2014-03-22

Intel වෙතින් ප්‍රොසෙසර් පෙලක නිකුතූන්ට සූදානමක්

  Intel ආයතනය නිකුත්කරන නවතම නිවේදනයකට අනූව කියවෙන්නේ තම ආයතනය  desktop PC වෙතින් සම්පූර්නයෙන් අවධානය ඉවත්කර නොමැති බවකි. එනම් තම ආයතනය ඉදිරියේදී  Core i7 ප්‍රොසෙසරයක් eight cores හා  16 threads හැකියාවන් ගෙන් යුතුව නිකුත්කරන්නට සැලසුම් කර ඇති බවකි. 2014 දේවන භාගයේ නිකුතුවට සැලසුම්ව ඇති මෙම ප්‍රොසෙසරය ආයතනයේ ශ්‍රේනි ගත කිරීම් වලට අනූව  Extreme Edition කාන්ඩයට අදාලව නිකුත්වන්නට නියමිත බවටයි  පැවසෙන්නේ. වැඩි දුරටත් තොරතුරු හෙලි නොවුනද මෙම නිකුතුව DDR4 මතක පත් සදහා සහය දක්වන මට්ටමේ ව්නු ඇති බවටයි නිවේදනය වන්නේ. මීට අමතරව Intel ආයතනයේ ඉදිරි සැලසුම් අතර unlocked ආකාරයේ  fourth generation Core processor නිකුතුවක් සදහාද 2014 මැද භාගයේ සැලසුම්ව ඇති බවට පවසන අතර "Devil's Canyon" එය නම්කරන අතර එය performance හා  overclocking හැකියාවන් ගෙන් සමන්විත වනු ඇති බවට පවසා සිටිනවා. මීට අමතරව 21 වසරකට පෙර සිදුවූ Pentium processor නිකුතුවේ සංවත්සර නිකුතුවක් පිල්;ඉබදව නිවේදනය කරන එම ආයතනය පවසන්නේ Anniversary Edition නිකුතුවක නිවේදනයක්ද කරමින් සිටිනවා. එහි core වල ක්‍රියාකාරීත්වය ස්වාධීනව ඉහල නැංවිමේ හැකියාව ඇතුලු දියුනු කිරීම් කිහිපයකින් සමන්විතව පැමිනෙන්නට සැලසුම් ඇති බවටයි පවසන්නේ.  මීටත් අමතරව එම ආයතනය පවසන්නේ හතරවන පරම්පරාවේ "Broadwell" ප්‍රොසෙසර නිකුතුවක් ගැනද නිවේදනය කරන එම ආයතනය එය  Iris Pro Graphics මට්ටමේ නිකුතුවක් ලෙසට නිවේදනය කරනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...