2014-09-10

Appple වෙතින් නව නිකුතූන් පැමිනීම ඊයේ සිදුවූවා......

  ගෙවී ගිය දිනයේදී ඇපල් ආයතනය තම නිෂ්පාදන දෙකක් නිවේදනය කරන්නට කටයුතු කරනු ලැබුවා. ඉන් එකක් තොරතුරු භාවිතාවට නව මුහුනුවරක් ගෙනෙනු ලැබූ  iPhone නිකුතු පෙලෙහි නව නිකුතුවක් වූ  iPhone 6 වන අතර අනෙක වන්නේ මහත් කාලයක් තිස්සේ කථා බහට ලක්වෙමින් තිබූ Apple වෙතින් පැමිනෙතැයි බලාපොරොත්තුවූ wearable device එක වූ  Apple Watch පැමිනීමයි. iPhone නිකුතුව දෙයාකරව පැමින තිබූ අතර iPhone 6 හා iPhone6 Plus ලෙසට ඒවා දැක්වූවා. LTE සහය සමග පැමිනෙන මෙම නිකුතූන් 64-bit Apple A8 chip වලින් සමන්විතව තිබෙන අතර 20nm තාක්ශනයේ සහයෙන් නිපදවී ඇති මෙවා සමග 25% CPU power දියුනු කිරීමක් හා 50%ක GPU power දියුනුවක් වන බවටයි නිවේදනය වූවේ.  NFC payments හැකියාව, onboard barometer හැකියාව වැනි බොහෝ අංගයන් ගෙන් සමන්විතව පැමිනෙනමෙම නිකුතූන් ඩොලර් 199ක සිට ඉහලට මිලැතිව මෙම වසර අවසානයේ සිට වෙළඳ පොලට පැමිනෙනු ඇති බවටයි පැවසුනේ.
           මෙම දිනයේ වඩාත් සිත් ගන්නා සුලු සිදුවීම වූවේ බොහෝ කලක් තිස්සේ විවිධ නොනිල තොරතුරු පලවෙමින් තිබූ Apple Watch නිකුතුවද නිවේදනය වීමයි. සාමන්‍ය ආකාරයට smart phoneයේ සහයක යෙක් වෙමින් පමනක් පැමිනෙන smart watch නිකුතූන් ගෙන් වෙනස් මගක් ගනිමින් පැමින ඇති මෙම නිකුතුව සමග පහසු charger හැකියාවේ සිට උපාංගය මෙහෙයවන ආකාරය දක්වා බොහෝ වෙනස් කම් ‍රැගෙන විත් ඇති බවටයි නිවේදනය වූවේ.මෙහි පසුපස වන sensors සමග භාවිතාකරන්නාගේ  heart rate කියවීමේ හැකියාව සමග හැකියාවන් කිහිපයක් ඇති අතර Accelerometers මෙන්ම GPS   සමග පැමිනෙන දත්ත වඩාත් කාර්යක්ශමව යොදා ගන්නට සහය වන app වලින්ද සමන්විතව එය පැමින ඇති බවටයි සටහන් වූවේ. Siri සහය Maps සහය සංයුත්තව පැමින ඇති මෙම නිකුතුව සමග new messaging service එකක් වන අතර එය සමග පහසුවෙන් අනෙකුත් watch භාවිතාකරන්නන් සමග පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගත හැකි බවටයි නිවේදනය වූවේ. $349 සිට ඉහලට වන මිල සමග 2015 මුල් භාගයේ සිට වෙළඳ පොලට පැමිනෙන මෙම නිකුතුව භාවිතාකරන්නා වෙතට නව අත්දැකීම් රාශියකින් සමන්විත බවට නිවේදනය වනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...