2013-09-11

Adobe හි Flash player හා Reader සදහා වැදගත් මට්ටමේ යාවත්කාලීන......

  Adobe ආයතනය තම  Flash Player, AIR, Shockwave Player, Acrobat හා Reader සදහා මේ වන විට යාවත්කාලීන නිකුත්කොට ඇති බවටයි කියවෙන්නේ.Windows හා  Mac සදහා වන ලෙසට නිකුත්ව ඇති මෙම යවත්කාලීනයන් ඔවුනගේම ශ්‍රේනිගතකිරීම් වලට අනූව Priority 1 ලෙසට දක්වා සිටිනවා. Flash player සදහා වන යාවත්කාලීනයන් Linux haa Android සදහාද නිකුත්ව ඇති බවටයි වැඩි දුරටත් ඔවුන් පවසා සිටින්නේ. එසේම වැඩි දුරටත් පවසන්නේ Reader හා  Acrobat සදහා වන යාවත්කාලීනයන් අතාවශ්‍ය මට්ටමක නොවන බවයි. පහත දැක්වෙන්නේ ඔවුන් වඩාත් අනතුරු අගවන Flash player හා Reader සංස්කරන වල තොරතුරු වන අතර යාවත්කාලීන ලබා ගැනීමේදී ඔවුනගේ අදාල වෙබ් අඩවියෙන්ම හෝ මෘදුකාංගයේ යාවත්කාලීන යොමුව ඔස්සේ පිවිසීම වැදගත් බවටයි නිවේදනය වන්නේ.

  • Adobe Flash Player 11.8.800.94 and earlier versions for Windows and Macintosh
  • Adobe Flash Player 11.2.202.297 and earlier versions for Linux
  • Adobe Flash Player 11.1.115.69 and earlier versions for Android 4.x
  • Adobe Flash Player 11.1.111.64 and earlier versions for Android 3.x and 2.x
  • Adobe AIR 3.8.0.870 and earlier versions for Windows and Android
  • Adobe AIR 3.8.0.910 and earlier versions for Macintosh
  • Adobe AIR 3.8.0.870 SDK & Compiler and earlier versions for Windows
  • Adobe AIR 3.8.0.910 SDK & Compiler and earlier versions for Macintosh


  • Adobe Reader and Acrobat X (10.1.7) and earlier versions for Windows and Macintosh
  • Adobe Reader and Acrobat XI (11.0.03) and earlier versions for Windows and Macintosh
  • Chrome Enterprise Premium නිකුතුවක්.

    Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...