2014-07-18

Bing සෙයුම් යන්ත්‍රයද 'right to be forgotten' සදහා සූදානම් බවට නිවේදනය වේ.

    එහි විෂය වන්නේ තොරතුරුය. එය දැනගන්නා තොරතුරු ප්‍රමනය වැඩි වෙත්ම එයට නැවත ඔබට ලබා දෙන්නට හැකි සේවාවේ ප්‍රමනයද වැඩි වේ. එය කිසියම් විෂයක් ගැන දැන ගන්නා තොරතුරු ප්‍රමානය වැඩි වෙත්ම ඔබට ලබා දිය හැකි විස්තර වැඩිවනවා මෙන්ම ස්වරූපයන් මෙන්ම අවස්ථාද වැඩිවිය හැක. පුද්ගලයෙකු ලෙසට ඔබ ගැනද තත්වය එසේමය. ඔබගේ වෘතීය ජීවිතය, සමාජ ජීවිතය , විනෝද ජීවිතය මෙන්ම ආර්තික ජීවිතය සදහාද තත්වය එසේමය. උදාහරනයක ලෙසට ඔබගේ පරිගණක ක්‍රීඩා ප්‍රියතාවය දැනගන්නට දැනගන්නට අලුතින් පැමිනෙන ඔබගේ ප්‍රියතාවයට වැඩියෙන්  ගැලපෙන ක්‍රීඩා පිලිබදව සොයා බලා යෝජනා කරන්නට කටයුතු කරනු ඇත. කාර්ය බහුල දිනයේ සැන්දෑවේ විනෝදය සදහා මනසේ මෙන්ම කායිකව තත්වය ස්වංක්‍රීයව විමසමින් වඩාත් ගැලපෙන හා ප්‍රියත්වය වඩාත් උත්තේජනය කරවන ක්‍රීඩාව යෝජනා කරන්නට එයට හැකි වනු ඇත.
                                        තත්වය වර්ධනය වෙත්ම තවත් ආකාරයක ගැටලුවක්ද ආරම්භ වනට පටන් ගනී. එනම් ඔබගේ ජීවිතය වෙනස් වෙත්ම සමහර තොරතුරු තවදුරටත් එහි ‍රැදී තිබීම කරදරයක් වන්නට පටන් ගැනීම විය හැක. උදාහරනයක් ලෙසට වෘතීය ජීවිතයේ ඉහල නංවා ගැනීමකින් අනතුරුව පැරනි වෘතීය පිලිබදව තොරතුරු තවදුරටත් තිබීම දැක්විය හැක. නව ජීවිතයක් අරබන්නට ඔබ ගන්නා සමහර පියවරයන් ආපස්සට අඳින ආකාරයක හැසිරීමක් එය විසින් ගෙන ඒම හිසරදයක් විය හැකි බව පිලිගත් European Union Court of Justice වෙතින් නිකුත්වූ නියෝගයක් ඔස්සේ 'right to be forgotten' පැනවින. ඒ අනූව 'irrelevant' හෝ  'outdated' ආකාරයේ තොරතුරු තම සෙයුම් යන්ත්‍ර තුලින් ඉවත්කර දමන්නට භාවිතාකරන්නෙකුට ඇති අයිතිය තහවුරු වූ අතර නිසි තහවුරු කිරීම් සමග ඒවන් ඉල්ලීමක් විදිමත්ව ලබා දෙන්නට භාවිතාකරන්නට ඉඩ ලබා දීමත් ඒවන්නක් ලැබුනු විට නිශ්චිත කාල සීමාවක් තුල ක්‍රියාත්මක වීමකටත් එම ආයතන වලට අන කෙරිනි. Google ආයතනය පසුගිය මැයි මාසයේ සිට එවන් ඉල්ලීම් සදහා අදාල  requests ලබා ගැනීම ඇරබූ අතර පලවන නවතම නිවේදනයකට අනූව Microsoft ආයතනය්ද මේ වන විට ඒ සදහා සූදානම් බවට ප්‍රකාශයට පත්කොට ඇත. ආයතනය වැඩි දුරටත් පැහැදිලි කරමින් පවසා සිටින්නේ පෞද්ගලිකත්වයේ කැමත්තට එකගව ලැබෙන ඉල්ලීම් පොදුවේ වන තොරතුරු දැන  ගැනීමේ අයිතියටද යටත්ව Bing සෙයුම් යන්ත්‍රයෙන් EU කලාපය තුලදී සෙයුම් ප්‍රතිපල වලින් ඉවත්ව තබන්නට තමන් සූදානම් බවයි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...