2014-09-03

vista Vs win7 සිදුවීම නැවත වන්නේ Win8 Vs Win9 ලෙසටද???

  ලොව පුරා බිලියන ගනනකගේ දත්ත භාවිතාවට බලපෑමක් කල හැකි  නව මෙහෙයුම් පද්ධතියක පෙර සංස්කරනයක් පැමිනීම බොහෝ දෙනාගේ අවධානය ලබා සිටින කාරනාවකි. එය ගෙනෙනු ඇත්තේ මොවැනි වෙනස්කම්ද යන්න ඔවුන් විවිධ ආකාරයේ පෙර නිගමන පලකරමින් සිටිනුද දැකිය හැක. මෙම මාසයේ අවසන් භාගයේදී සිදුවෙතැයි බලපොරොත්තුවන එම නිකුතුව සමග Cortana නම් ඩිජිටල් සහයක් පැමිනීම මෙන්ම virtual desktops භාවිතාවක් පැමිනීමක් ගැනද තොරතුරු නිරාවරනය වෙමින් ඇත. තවත් දෙසකින් වින්ඩෝස් 8 සමග ගත් තීරනාත්මක හැරවුමක් වූ Charms bar නම් ස්පර්ශක මිත්‍ර භාවිතාවට ඇලයුම් කරන අංගය අනවශ්‍ය අවකාශයක සිටීම තවදුරටත් අදාල නොවන බවට එකග වෙමින් නව නිකුතුවත් සමග ඉවත්කරන්නට ගත් තීර්නයක් පිලිබදවද තොරතුරු හෙලි වනවා. ඒ අනූව Desktop භාවිතාවෙන් ඉවත්වන එය Tablet සංස්කරන සමග තව දුරටත් පවතිනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. hybrid ආකාරයේ භාවිතාවකදී (Surface Tablet) එහි අවශ්‍ය හා අනවශ්‍ය වන අවස්ථාවල් අනූව තත්වය කෙසේ වෙනු ඇද්ද යන්න හදාරන්නන්ගේ අවධානය යෙමුව ඇති තවත් අංගයකි.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...