2014-08-01

USB සබඳතාවය පහසුව මෙන්ම Malware ගෙන ඒමේ අවධානමක්!!!

  USB සබඳතාවය තොරතුරු ලෝකයේ බහුලතම භාවිතාවකි. Keyboard , Mouse වල සිට බොහෝ උපාංග පැමිනෙන්නේ USB සබඳතාවයක් සමග වීමට පහසු සම්බන්දතා හැකියාව මෙන්ම බොහොමයක් උපාංග සමග  USB කවුලු පැමිනීම හේතුවනවා විය යුතුය. පලවන නවතම වාර්ථාවක් හෙලිකර සිටින්නේ මෙම USB සබඳතාවය පහසුවෙන් හානිකර කටයුතු සදහාද යොදා ගැනීමේ හැකියාවක් පවතින බවකි. ඔවුන් පැහැදිලි කරන්නේ ඔනෑම USB උපාංගයක් සමගම එන  controller chip පත සමග ඇති firmware වලට reprogrammed ඔස්සේ මෙම හානිකර බව ලබා දෙන්නට හැකි වන බවකි. මෙම ආසාධිත controller chips සහිත උපාංගයක් පරිගණකයට සම්බන්ද කල විට එය විසින් එම උපකරනයට සම්බන්දව ඇති අනෙකුත් USB සබදතා වල firmware වලටද මෙම Malware බව පැතිරවීම ඔස්සේ මෙම ආසාධිත බව පහසුවෙන් පැතිරවිය හැකි බවකි. ඔවුන් වැඩි දුරටත් පැහැදිලි කරන්නේ මෙම හානිකර බව network card  වලට පිවිස පරිගණකයේ  DNS setting වල වෙනස්කම් දක්වා  වර්ධනය විය හැකි බවකි. එසේම Malware scanners ඔස්සේ මෙම හානිකර බව හඳුනාගන්නට නොහැකි බවත් ආසාධිත උපාංගයක් USB ඔස්සේ සම්බන්ද කල විට පරිගණකය එය හඳුනා ගන්නේ නව usb උපාංගයක් සම්බන්දවීමක් ලෙසට වන බවත්ය. තවමත් නිශ්චිත විසඳුමක් නැති ගැටලුවක් හැටියට මෙම අවධානම වර්ග කොට තිබෙනවා.

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...