2014-04-01

XP සමුගන්නට සතියකි. භවිතාව(Pcs) 27,69% කි.

  වසර 12ක සේවයකින් පසුව Windows XP මෙහෙයුම් පද්ධතිය නිල ලෙසට සමුගැනීමට ඉතිරිව ඇත්තේ තව සතියක කාල සීමාවකි. මෙම නිකුතුවෙන් අනතුරුව මේ වන විට Microsoft ආයතනය මෙහෙයුම් පද්ධති තුනක් පමන නිකුත්කරන්නට කටයුතු කල අතර Vista මෙහෙයුම් පද්ධතිය අසාර්ථක වූ මුත් ඉන් අනතුරුව පැමිනි වින්ඩෝස් 7 මෙන්ම මෑතම නිකුතුව වන වින්ඩෝස් 8 කෙමෙන් භාවිතයට පිවිසෙමින් තිබෙයි. ඒ අතර වාරයේ Windows XP භාවිතයෙන් භවිතාකරන්නන් ඉවත්කර ගැනීම සදහා එම ආයතනය නෙක ආකාරයේ ක්‍රමවේද හදුන්වාදුන් මුත් ආසන්නම වාර්ථාවක් පවසන්නේ තවමත් ලොව පුරා Pcs වලින් 27.69%ක්ම windows XP භාවිතාවෙමින් ඇති බවකි.  Net Applications ආයතනය වෙබ් අඩවි වෙත පැමිනීම් දස දහස් ගනනක් ඇසුරින් කරන ලද මෙම ගනනයන් පවසන්නේ තවමත් ලොව දෙවන වැඩිම භාවිතාවක් ඇති මෙහෙයුම් පද්ධතිය බවට වින් XP සිටින බවයි. එම වාර්ථා පවසන්නේ මේ වන විට ලොව වැඩිම භාවිතාවක් (Pcs අතරින්) ලබන මෙහෙයුම් පද්ධතිය වන්නේ  වින්ඩෝස් 7 වන අතර එය සංක්‍යාත්මකව 48.77% ලෙසට වන බවයි.
                   XP භාවිතාවේ අනතුරුදායක බව පැහැදිලි කරමින් මයික්‍රසොෆ්ට් ආයතනය පවසන්නේ හානිකරයන් ලියන්නන්ගෙ වැඩි අවධානයක් ලබා ගන්නට මෙම දිනයෙන් පසුව ඇති ඉඩ සැලකීමේදී කලපනාකාරීවීම වැදගත් බවයි. සමහර විටක දැනටමත් මයික්‍රසොෆ්ට් නිල යාවත්කාලීනයන් ගෙන් තොරව භාවිතාකරන්නෙකුට වුවද එම නව ප්‍රවනතාවය සමග වැඩි අනතුරුදායකබවක් වන බවටයි හදාරන්නන්ගේ මතයද වන්නේ. 

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...