2014-09-30

අද ප්‍රථම වතාවට නිවේදනය වීමට නියමිත windows මීලග සංස්කරනය...

  ලොව බහුලතම Pcs ප්‍රමානයක් සංක්‍රියකරවන Microsoft මෙහෙයුම් පද්ධති වල මීලග ප්‍රධාන සංස්කරනයක් පිලිබදව වන පලමු නිල නිවේදනයවිම අද දිනට නියමිතව තිබෙනවා. XP වලින් පසුව ගිලිහී ගිය එක මෙහෙයුම් පද්ධතියක් වෙතට දැඩි අවධානයක් ලබා ගැනීමේ විශේෂයෙන් ආයතනික මට්ටමේදී වූ අසාර්ථකත්වය පැමිනෙන මෙම නව මෙහෙයුම් පද්ධතිය ඔස්සේ ලබා ගැනීමේ හැකියාව කෙරෙහි ආයතනයේ වැඩි අවධානයක් ඇති බවටයි තොරතුරු හෙලි කරමින් සිටින්නේ. අද දින නිවේදනය වීමට නියමිතව ඇත්තේ Technical Preview  සංස්කරනයක් වන අතර එය සමග IE 12 හා ඩිජිටල් සහයක (cortana) නොපැමිනෙනු ඇති අතර පැමිනෙන්නට නියමිත සියලු අංග සහිත සාමන්‍ය භාවිතාකරන්නන් වෙතට නිකුත්වන පෙර සංස්කරනයක් නුදුරේදීම පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ. windows 8 සමග ගිලිහී ගිය Desktop මූලික බව වෙතට යලි පැමිනෙන Start menu ව Full screen ලෙසට හා Modern Screen වලට සීමාව තිබූ Modern app මෘදුකොටස් Traditional මුහුනත මතද ධාවනයට හැකිවීම ඇතුලු වෙනස් කම් කිහිපයක්ම නව සංස්කරනය සමග පැමිනෙනු ඇතිබවට දැනටමත් හෙලිව ඇති අතර මෙම සංස්කරනය 4GB ප්‍රමානයකින් මෙන්ම windows 8 සමග නොමිලේ ලබා ගත හැකි upgrade හැකියාවකින් පැමිනෙනු ඇති බවටත් බලාපොරොත්තුවක් වනවා. ආයතනය බොහෝ වෙනස් කම් වෙතට යොමුව ඇති අතර මෙහෙයුම් පද්ධති වලින් පැමිනි ලාභය වෙනුවන ඉදිරියේදී app storeව වෙතට යොමුවීම ඒ අතර වනු ඇති බවට වන අනාවැකියන්ද වනවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...