2014-10-21

iOS 8.1 දැන් බාගතකරගත හෑකියි.

  ඇපල් ආයතනය තම මීලග iOS  මෙහෙයුම් පද්ධති සංස්කරනය වන iOS 8.1 මේ වන විට භාවිතාකරන්නන් සදහා නිකුත් කර ඇති බවටයි නිවේදනය කර සිටින්නේ. ආයතනය තම iOS 8.0.1 සංස්කරනය සමග භාවිතාකරන්නන් ලද සතු‍ටුදායක නොවන ගැටලු මෙම සංස්කරනය සමග නිවැරදි වනු ඇති බවටයි බලාපොරොත්තු පලකරමින් සිටින්නේ. මෑතදී නිකුත් වූ Phone 6 හා  6 Plus දුරකථන නිකුතූන් සමග අත්විඳි සබදතා ගැටලු මෙම සංස්කරනය සමග විශේෂයෙන් සමනය වනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
                ආයතනය පැහැදිලි කර සිටින්නේ iOS උපාංගයේ Settings > General > Software Update ලෙසට පිවිසීමෙන් අනතුරුව ලැබෙන උපදෙස් ඔස්සේ මෙම බාගත කිරීම සිදුකල හැකි අතර පැමින ඇති නවාංග අතර Hotspot capabilities ,  Apple Pay, OS X Yosemite සමග පහසු සබදතාව ඇතුලු හඳුනා ගෙන තිබූ දුර්වලතා පිලිසකර වීම් හා දියුනු කිරීම් කිහිපයක්ම බවටයි නිවේදනය වන්නේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...