2014-10-21

තොරතුරු විෂය ගැන වන නව අඩවියක්

   තොරතුරු තාක්ශන විෂය විශාල වපසරියක පැතිර ඇත්තකි. පදනමේදී තව දුරටත් සිලිකන් මූලික පදනමක තව දුරටත් තම ගමන් මග වැටී ඇත්දැයි හදාරමින් සිටිනවා සේම අනෙක් අන්තයේදී තොරතුරු තාක්ශනය පුද්ගලාත්මකව පමනක් නොව සාමාජීයව සිදුකරමින් සිටින චලනයන් නිවැරදිව හඳුනා ගැනීම සදහා වෙනම අතුරු විෂයන් නිර්මනය වෙමින් ඇති යුගයක අප ජීවත් වෙන්නෙමු. එය තක්ශනයක් ලෙසට දිලිසුම් දුන් යුගය පසුකරමින් පුද්ගලාත්මකව , සමාජීයව, දේශපාලනාත්මක්ව පමනක් නොව සංස්කෘතිකවද සිදුකරමින් මෙන්ම ඉල්ලා සිටින වෙනස වඩාත්  සමතුලනය කර ගැනීම සදහා දැඩි වෙහෙසක යෙදෙන සාම්ප්‍රධායික ආයතන අද අප දකිමින් සිටින්නෙමු.
                  මෙවන් යුගයකදී තොරතුරු තාක්ශනය ගැන කථා බස් වන වෙබ් අඩවියකින් බලාපොරොත්තු වන්නේ වඩාත් පුලුල් වපසරියක පැතිරයන දැක්මක සිට මෙහෙය වෙන සටහන් පෙලකි. හුදු උපාංග හා ඒවායේ ක්‍රියාත්මක බවවින් පමනක් සැහෙන ඉල්ලුමක් තවදුරටත් වලංගු නොවන බව පැහැදිලිය. විටක ඒවා දේශපාලනික වන අතර තවත් විටක සංස්කෘතික අභියෝග වන යුරු දක්වා විහිදේ. ආයතනයකින් පැමිනෙන දෘඩාංගයක සිට, මෘදුකාංගයක සිට ඒවා භාවිතාකරන්නන්ගේ දෑත් මතදී සිදුකරමින් සිටින තීරනාත්මක කාරනාද කථාබස් කෙරෙන වපසරියක විහිදෙන තොරතුරු තාක්ශනය ගැන කථාබස් කරන අඩවියක අවශ්‍යතාවය යම් දුරකට පැහැදිලි කර ගැනීමේ උත්සාහයක් ලෙසට www.it.seethawakapura.com ලෙසට වන අඩවියක් මෙසේ නිර්මානය කරන්නට සිතුවෙමි. ඒ පිලිබදව ඔබගේ අදහස් උදහස්  ඉතා වටිනා බව අවසන් වශයෙන් මතක් කර දෙනු කැමැත්තෙමි.
www.it.seethawakapura.com

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...