2014-04-05

Google වෙතින් wireless cell phone සේවාවක්!!!

  පලවන නවතම තොරතුරක් හෙලිකර සිටින්නේ Google ආයතනය විසින් තමන්ගේම wireless cell phone සේවාවක් කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බවකි. බොහෝ විට අලුත් අවකාශයන් වෙතට තම ව්‍යාපාරික ක්‍රියාකරීත්වයන් මුදා හරින්නට කැමැත්තක් දක්වන ආයතනයක් ලෙසට ගැනෙන මෙම  ආයතනය Android වෙතට දැක්වූ අවධානය මහත් ප්‍රසාදයක් ලබමින් වෙගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින්නකි. එසේම Google වෙතින් එන super-fast Google Fiber  අන්තර්ජාල සේවාව ක්‍රමයෙන් ‍තෝරා ගත් නගරයෙන් නගරයට මහත් ආකර්ශනීය බවක් සමග පැතිරෙමින් ඇත්තක් ලෙසට සැලකෙනවා. පැමිනෙතැයි බලාපොරොත්තුවන මෙම සේවාව දැනට එම ක්ශේත්‍රයේ ප්‍රමුකයන් වන AT&T, Sprint, T-Mobile, Verizon සේවාවන් සදහා හොඳ තරගයක් ලබා දෙනු ඇති බවටයි බලපොරොත්තුව වන්නේ. දැනට පැතිරෙන තොරතුරු වැඩි දුරටත් හෙලි කරන්නේ පදනම් මට්ටමේ සිට එම සේවාව ගොඩ නැගීම වෙනුවට මිලදී ගන්නා පවතින සේවාවන් අඩු මිල යටතේ නැවත අලවිකිරීම ඔවුනගේ උපංක්‍රමය විය හැකි බවකි. එය දැනට පවතින අනෙකුත් සේවාවන් සේම ඇමතුම් පහසුකමට අමතරව Text යැවීම මෙන්ම Internet භාවිතාවට සහයදීම සිදුකරනු ඇතිබවටත් නිවේදනය වනවා. සමහර විටක මෙම පිට්යවර ඔවුනගේ  Nexus-branded දුරකථන සදහා වැඩි අවධානයක් දිනා ගැනීම සදහාද  විය හැකි  බවටයි විචාරනය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...