2014-07-17

Microsoft වල wearable watch සමග ultraviolet radiation සංවේදකයකුත් වනු ඇත....

   Microsoft වෙතින් පැමිනෙන්නට සැලසුම් වෙමින් ඇති wearable watch පිලිබදව මේ වනවිට වැඩි දුරටත් තොරතුරු හෙලි වෙමින් ඇති බවටයි පලවන්නේ. UV sensor ඔස්සේ භාවිතාකරන්නා වෙතට පැමිනෙන ultraviolet radiation ප්‍රමානය පිලිබදව අවදියෙන් සිටිමින් අවශ්‍ය විටකදී අනතුරු අගවන්නට එය සමත්වනු ඇති බවටයි පැහැදිලි කෙරෙන්නේ. මීට අමතරව භාවිතාකරන්නාගේ blood-glucose ප්‍රමානය පිලිබදවද නිරන්තර අවදියෙන් සිටින්නට මෙම උපකරනය සමත්වනු ඇති බවටයි බලාපොරොත්තු වන්නේ. සමස්ථයක් ලෙසට මෙම නිමැයුම  fitness සම්බන්දිත කාරනා පිලිබදව අවදියෙන් සිටින උපංගයක් ලෙසටයි දැනටමත් බලාපොරොත්තුව වන්නේ. Android, iOS  හා  Windows සමග සහයෝගයෙන් කටයුතු කරන්නට සූදානම්ව පැමිනෙන මෙම නිකුතුව කාලය දැක්වීමේ හැකියාවෙන් සමන්විත වුවද Smartwatch වලට වඩා  "wristband" ස්වරූපයට වඩාත් සමීපව කටයුතු කරන්නට සමත් සංවේදක 11කින් සමන්විත වනු ඇති බවට දැනට කරුනු හෙලි වෙමින් තිබෙනවා. මීට පෙර පැවසුනේ මෙම නිකුතුව එලබෙන ඔක්තෝබරය වන විට සිදුවන්නට සැලසුම්ව ඇති බවකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...