2014-09-14

windows 9 සාර්ථක මෙහෙයුම් පද්ධතියක් වනු ඇති බවට විචාරනය වෙමින් ඇත.....

  මෙම මස අග වන විටදී Microsoft ආයතනය තම මෙහෙයුම් පද්ධති නිකුතුවන්හි මීලග ප්‍රධාන සංස්කරනයේ පෙර නිකුතුවක් ගෙනෙනු ඇති බවට මේ වන විට දැඩි බලාපොරොත්තුවක් හදාරන්නන් අතර පවතින අතර දැනටමත් එම ආයතනය තම මීලග නිකුතුවේ පෙර සංස්කරනයක් ඔවුන්ගේ සහය ආයතනයන් වෙතට නිකුත්කර ඇති බවට හෙලිවෙමින් තිබෙනවා. එසේම විටින් විට අන්තර්ජාලය වෙතට එම නිකුතුවේ යැයි සැක කල හැකි ආකාරයේ ඡායා හෝ වීඩියෝ සටහන්ද පැමිනෙමින් තිබෙනවා. 
           ඒවා හෙලිකරන තොරතුරු වලට අනූව දැනට windows phones වලට පැමින ඇති ඩිජිටල් සහකරුවා වන Cortana පහසුවද නව IE 12 සංස්කරනයක් ගැනද නව Start menu  ව ගැනද තොරතුරු හෙලි වෙමින් තිබෙනවා. මීට අමතරව පසුගියකාලයේ windows phone 8.1 සදහා පැමිනි  notification center පහසුව පිලිබදවද මේ වන විට තොරතුරු අන්තර්ජාලය වෙතට පැමිනෙමින් තිබෙනවා. භාවිතාකරන්නා හට වැදගත් වන app හා මෙහෙයුම් පද්ධතියේ තොරතුරු විටින් විට මෙම කවුලුව ඔස්සේ පැමිනෙන්න නියමිත අතර එය ටාස්ක් බාරයේ notification area වල සිට අවශ්‍ය අවස්ථාවලදී අවදියට සූදානමින් සිටිනු ඇති බවටයි තොරතුරු හෙලි වන්නේ. පලවන නවතම තොරතුරු හෙලි කරන්නේ  Windows Phone 8.1 සදහ මෑතකදී පැමිනි Storage Sense හැකියාවද මෙම නිකුතුවට සංයුක්තව පැමිනෙනු ඇති බවයි. පහසුවෙන් භාවිතාකරන්නෙකුට තම Disk Spaceය කලමනා කරනය කරගන්නට එය සහය වනු ඇති බවටයි පැහැදිලි කරන්නේ. මීට ඉහතදී හෙලිව ඇති  virtual desktops සමග භාවිතාකරන්නෙකුට පහසු desktop හැසිරවීමක් ද මෙම නිකුතුව සමග බලාපොරොත්තුවන බවටයි හෙලි වන්නේ.බොහෝ විචාරකයන් වින්ඩෝස් 9 පිලිබදව වැඩි බලාපොරොත්තුවක් තබා ඇති බවට හෙලි වන අතර දැනට වඩාත් ප්‍රචලිත windows 7 සදහා සාර්ථක විකල්පයක් වනු ඇති බවට බලාපොරොත්තු පලකරමින් සිටිනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...