2014-09-15

Steve Jobs සිදුවීම නැවත සක්‍රියවීමකි Apple Watch නම් ලබන්නේ....

  තොරතුරු උපාංගයක් වඩාත් පුද්ගල ස්වභාවයට ලංකරවීම 1945 වන විට "memex" නමින් උපාංගයක් පිලිබදව දක්වමින් ලිපියක් සටහන් කරමින් Vannevar Bush විසින් යෝජනා කර සිටියක් බවට පිලිගැනේ. පුදගලයෙකු තම සියලුම communications හා information අඩංගුකරගත හැකි උපාංගයක් ලෙසට එය නම් කරන ලදී. Apple හි වර්ථමාන CEO වරයා වන cook මහතා Apple Watch හදුන්වාදීමේදී මේ බව සදහන් කරන්නට කටයුතු කලහ. පුදගලයකුගේ දෛනික ජීවිතය සමග වඩාත් සමීපව නිරන්තරයෙන් කටයුතු කරන්නට පැමිනිය යුතු උපාංගයක් වේනම් ඒ තොරතුරු උපාංගයක් වියයුතු බව නෙක විද්වතුන් බොහෝ පිරිසකගේ මතය වී තිබූ බවටයි අතීතයේ තැනින් තැනින් වන අදහස් අතර ප්‍රමුකතම අදහසක් වන්නේ.
                     මෙම මතය ප්‍රායෝගික කලවුන් අතරට Steve Jobs සිටින්නේ ඉහලින්මය. iPhone ඒ අතර වඩාත් දිලිසුම් දෙන උදාහරනය බවට අදත් පිලි ගැනේ. Apple watch යනු එම සිදුවීමේ නවතම මුහුනුවර ලෙසට විචාරනය කරන්නට ඔවුන් යලිත් කැමතිව සිටිනු දක්නට හැකිය. "කවදත් Apple උපාංග ගෙන ආ අනන්‍යබව Apple Watch සමගද මනාව පිලිබිගු වන බවටයි" ඔවුන් අවධාරනය කර සිටින්නේ. එය අනෙකුත් Smart Watch සමග සැලකීමේදී  හොඳ ස්වාධීන බවක් ‍රැගෙන විත තිබෙනවා. ඒ බව එහි පෙනුමේ සිට, භාවිතාකරන ආකාරය දක්වා පමනක් නොව එය ක්‍රියාත්මක වන ආකරය තුලද මනාව කැපී පෙනෙමින් තිබෙනවා.. ලෙසට යෝජනා වන්නේ ඒ නිසා විය යුතුය. දවසේ ආරම්භයේ සිට ඊලග දිනයේ ආරම්භය දක්වාම භවිතාකරන්නාගේ සෞක්‍ය තොරතුරු , ඔහුගේ සබදතා තොරතුරු සමග දෘශ්‍ය ලෙසට පමනක් නොව ශ්‍රව්‍ය ලෙසටද ක්‍රියාත්මක කරවා ගන්නට සුදානමින් එය පැමින තිබෙනවා.මිළදී ගැනීමකදී ආරක්ශිතව ඔබගේ නයවර පත නියෝජනය කරන්නට මෙන්ම සංචාරයකදී ඔබ ලැගුම් ගන්නා Hotel Roomයෙහි ආරක්ශිත යතුර වන්නටත් සූදානම්ව පැමින තිබීම අනාගතයේ එය වර්ධනය වියහැකි හැකියා සීමාව බොහෝ විශාල විය හැකි බවට හඟවමින් සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...