2014-07-14

හැමවිටම හානිකරයන් එන්නේ තාක්ශනික දුර්වලතාම ඔස්සේ නොවේ!!!!

  සමහර බාවිතාකරන්නන්ට අනූව තොරතුරු ලෝකය අධිඅනරක්ෂිත තැනකි. මෙය එතරම් කැපී පෙනෙන මට්ටමේ සත්‍යයක් නොවේ. එය නිර්මානය වන්නේ දෘඩාංග මට්ටමක් මහ වුවද එය ක්‍රියාත්මක වන්නේ මෘදුකාංග තලයක් මත වුවද පමනක් නොව එය ජාලගත වන්නේ මෘදු/දෘඩ අංගයන් මත වුවද ඉන් ඉහලින් වන්නේ මිනිස් ස්වභාවන්ගෙන් සුසැදි තැනකි. එහි චලනය වන්නේ මිනිස් සිතුම් පැතුම් , ක්‍රියාකරකම්ය. මෙසේ සැලකීමේදී තොරතුරු ලෝකය අනතුරු බහුලවන බවට වන චෝදනාව තාක්ශනික පදනම මතටම හැම විටම සාධාරන නොවේ. ඔබගේ ඊමේල ලිපිනය වෙතට ඔබ කවදාවත් ලබා නොගත් ලෝත‍රැයියක දිනුමක සබදතාවයක් පැමින එය අවදිකරවා ගැනීමකට උත්සාහ කරයි. බොහෝ විට ඔබව ‍රැගෙන යන්නේ හානිකරයක් කරාය. විටක අසැබි තොරතුරක් පෙන්වමින් ඔබව පොලබා ගන්නට උත්සාහ කරන අතරම කලාතුරකින් ඔබගේ හිතවතෙකුගේ ඊමේල් ගොනුවට අනවසර පිවිසීමක් ඔස්සේ සොරා ගත් ඊමේල ලිපින ඔස්සේ මෙවැනි තොරතුරක් පැමිනිය විට පහසුවෙන් ඔබ හානිකරන්නන්ගේ උගුලට හසුවිය හැක." මට විස්වාස කරන්න අමාරුයි එයා කවදාවක් ඔය වගේ දෙවල් කියාවි යැයි" සාමාන්‍ය ලොකයේදී ඔබගේ මිතුරා ගැන වන අවබෝදය ඔස්සේ ප්‍රතික්ශේප කරන දෙයක් තොරතුරු ලොකය තුලදීද පැමිනි විට සැකසහිත වීම වැදගත් වේ.
              සමාජ ජාලා යනු මිනිසුන්ගේ තොරතුරු හා හැසිරීම් පිලිබදව කටයුතු වන ස්ථානයකි. සාමාන්‍ය සමාජයේදී මෙන්ම මෙහිදීද අනෙකාගේ යහපැවත්මට හානිකරන්නන් බහුල වීම ස්වභාවයකි. ආකර්ශනීය ඡායාරුවක් ඔස්සේ පැමිනෙන ප්‍රොෆයිලයක් බොහෝ විටක සැබෑ ම නියෝජනයක් නොවෙනවා වීමට හේතු රාශියකි. නිරාවරනයට අකමැත්තද එහි විය හැකි මුත් තවත් විටක තමහානිකර අරමුනු සදහා ගොදුරු ලබා ගන්නටද මෙම උපංක්‍රම භාවිතා විය හැක. එවැනි විටකදී ඔබෙන්ම ලබා ගන්නා තොරතුරු මත ඔබගේ අනෙකුත් ගිනුම් වෙතට ඇතුලු වීම තවත් විටක ඔබගේ අනෙකුත් සබදතා තුලට ඇතුලු වීමට ඒවා භාවිතාකිරීම වැනි අනතුරු රාශියක් මේ ඔස්සේ පැමිනිය හැක. තවත් විටක ආගමික ගැගීම් , දේශපාලනික මතවාද වැනි දෑද භාව්තාකරමින් මෙම පොලබාගැනීම් සිදුවීමට ඇත්තේ  බහුල ඉඩකඩකි. සමාජ ජලා නිර්මානය වන්නේ ඔබ හොඳින්ම දන්නා අසල්වැසියා හෝ කාර්යාලයේ ඊලග අසුනේ සිටිනා අය සමග සබදතා පවත්වා ගැනීමට පමනක් නොවේ. සමාන සිතුම් පැතුම් ඇතිවුන් , සමාන දෑට ප්‍රියකරන්න වුන් වැනි නෙක ආකාරයේ යහ සබදතාවයන් වෙනුවෙනි. එහෙත් ඔබගේ රටේ ජනාකීර්න මාවතක අසිහියෙන් මෙන් හැසිරුන හොත් සිදුවිය හැකි අනතුරු ස්වභාවයන් මෙහිද තිබීම අමුත්ත්ක් ලෙසට සැල කිය නොහැක.
                  නොසැලකිලිමත්වීම අනතුරු කැදවන තවත් සරල අවස්ථාවක් ලෙසට ඔබ බ්‍රවුසරය තුල සටහන් කරන වෙබ් ලිපිනයක එක් අකුරක් වැරදීම ඔස්සේ පවා මෙම හානීය පැමිනීමට හැක. බොහෝ ආරක්ශක මෘදුකාංග මෙවැනි දුර්වලතා සදහා පිලියම් සේවා ලබා දෙන මුත් තවමත් එවැනි අනතුරු නැතුවාම නොවේ. විටක පරිගණකය යම් මට්ටමකට ආසාධිතව පවතින විටකදී ප්‍රකට ආරක්ශක මෘදුකංග වෙබ් අඩවියක් සොයන ඔබව මුල් අඩවියට සමාන මුත් හානිකර ලබා දෙන අඩවියකට යොමුවීම සිදුවිය හැක්කකි. සමස්තයක් ලෙසට යොජනා කරන්නේ ඉතාම ආරක්ශිත බවට සහිතකවන ඔබගේ බැංකු ගිනුමේ සිට සියලුම වෙබ් අවකාශයන් සමග කටයුතු කිරීමේ කල්පනාකාරීවීම ඉතා වැදගත්වීම වේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...