2014-06-27

පැමිනෙන්නට නියමිත Android L

  Android L සංවර්ධකයන් අතට පත්වීමට නියමිත මීලග Android සංස්කරනය ලෙසට මේ වන විට නිවේදනය වී හමාරය. Google ආයතනය තම වාර්ෂිකව පවත්වනු ලබන  I/O වල 2014 හමුවේදී මේ බව නිවේදනය කරන්නට කටයුතු කර සිටියාය. මෙහිදී කථා බස් කෙරෙනු නවාංග අතර Android Wear මෙන්ම Android TV ද වනවා. Android L සමග Google ආයතනය තම ප්‍රකට මොබයිල් මෙහෙයුම් පද්ධතියේ අනාගතය දිශාකිහිපයකට චලනය කොට ඇති බවටයි විචාරනය වන්නේ. ඔවුන් යෝජනා කරන්නේ platform එකක් ලෙසට Android ඉදිරියට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින බවයි. තවදුරටත් මෙහෙයුම් පද්ධතියක් හුදෙක් එක් උපාංගයකට සීමාව සිටීම අතාර්කික වීම ඔස්සේ සලකා බැලීමේදී Google TV හා  Google Wear සමග එය දෛනික ජීවිතය තුල වඩාත් ප්‍රායෝගික වපසරියක් හිමි කර ගන්නට උත්සාහ කරමින් සිටින බවටයි දැක්වෙන්නේ.
                    භාවිතාකරන්නන් සදහා වඩාත් සුව පහසු ආකර්ශනීය බවක් ගෙනෙමින්  Material Design සමග නව මෙහයුම් පද්ධතිය වඩාත් සුමට අත්දැකීමක් කරන්නට කටයුතු කොට තිබෙනවා. ආයතනය තම ඉදිරිපත්කිරීමේ පෙන්වා දුන්නේ භාවිතාවේදී වඩාත් චලනීය ස්වභාවයකින් එය භාවිතාකරන්නා වෙතට පැමිනීමට සූදනමින් සිටින බවකි. එසේම Cromebook වැනි හිතවත් උපාංගයක් ලග තිබෙන විටකදී එය ඔස්සේ භාවිතාකරන්නාගේ අනන්‍යතාවය හඳුනා ගන්නට කටයුතු කිරීමත් notifications වැනි දෑ එම උපකරන ඔස්සේද භාවිතකරන්නා වෙතට නිකුත්කරන්නට හැකිවීමත් එහිදී දැක්වුනු ආකර්ශනීය කාරනා වනවා. Android Auto සමග කටයුතු කිරීමේදී ඔබගේ අනන්‍යතාවය පහසුවෙන් එය සමග හුවමාරු කරගන්නටත් එහිදී ඔබගේ ප්‍රියතම සංගීත කාන්ඩ විස්තර , පැමිනෙන මෙන්ම යවන Text පනිවිඬ තොරතුරු ඇමතුම් යොමුකිරීම් ආදිය බොහෝ කරුනු වලදී නව මෙහෙයුම් පද්ධතිය වඩාත් නම්‍යව කටයුතු කරන්නට සූදානම් බවටයි දක්වූවේ. කෙටියෙන් පවසන්නේ නම් තවදුරටත් Desk Top මෙන්ම Mobile හා wearable වැනි පැරනි ආකාරයේ එකි නෙකාගෙන් වෙන්වූ අනන්‍යතාවයන් සහිත තොරතුරු භාවිතාව තවදුරටත් වලංගු නොවීමේ පනිවිඬය Android L තහවුරු කොට සිටිනවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...