහාරස්ථානය ඉදිරිපිට වන වෙල්යායේ කිවුල් ‍රැසැති ශිය බුබුලක් වූ බැවින් මෙම විහාරස්ථනයට “කිවුල් පිල්ලේ පන්සල” නමින් ද ප්‍රදේශ වාසීහු හඳුන්වන්නට පටන් ගන්නා ලදී. මෙම් ගොඩ නැගීම අවස්ථා කිහිපයකදීම ජල රකුසාට ගොදුරුවූ බැවින් 1936 වන විට ශ්‍රී නිවේසාරාමය ලෙසට වූ නාමයටද යම් යම් ගැටලු ඇතිවෙන් තිබූ බැවින් ශ්‍රී සුධර්මාරාමය නමින් නව විහාරස්ථානයක් දායක සභාවේ පූර්න අනුමැතියෙන් කටයුතු යෙදිනි.
1965 සැප්තැම්බර් 13 දා මෙම විහාරස්ථානයේ දෙවන පිබිදීම ඇතිවිය. එනම් ස්වාමීන් වහන්සේලා තොලොස් නමකට අත් පොත් කියවීමෙන් මෙහි පරිවේණාස්ථානයක් ආරම්භ කරන්නට කටයුතු කෙරිනි. කනිෂ්ඨ පිරිවනක්ව පැවති එය ඉතා සුලු කාලය කින් මහා පිරිවනක්, විද්‍යාතන පිරිවෙනක් බවට පත් වෙමින් ප්‍රදේශයට මහත් කීර්තියක් මෙන්ම අගමික සමාජීය කේන්ද්‍රස්ථානයක් බවටද පත්විය.

2015-03-19

රටේ ප්‍රධාන ලියවිල්ල සියල්ලටම වැරදිවීමේ ඛේදවාචකය....

    J.R. ජයවර්ධන මහතාට නව ව්‍යවස්ථාවක් ගෙනෙන්නට හැකි වූවේ කෙසේද යන්නද විමසිය යුතු ගැටලුවකි. එතුමන්ට එවන් වෙනසක් ගෙනෙන්නට තරම් බලයක් ලැබුනේ කෙසේද යන්නත් විමසිය යුතුය. ඒ වන විට පැවති රටේ ප්‍රධාන ලියවිල්ල ඇතුලු පාලන යාන්ත්‍රනය ස්වර්ණවිමානයට මග කියමින් සිටියේ නම් මිනිසුන් එතරම් බලයක් විරුද්ධ පක්ෂයට ලබා දුන්නේ රටේ බහුතරයක් ‍රැවටීමෙන්ද යන්නද නොසලකා හැරිය හැකි මට්ටමේ ගැටලුවක් නොවනු ඇත. පක්ෂ බේදයකින් තොරව අතීතය මහත් සුන්දරය වර්ථමානය මහත් අසුන්දරය යන මන්ත්‍රය නැවත නැවතත් ජපකිරීම නතර නොකිරීම මහත් අවාසනාවකි. එක් දෙසකින් වඩාත් සංකීර්න වන ජිවිත, තවත් දෙසකින් වඩත් වේගවත් හා සරල වන මාධ්‍ය භාවිතය බොහෝ වෙනස්කම් අතීතයට සාපේක්ෂව ගෙනැවිත් ඇත. සිද්ධියට මැදිහත් වන්නාම සිද්ධියක් වාර්ථා කරන කාලය පැමිනෙමින් ඇත.පුරාතනයේ නම් රජුට අවශ්‍ය ආකාරයට නොසිතීම දඩුවම් ලබන වරදකි. එසේ වන විට විට ඔහු ගේ දුර්වලකම්, නොපහත්කම් සටහන් වන්නේ ඉතාම කලාතුරකිනි. වර්ථමාන ලෝකයේ තත්වය මහත්සේ වෙනස්ය. මිනිසුන් ප්‍රමිතිගත නොවන විට ඔවුන්ගේ පාලනය සදහා ගෙනෙන මොනම ආකාරයක .ලියවිල්ලක්වත් සාර්ථක නොවීමද අමතක නොකලයුතු සාධකයකි.

2015-03-18

"තව දුරටත් උගතුන්ගේ ආධිපත්‍ය ඒ තරම්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැනුම සමග නිර්මානශීලී වන මිනිසුන්ගේ පැමිනීමයි"

    පැහැදිලි සැදෑව ලෝකය මත කෙටි සක්මනකට කැදවන සුහඳ ඇරයුමක් බඳුය. ටිබෙටියානු මිතුරා දහවල අහරින් පසුව මද විවේකයක් ගන්නවා විය යුතුය. සැඩ නොවන හිරු මඩල කඳු මුදුනතට පැමිනෙන්න යැයි නැවත පවසයි. ගසකින් ගිලිහී වැටෙන පත්‍රයක් වුවත් විවෘත වන්නට සූදානම් මනසකට මහත් නිමිත්තකි. "ලෝකයේ බහුලව වෙසෙන්නන් වර්ග දෙකකට බ්ර්ඳිය හැක" මේ ටිබෙටියානු මිතුරාගේ අදහස් ය. "ඉන් එක කොටසක් ජීවිතය ගැන මුලික අරගලයේ සිටී. හැබැයි මේ කොටස වටා සිටිනා තවත් කොටසක් කයින් මේ මූලික අරගලයෙන් මිදී සිටියද මනසින් ඔවුන් හා සමවන්නෝමය. පැහැදිලි අනෙක් කොටස නම් විමසිලිමත් ජීවිතය නිද්‍රාවට පත්වූ අඩව පියන් දෙනෙතින් ලොව දේ බලා සිටින්නෝය. ඔවුන් කති බොති, නිදියති හැරෙන්නට ජීවිතය සමග වෙනත් ගනු දෙනුවක් නැත්තෝ පරිදිය" ඔහු ලොකය අර්ථ දක්වන්නට මහත් රුසියෙකි. "තව දුරටත් උගතුන්ගේ ආධිපත්‍ය ඒ තරම්ම වැදගත් නැහැ. වැදගත් වන්නේ දැනුම සමග නිර්මානශීලී වන මිනිසුන්ගේ පැමිඔනීමයි" සමහර විටක එම මතය පිලිගන්නට තව කාලයක් යන්නට පුලුවන වේගයෙන් දියුනු වන පරිගණකය වැනි උපකරන්ම අසුරු සැනින් දැනුම භාවිතාකරන්නා කරා ගෙන එන්නට නිරන්තරයෙන් සූදානම් වෙමින් සිටී. දියුනු වන AI වැනි තාක්ශනයන් ඒවා වඩාත් නම්‍යව හා ස්ථානොචිතව පහසුවෙන් ගෙනෙන්නේ කෙසේ දැයි නිරන්තරයෙන් විමසමින් සිටී. මේ පසුබිමව සැලකීමේදී වසර සිය ගනනකමිනිස් වර්ගයාගේ ආධිපත්‍ය අවකාශයක් වේගයෙන් අස්ථාවර වෙමින් තිබේ. පැමිනෙන ලෝකයේදී බරපතලව පියවර තබන ආඩම්බරකාර වියතුන් අසරනව යන්නේ ඔවුන් මහත් ආඩම්බරයෙන් මතකයේ ටදවා ගෙන සිටින බොහෝ තොරතුරු ලබාගැනීම යාන්ත්‍රිකව වන්නට නියමිත බැවිනි. මේ ගම්වැසියන්ගෙන්ද හෙලිවන ප්‍රධාන කාරනාවක් වන්නේද එයයමය. ඔවුන් සතුව පරම්, පරාවෙන් එන මහා බ‍රැති පොත් පත් සමුදායක් නැතිය.නමුත් දියුනු ලොවට පවා අභියෝගකල හැකි අවබෝධයකින් ඔවුන් ජීවත්වේ. තම පරිසරය සමග ගනු දෙනු කෙරේ.

2015-03-17

“දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි”

    එලබෙමින් ඇති ගිම්හානයේ නගරය වෙතට ආපසුව යා යුතුව ඇත. “දැනුම කෑ ගසන විට අවබෝධය වඩාත් නිහඬ කරවයි” වරක් අප සවන් දුන් විද්වතෙක් තම අපූර්ව වාචික දේශන සංචාරයේ දෙපැය නිම කලේ එලෙසය. “ඔබ මෙතෙක් නොගොස් ඇති බොහෝ ප්‍රදේශ පෘතුවිය මත ඇත. සමහර ප්‍රදේශ වෙතට යන්නට ඔබගේ ආගම, හෑදෑරීම් බලකරමින් සිටිනවාද වන්නට හැක. මම ඔබෙන් අසන්නේ ඔබ සැරිය යුතු වඩාත්ම අපූර්ව ප්‍රදේශය පිහිටා ඇත්තේ ඔබගේම මනස තුල බවයි. එහි ඔබට ආපස්ස මෙන්ම ඉදිරියටද යන්නට අපමන අවකාශයක් ඉතිරිව තිබියදී දෛනික ජීවිතයට හුරු පුරුදු සීමිත අවකාශයක පුරුද්ද්ක් ලෙසට සරමින් ඔබ සීමා වී ඇති සැටි ඔබ නොදන්නවා විය හැකියි. මම සපත කොට ඔබට යෝජනා කරන්නට කැමතියි ඔබගේ විසිතුරුම සංචාරය වැටී ඇත්තේ ඔබගේම මනස මත්තෙන්ම පමනයි. එහි නොයන ඔබ ලොවමත කොතරම් දුරක් ඇවිද ගියද පලක් නැති බව මගේ යෝජනාවයි” ඔහුගේ දේශයනය අවසන් කොට විනාඩි කිහිපයක් ගතවන තෙක්ම දේශන ශාලාව දැහැන් ගත වූවාක් මෙන් තබාලන්නට සමත්විය.
මේ තොරතුරු වඩාත් ක්‍රමවත් කර ලෝකය වෙතට පවසන්නට අවශ්‍යය. දැනුම පැහැදිලි කල හැකි මුත් අවබෝධය මදක් අපහසුය. දැනුම පොදුවන විට අවබෝධය “පෞද්ගලික හා පොදු” අවකාශයක අතර ඉදිවන්නකි. එවිට වඩාත් නිර්මාණශීලී වන්නට සිදුවෙයි. එලබෙන ගිම්හානය අවසන් වන්නට මත්තෙන් සියලු කටයුතු අවසන් කරන්නට අවශ්‍යය. විටක ඇය තම කෙටිකාලීන හැදෑරීම් අවසන් කර නැවත නගරය වෙතට පැමිනෙන්නට සූදානම් වනවාද විය හැක. ආශ්‍රම දොර‍ටුවේ වන සියුම් කැටයම් වෙනදාට වඩා පැහැදිලිව පෙනෙනවා වැනිය. ඒව තුල මෙතෙක් නොදු‍ටු තවත් බොහෝ අරුත් ඇතුවා සේ හැගේ.
-සිලිකන් නිම්නයට ඔබ්බෙන් වන තරුමිනිසුන්ගේ කථාව…(13)-  www.itlk.us

2015-03-12

Thibiripola raja lena

  තිබිරිපොල පිහිටි රන්පත්ගල ආසන්නයෙන් සීතාවක ඔය තරනයකර කිලෝ මීටර එකක් පමන යකහ‍ටුව කන්දේ ගමන් කල විට කටාරම් කොටා සකස් කරන ලද විශාල ගල් ලෙන් දෙකක් හමුවේ.හත්තක හැඩයට පිහිටි මෙහි එක වර දහස් ගනනකට වුවද නොතෙමි සිටින්නට ඉඩකඩ වේ.බිම් මලු දෙකකට සකස් කර තිබූ බවට ලක්ෂන ඇති මෙහි එක් කොටසක් ආරාමයක් ලෙසට භාවිතාකරන්නට ඇති බවට උපකල්පනය කල හැක. එහි වන කෙටි බිත්ටිවල කොටස් අදද දකින්නට හැක.මෙම ලෙන් දෙකෙහිම කි.පු. දෙවන සියවසට අයත් බ්‍රාහ්මීය අක්ෂර සහිත ලිපි දෙකක්ද වේ. එම ලිපියට අනූව තිස්ස නම් උපාසකයෙකු විසින් මෙම ලෙණ සංඝයාට පූජා කරන ලද බවක් කියවේ. අසලින් වන කුඩා ලෙනෙහිද එකවර පනහක පමන පිරිසක් සිටිය හැකි විශාලත්වයක් වන අතර ගල් කුලෙහි වන කුඩා වලවල් වලින් මෙහි දැව වහලයක්ද කරවා තිබූ බවට උපකල්පනය කල හැක.අසලින් ගල යන කුඩා දිය පහර මෙම ස්ථානයේ සුන්දරත්වය වඩාත් ඔප්නංවයි. මෙම තොරතුරුද ඇසුරෙන් සැලකූ විට ක්‍රි.පූ. දෙවන සියවස පටන්ම සිතාවක ආශ්‍රිතව යෝගාවචර භික්ෂූන් වහන්සේලා වැඩ සිටි බවට වඩාත් තහවුරු වේ.

2015-03-06

දේශපාලකයින්ගේ අසමත්වීම්ද බැරවෙමින් ඇත්තේ "විවස්ථාවේ වරදක්" ලෙසට වීම...

    එක් විසුලු කථාවකදී ලාංකික මොලයක් ඉතා වැඩි මිලට විකිනෙනේ එයින් වැඩක්ම ගෙන නැති නිසාය. වර්ථමාන ලාංකික ආන්ඩුක්‍රම විවස්ථාවද වරද්දා ගන්නට හැකි බොහෝමය අවස්ථා අප සාර්ථකව අත්හදා බලා තිබෙන බව මෙන්ම එහි ධනාත්මක භාවිතාවන් නම් ඉතාම අඩුවෙන් අත්හදා බලා ඇති බව මගේ හැගීමයි. ක්ශනික තීර්න ගැනීමෙ හැකියාව, සුලු පක්ෂවලට පවා අවස්ථාවක් ලැබීම, අනිවාර්යෙන්ම එක් පුද්ගලයෙකුම නොව තම නියෝජිතයා හැටියට පක්ෂයකින් පැමිනෙන පිරිසක් අතරින් වඩාත්ම සිත් ගත් පුද්ගලයෙකු තොරා ගැනීමේ අවස්ථාව වැනි බොහෝ අවස්ථා එහි ඇත. ඉතා පරිස්සමින් විවස්ථාදායකය හා  අධිකරනය සමග කටයුතු කරමින් රටේ ජන ජීවිත වල සංහිඳියාව සුරකිමින් ලොව මත ස්ථාවර රටක් වන්නට එයටා එති හැකියාව අප අත්හදා නැති බව මගේ හැගීමයි. කොටින්ම දේශපාලකයින්ගේ අසමත්වීම්, අවිනීතකම්, වෙනත් නොපහත් පහත්කම් සියලේම අවසාන චෝදිතයා වන්නට එයට සිදුව ඇත.
               සමහර විටක ලාංකික දේශපාලන මනස රාජත්වය සිට එකවරම විවස්ථාවක් මත පාලනය වීම දක්වා පොලා පනින්නට අසමත්වීම මෙයට එක් හේතුවක් විය හැක. සමහර විටක ආක්‍රමනික බටහිර ජාතීන් ඔවුන්ගේ පහසුව සදහා ප්‍රමුකතමව අප වෙතට විවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය වැනි සංකල්ප ගෙනත් දැමූ විට අත්වන අසරන බවින් අප තවමත් මිදී නැතුවා වීම මෙම ගැටලුවේ ගැබුරේ සිටින සැබෑ සත්‍ය විය හැක. ගැටලුව වඩාත්ම සංකීර්න වන්නේ ජනතාව මෙන්ම දේශපාලකයින්ද මේ ආගන්තුක සංකල්ප වෙතට අමාරුවෙන් හෝ අනුගත වෙන්නට උත්සාහ කරනවා වෙනුවට ඒවා සමග කෙලි දෙලෙන් කටයුතු කරන්නට උත්සාහ කිරීමය.

මිනිස් වර්ගයා මෙපමන දුරක් ගෙන ආ ප්‍රදාන සාධයකය වූ කුතුහලය තවමත් ඔහු සතුව තිබෙනවා විය යුතුය

     "අප බලාපොරොත්තු වුනේ ඔබ ඊයේ පැමිනේවි කියලයි" ගබඩා භාරකාරතුමා කාර්යාලයේ දොරකඩ විය. "කොහොමද ඔබගේ කටයුතු සියල්ලම සාර්තකද? ගම් වාසීන් පිලිබදව බොහෝ තොරතුරු ඔබ සතුව ඇතැයි මම සිතනවා.." ලොව ප්‍රකට විශ්ව විද්‍යලයක පුස්ථකාලාධිපති ධූරයක් දරමින් සිටි ඔහු තම ඉන්දියූනු සංචාරයකදී දැන හඳුනා ගත් දහමක් පිලිබදව වැඩි දුර අවබෝදයක් සොයමින් සිටින විටකදී අහබු ලෙස ලැබුනු හෝඩුවාවක් ඔස්සේ මෙහි පැමිනි බව මට කීවා මතකය. මෙහිවන අපූරු රිද්මය ඔහුගේ සිත්ගත් ප්‍රමානය කොපමනදැයි කිව හොත් පැමින කෙටි කලකින්ම තම් සේවාස්ථානයෙන් සමුගෙන මෙහි පැමින තිබිනි. මා ආගන්තුකව පලමුවෙන්ම මෙහි පැමිනි දිනයේදීම ඔහු සතුවූ අපූරු ගතිගුන සිත්ගත්තාය. සාමාන්‍ය මිනිස් පරිසරයකදී ආගන්තුකයෙකුට ලැබෙන සැක සහිත පිලිගැනීම මෙහි නොවිනි. විවෘතබව හා සුහඳ බව එහි විය. මේ අපූර්ව ගම්වාසීන්ගේ සිත්ගන්නා තොරතුරු පලමුවෙන්ම මම දැන ගත්තේ මොහුගෙන්ය. "ඔබ මේ ගමන්ම අශ්‍රමය මුදුනතට යනවාද , නැතිනම් දහවල් ආහාරයෙන් පසුව යනවාද? බොහෝ විට ඔබගේ මිත්‍රයා පහලට ඒවි."  පැමිනෙන්නන්ගේ සුව පහසුව ඔහුගේ රාජකාරියක්ම ලෙසට වඩා යමක් ලෙසට හැගෙනවා වැනිය. සූහඳ බව මුල් ස්වභාවයෙන්ම ඔහු සතුව තිබෙනවාක් වැනිය. සමහර විටක විශ්වවිද්‍යාල  පරිසරයෙන් එය උරුම වන්නට ඇත නැතිනම් ඔහු ‍රැස්කරගෙන තිබූ අපමනක් කියවීම් ඔස්සේ මේ අපූරු විනය පැමින තිබෙනවා විය හැක. "ඔබට මොකද හිතෙන්නේ මේ ගම් වාසීන් ගැන?" මිනිස් වර්ගයා මෙපමන දුරක් ගෙන ආ ප්‍රදාන සාධයකය වූ කුතුහලය තවමත් ඔහු සතුව තිබෙනවා විය යුතුය. "මට හිතෙනවා මිනිස් කථාන්දරයේ අපට මග හැරුනු සමහර දෑ ඔවුන් සතුව තිබනවා කියලා.." මම පැහැදිලි කරන්නට  විනිමි. "මිනිසුන් ලෙසට ඔවුන් තම පරිසරයත් සමග ඇති ගනු දෙනුව හරිම සරලයි. හරිම සියුම්. අපි වාගේ නොවෙයි. ඔවුන්ගේ ජීවිත කතාන්දරය පරිසරය මත ලියවෙන්නේ වඩාත් සංවේධී විදිහට. සරල උදාහරනයක් ගත හොත්  ඔවුන් ඉදහිටක හෝ පැමිනෙන විශාල ජල කඳකට තම වගා බිම් වලට හානියක් වනට ඉඩ නොතැබෙන්නේ එයට එරෙහිව නොව එහි වන බලය තේරුම් ගෙන එය හා එකග වීමෙනියි" ඔහු සිහින් සිනාවකින් මා දෙස බලන්නේ මහත් තෘප්තියකින් වනිය. සමහර විට පලමු දිනයේදීම තමන් අතින් දැල්වූ කුතුහලයේ කුඩා පහන්සිල මෙතරම් වර්ධනය තිබීම ගැන සතු‍ටු වනවා විය යුතුය.
www.itlk.us (Dhttha Minisa)