2014-07-15

Windows Threshold සමග දැනට වඩා සංක්‍රීය බවක්!!!!

  Microsoft සමාගමේ මීලග ප්‍රධාන මෙහෙයුම් පද්ධතිය පිලිබදව එතරම්ම කාරනාවන් WPC 2014 තුලින්ද නොපෙනෙන බවටයි  දක්නට ලැබෙන්නේ. Windows 8 වලින් ඇරබි වෙනස් මග අනු සංස්කරන දෙකකින් පසුවද තවමත් එතරම්ම ස්ථාවරයකට පැමිනෙන්නට උත්සාහකරමින් සිටින බවනම් මේ වන විට පැහැදිලිව දක්නට පුලුවන. Threshold ලෙසට දැනට පලව ඇති තොරතුරු ලෙසටනම් එලබෙන වසරේ එම නව සංස්කරනය පැමිනෙන බවට මෙන්ම Desktop වෙතට දැක්වූ අප්‍රධාන බව මදක් ලිහිල් කරමින් Start Mrnu වක්ද සහිතව මෙන්ම Modern app සමග පහසුවෙන් කටයුතු කිරීමේ  හැකියාව වැනි මෙහෙයුම් පද්ධතිය මත දක්නට ලැබූ  ද්විත්ව බව සමනය වන ස්වරූපයක් එය ගනු ඇති බවයි. තවමත් alpha මට්ටමේ සංවර්ධනය වෙමින් ඇති මෙහෙයුම් පද්ධතියක් ලෙසට පවතින මෙහි අවසාන සංස්කරනය පිලිබදව මේ වන විට තව කරුනු කිහිපයක්ම පලවෙමින් තිබනවා.
                     Start Menuවද වඩාත් සංක්‍රීය එකක් වීමේ අනවැකි වලට අමතරව මේ වන විට පැවසෙමින් ඇත්තේ taskbarඑකද වඩාත් සංක්‍රීයව ක්‍රියාත්මක වන්නට සුදාමින් පැමිනෙනු ඇති බවටයි. එය මත වන icons ස්ථාන ලෙසට මෙන්ම ක්‍රියාත්මක වීමේදීද සුවපහසු කිරීම තුල Desktop එක මත විවෘතව ඇති app කිහිපයක් වන විටදී Taskbar වල ඇති icons ඔස්සේ ඒවායේ ක්‍රියාකාරීත්වය පිලිබදව වැඩි විස්තරයක් ‍රැගෙන ඒම වාගේම ආයතනයේ digital assitant  පහසුව ද TaskBar වෙතට පැමිනෙමින් පහසුවෙන් භාවිතාකරන්නා හට සහය වන්නට සූදානම්ව තිබෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. එසේම Api සහයක් සමග තිර පහසුව TV හා අමතර ඒවා ඔස්සේ පැමිනීම පිලිඅබ්දවද මේ වන විට බලපොරොත්‍ටු පලවෙමින් තිබෙනවා. සමස්තයක් ලෙසට බලාපොරොත්තුවන්නේ මෙහෙයුම් පද්ධතියේ සංක්‍රීය බවවර්ධනය කරමින් desktop background වලින් පවා භාවිතාකරන්නා වෙතට  සහයක් පලවන ස්වභාවයක් ‍රැගෙන එනු ඇති බවටයි.

Cyber Attacks නිරන්තරයෙන් සූදානමින් ..

බොහෝ සයිබර් අනතුරු වල පදනම වන්නේ ඔබගේ නොසලකා හැරීම් හා අතපසු කිරීම් බවටයි හදාරන්නන්ගේ ප්‍රමුක මතයක් වන්නේ. ඔබගේ හෝ ආයතනයේ අවශ්‍ය තාක්ෂණික පහ...