2014-04-18

තොරතුරු ලොකයේ නව ප්‍රවනතා........

  තොරතුරු ජීවිතය නිශ්චිත උපාංග වලින් මිදී සමාන්‍ය ජීවිතය පැමිනීම තවදුරටත් ප්‍රබන්ධමය කාරනාවක් නොවීම සිදුවෙමින් තිබෙනවා. දැනට තොරතුරු ලෝකයේ ප්‍රධානතම කවුලුව වන තිරය තවදුරටත් දැනට පවතින ආකාරයේ සාම්ප්‍රධායික බවින් මිදෙන්නට අවශ්‍ය බවටයි නෙක ආකාරයෙන් ප්‍රකාශ වෙමින් ඇත්තේ. පසුගිය කාලයේ මයික්‍රසොෆ්ට් ආයතනය පර්යේක්ෂන මට්ටමින් තිරයේ ධාවනය වන පරිගණක ක්‍රීඩාවේ අමතර පරිසරය තිරයට පසුපසින් වන විසිත්ත කාබරයේ බිත්තිය මත හෝ වෙනත් ගෘහ උපකරන මතට ප්‍රක්ශේපනය කරන්නටත් ඒම පසුබිමේ ස්වභාවය සමග නම්‍යව එම ප්‍රක්ශේපනය  වෙනස් කරන්නටත් සාර්ථක අත්හදා බැලීමක් වාර්ථා කරනු ලැබුවා.
                    මතුවෙමින් තිබෙන නව ප්‍රවනතාවයන් වන්නේ තත්වය වඩාත් සංකීර්න වීමයි. නිශ්චිතව නිපදවෙන මිල අධික සාම්ප්‍රධායික තිරවලින් මිදී ඔබගේ නිදන කාබරයේ බිත්ති මතට ඔබගේ සමාජජාලා ගිනුමට ලැබෙන හිත මිතුරන්ගේ ප්‍රතිචාර සටහන් පැමිනීම , ආයතනයේ ප්‍රගතිය පිලිබදව අලුත්ම පොදු වාර්ථාව ආයතන අභ්‍යන්තර විශාල බිත්තිය මත කාටත් පහසුවෙන් දැක ගත හැකි ලෙසට ප්‍රක්ශේපනය වීම , මෑතකදී ඔබ කදුකරයට ගිය විනෝද චාරිකාවේදී ලබාගත් දර්ශන අතරින් වඩාත් සිත්ගත් රූ සටහන් දවසේ රාජකාරී නිමවී නිවසන පැමිනෙන විටදී වඩාත් තාත්විකව දක්නට ලැබීම වඩාත් සිත්ගන්නා සුලු වනු ඇත. ඇත්තෙන්ම සැබෑම තත්වය එතැනින්ද මදක් ඔබ්බට යමින් එම සටහන් සමග ඔබට අන්තර්ක්‍රියා කරන්නට හා එම සටහන් තුලවන වඩාත් වැදගත් අංගයන් විශාල කරමින් තවත් දෑ සමග සම්බන්ද කරමින් නරබන්නට මෙන්ම ටැබ්ලට් වැනි තිරයකට මාරු කරගන්නට මෙන්ම සමජ ජලා වැනි ගිනුම් අතර හුවමාරු කරගන්නටත් ඉඩ ලැබෙන තරමේ නම්‍ය භාවිතාවක් සමග එය පැමිනීම සැබවින්ම ඔබගේ සිත්ගන්නා සුලු වනු ඇත.
"තොරතුරු ලොකයේ නව ප්‍රවනතා" වලින් ගත් උපුටනයකි.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...