2014-06-27

නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංගයක්....

  අනාරක්ශිත තොරතුරු උපකරනයක් යනු තව දුරටත්  එම උපකරනය භාවිතාකරන්නාගේ පෞද්ගලික කාරනාවක්ම පමනක් නොවන බව වර්ථමාන පිලිගැනීමයි. විශේෂයෙන් ජාලගත වීම බහුල වෙමින් ඇති යුගයක මෙන්ම සැලකිය යුතු වේගයක් සහිත ජාල ගත වීමේ පහසුව බහුල වෙමින් ඇති යුගයක මෙම ප්‍රවනතාවය වඩාත් ඉස්මතුව පෙනෙමින් ඇති බවටයි හදාරන්නන් අවධාරනය කරන්නේ. එක් අතකින් තොරතුරු මෙසේ අවධාරනය වෙද්දී තවමත් තවත් දෙසකින් කුඩා පරිමානයකින් උවත් අකටයුතු ලෙසට සංක්‍රියකරන ලද ආරක්ශක මෘදුකාංග භාවිතාවටද අවධානය යොමුකරන්නට උත්සාහ කිරීම කොතරම් භ්‍යානක විසුලු සහගත කාරනාවක්ද යන්න තව දුරටත් පැහැහිලි කල යුතු නොවේ. මිළදී ගත යුතු ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට යා නොහැකි හැම විටම නොමිළේ ලබා ගත හැකි ආරක්ශක මෘදුකාංග සංස්කරනයකට පිවිසීම වඩාත්ම නුවනැති කටට්යුත්තක් වමු ඇති බවටයි හදාරන්නන්ගේ උපදෙස වන්නේ.
                       අඩු බලැති පරිගණකයේදී උවත් සැහෙන දුරකට හොඳින් ක්‍රියාත්මකවන නොමිළේ ලබාගත හැකි මෘදුකාංග අතර වඩාත් සාර්ථක ආරක්ශක මෘදුකාංගයක් ලෙසට සැලකෙන Avast ආරක්ශක මෘදුකාංගය වඩාත් දියුනු කල ආරක්ශක අංගයන් කිහිපයකින්ම සමන්විතව පැමින ඇති බවටයි නිවේදනය වන්නේ.AutoSandbox පහසුව සැලසහිත ගොනු සදහා වඩාත් සාර්ථව හඳුනා ගැනීමේ හැකියාව වැඩි දියුනු කරන ලද  cloud scanning පහසුව වෙගවත් යාවත්කාලීන නිකුත්කිරීමේ හැකියාව පමනක් නොව හානිකරයන් ඉවත්කිරීමේදී වැඩි දියුනු කරන ලද නව යාන්ත්‍රනය මෙහි ඇති කැපීපෙනෙන කාරනවලි කිහිපයක් ලෙසටයි දැක්විය හැක්කේ. මීට අමතරව web browser pluginsඔස්සේ වෙබ් සැරිය වඩාත් ආරක්ශා කර දීම  Do-Not-Track (DNT) පහසුව මෙන්ම  SafeZone ඔස්සේ අන්තර්ජාලය තුලදී වන ගනුදෙනු සදහා වඩාත් ආරක්ශිත අවකාශයක් නිර්මානය කරදීම පමනක් නොව පද්ධතිය හදිස්සි බිඳ වැටීමකදී භාවිතයට ගත හැකි Rescue disk භාවිතාකරන්නෙකුට පහසුවක් වනු ඇත. මෙම ආරක්ශක මෘදුකාංගයේ නවතම සංස්කරනයක් වන මෙහිදී හඳුනා ගෙන තිබූ දුර්වලතා කිහිපයක්ම නිවරදි කරන්නට කටයුතු කර ඇති බවටත් එම ආයතනය නිවේදනය කර සිටිනවා.(මෘදුකාංග ස්ථාපනයේදී අනවශ්‍ය අමතර මෘදුකාංග ස්ථාපනය වලකා ගැනීම සදහා කල්පනාකාරීව එහි පියවරයන් පසු කිරීම වැදගත් වනු ඇත. සමහර විට එම අනවශ්‍ය මෘදුකාංග කොටස් ස්වංක්‍රීයව ස්ථානයට හැකිවන සේ සැකසුම් වී එම පියවරයන් අතර වන බැවින් කල්පනා කාරීව සිට අනවශ්‍ය එකගවීම් (හරි ලකුනු වැනි) මග හරින්නට කටයුතු කල යුතුවේ.)

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...