2014-10-17

වයර්ලස් මෙන්ම අවසර පද රහිත අනාගතය එමින් තිබෙනවා- Intel පැහැදිලි කරයි.

    Intel ආයතනය තම අනාගත සැලසුම් පැහැදිලි කරමින් ප්‍රකාශකර සිටින්නේ එලබෙන යුගයේ පරිගණකයන් සමග ‍රැහැන් භාවිතාව අවම වීමේ ප්‍රවනතාවය ප්‍රධාන වනු ඇති බවකි. එහිදී ‍රැහැන් රහිතව උපාංගයක් බල ගැන්වීම , උපාංග අතර සබදතාවය ඔවුන් පැහැදිලි කරසිටි අතර භාවිතාකරන්නෙකුගේ Laptop පරිගණකයක් මත ධාවනය වන වීඩියෝවක් විශාල මොනිටර් තිරයක් මතට ‍රැහැන් රහිතව මෙන්ම ක්ශනයකින් ගෙන එන්නට හැකි වන ආකාරය දක්වා සිටිනු ලැබුවා. ඔවුන් එහිදී පැහැදිලි කල තාක්ශනික ප්‍රවනතා අතර ටැබ්ලටය වඩාත් Pc හැකියාවට ආසන්න කිරීමේ උත්සාහයත් ඒ සමග අඩු බල වැය, වැඩි ප්‍රොසෙසර් හැකියාව 4K සුපැහැදිලි තිර භාවිතාවද කැපී පෙනුනා.  
                       එලබෙන යුගයේදී අවසර පද භාවිතාව අවමවීම පැහැදිලි අවශ්‍යතාවයක් බවට පැහැදිලි කල ආයතනය වෙගයෙන් දියුනු වෙමින් ඇතිබ් මුහුනුවර හඳුනා ගැනීමේ තාක්ශනය ඔස්සේ භාවිතාකරන්නෙකුගේ අනන්‍යතාවය ස්තීරකර ගැනීමේ හැකියාව වැනි විකල්ප මුත් වඩාත් ස්තීර විසඳුම් කරා තම තාක්ශනය දියුනු කරමින් සිටින ආකාරය පැහැදිලි කරනු ලැබුවා. දැනට පවතින ක්‍රම වේගයෙන් ඉදිරියට යමින් භාවිතාකරන්නෙකුගේ මුහුනුවරම පමනක් නොව මදක් ඉදිරියට යමින් එහි එහි වන චලනයන් හඳුනා ගනිමින් ඒ ඔස්සේ වඩාත් ස්තීරව භාවිතාකරන්නාගේ අනන්‍යතාවය ස්තීර කර ගැනීමේ හැකියාව එහිදී ඔවුන් පැහැදිලි කරන්නට කටයුතු කරනු ලැබුවා.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...