2014-09-08

තොරතුරු තාක්ශනයේ මහිමය නව ලෝක රටාවකට ඇරයුම් කරමින් සිටිනවා...

  ....එලබෙන අනාගතය ගමන් කරන්නේ නව දිසාවකට බවටයි හදාරන්නන් නැවත නැවතත් පැහැදිලි කරන්නේ. තොරතුරු තාක්ශනයට හැකි වෙනවා නව ලෝක රටවක් ගොඩ නගන්නට. පෙර තොරතුරු යුගයේදී මුහුද, කඳු සිකර හඳුනාගනු ලැබුවේ තරනය කල නොහැකි නැතිනම් සාමන්‍ය ජීවිතය පාලනය කරවන විශේෂ අවස්ථාවන් හා උපංක්‍රම ඔස්සේ පමනක් ජය ගතහැකි බාදක ලෙසටයි. තොරතුරු තාක්ශනයට හැකි වනවා මේ සීමාවන් දෛනික ජීවිතයේදී තව දුරටත් වලංගු නොවන බවට සාදධනය කර සිටින්න. අපි දන්නවා ද්විමානීයව එන සුපැහැදිලි දසුන්ද සමග දුරබැහැරක වෙසේන් හිතවතෙකු සමග සජීවීව සංවාදයක යෙදීම අදවන විට සරල අත්දැකීමක් බව. Bitcoin වැනි පූර්න ඩිජිටල් මුදල් ක්‍රම රජයන් හා දේශපාලනික සීමාවන් වලින් තොරව ණාබ්ඩ හා සේවා හුවමාරුව විශ්ව සම්මතයයකට ගෙනෙමින් තිබෙනවා.
  තොරතුරු යුගයේ යොවුන් වියේදී ක්‍රමයෙන් තොරතුරු උපාංගයට වන බැදීම ලිහිල්කර දමන්නට අවශ්‍යව ඇති බවටයි දක්නට ලැබෙන්නේ. windows 8 සමග Microsoft ආයතනය පැවසුවේ "ඔබගේ මෙහෙයුම් පද්ධති අනන්‍යතාවය " ඔවුන්නගේ ක්ලවුඩ් හැකියාව ඔස්සේ හබා එන බවටයි. පැමිනෙන්නට නියමිත ඩිජිටල් සහයකයා තත්වය තවත් සරල කරමින් පලඳින මට්ටමේ සරල උපකරනයක් සමග ශ්‍රව්‍ය බව ප්‍රමුක සබඳතාවයක් ඔස්සේ ඔබ සමග එනු ඇති බවට මේ වන විටත් පැහැදිලි කරමින් සිටිනවා.  Apple ආයතනය තම ස්මාර්ට් පලඳින ඔරලෝසුව ගෙනෙන්නේ වඩාත් නව අත්දැකීමක් වන බවට පවසමින් සූදානම් වන ලෙසට මේ වන විටත් ඉගිකොට තිබෙනවා. 
                             ලෝක මට්ටමේ බුද්ධිමතෙකු දක්වා සිටින්නේ ඇසේ පලඳින සියුම් කාචයක් අන්තර්ජාලය පමනක් නොව බොහෝ සංකීර්න පරිගණක භාවිතාවන් සරල ලෙසට ජීවිතය මතට ගෙනෙනට සූදානම් වෙමින් ඇති බවයි. ඔහු යෝජනාකර සිටින්නේ පුද්ගලයකුගේ තොරතුරු ජීවිතය ඇසක පලඳින සියුම් කාචයක් බවට පත්වීම තොරතුරු යුගයේ තවත් එක් පරිච්චේදයක් වනු ඇති බවටයි. පරිගණකයේ තීරනාත්මක සිලිකන් සීමාව ඉක්මවා යාම සමග මිනිස් කථාන්දරය නැවත ලිවීමක් වනු ඇති බවට ඔහු නවැකි පවසා සිටිනවා(තොරතුරු තාක්ශනයේ නව ප්‍රවනතා ශ්‍රව්‍ය දෘශ්‍ය සටහනේන් උපුටා ගැනීමකි)....

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...