2014-09-11

windows 7 සදහා Mainstream සහය 2015 ජනවාරි අවසන් වනවා!!!!!

  "...... හොඳයි ඔය කාරනාව අපි මේ විදිහට පැහැදිලි කර ගනිමු.  මෙහෙයුම් පද්ධතියක් කියන්නේ නතරවුනු නැතිනම් අවසන් වුනු කාරනාවක් වන්නේ නැහැ. අදාල ආයතනයට නිරන්තරයෙන්ම එය අලුතින් පැමිනෙන හානිකරයන් ගෙන් ආරක්ශා කරගන්නට මෙන්ම පැමිනෙන නව තාක්ශනික ප්‍රවනතාත් සමග දියුනු කරන්නට සිදු වෙනවා. මොකද මෙහෙයුම් පද්ධතියක් ඔස්සේ පනගැන්වෙන පරිගණකයක් කියන්නේ සාමාන්‍ය මිනිස් භාවිතාකරන්නන් අතර තීරනාත්මක්ව තිබෙන්නක්. ඒක එයාගේ පෞද්ගලික, වෘතීය, සෞක්‍ය වැනි බොහෝ කාරනාවලදී වැදගත් කාර්යභාරයක් ඉ‍ටුකර දෙනවා.අපි දන්නවා ලොකයේ සිටින්නේ යහපත් අරමුනුම නිරන්තරයෙන් දරනා අයම නොවේ කියලා. ඉතින් ඔවුන් නිතරම උත්සාහ කරනවා මෙම පෞද්ගලික හෝ වෘතීය භාවිතාවන්ට අනවසරව පිවිසිලා තොරතුරු සොරා ගන්නට , තොරතුරු වෙනස් කරන්නට වගේ දෙවල් කරන්නට. ඔවුන් ඒ සදහා යොදාගන්නේ මෙම මෙහෙයුම් පද්ධතිවල තිබෙනා දුර්වලතාවීම සාමාන්‍ය අත්දැකීමක්. ඒනිසා තමයි මෙම මෙහෙයුම් පද්ධති නිකුත්කරන සමාගම් වලට නිරන්තරයෙන්ම අවධානයෙන් සිට නව පිලිසකරයන් නිකුත්කරන්නට වන්නේ. 
           මෙතැනදී Microsoft සමාගම නිවේදනය කරලා තිබෙන්නේ 2015 ජනවාරී මාසය වන විට windows 7 සදහා තම ආයතනය ලබා දෙන Mainstream මට්ටමේ සහය අවසන් කරන්නට නියමිත බවයි. ඒ කියන්නේ මේ දිනෙන් පසුව මෙම ආයතනය windows 7 සදහා නව අංගයන් නිකුත්කිරීම මෙන්ම තිබෙන ඒවා වැඩි දියුනු කිරීම සදහා කටයුතු නොකරන බවයි. ඊට පසුව එලබෙන්නේ Extended සහය කාලය වන අතර එය 2020 ජනවාරි මාසය දක්වා පවතිනව. එම කාලය තුලදී අරක්ශක යාවත්කාලීනයන් එනම් මෙහෙයුම් පද්ධතියේ හදුනා ගන්නා දුර්වලතා සදහා පමනක් යාවත්කාලීන නිකුත් කරන්නට පටන් ගන්නවා. සරලව තත්වය පැහැදිලි කලොත් නව පරිගණකයක් මිළ දී ගැනීමකදී එහි භාවිතාව ඉදිරි වසර පහට වඩා සැලසුම්ව තිබෙනවා නම් දෙවරක් සිතිය යුතු වනවා. එසේම කියන්නට ඔනේ 2023 වන විට windows 8 සදහාද Extended සහය අවසන් කරන්නට දැනට සැලසුම්ව ඇති බව...

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...