2014-10-21

තමන් විනාඩියකට Spam මට්ටමේ Email ten million වලකමින් සිටින බව Microsoft පවසයි.

  කලකට ඉහතදී තොරතුරු ලෝකය වෙතට භාවිතාකරන්නන් කැඳවා එන්නට ප්‍රධාන ආකර්ෂනීය සාධකයක් වූවේද E-mail භාවිතාවයි. වැඩි පහසුකම් සහිත G-mail නම් නොමිළේ ලබා දෙන පහසුව පැමිනෙන මුල් යුගයේදී එම ගිනුම් මුදල්වලට අලවිකරවන්නට තරම් එම ආකර්ෂනය බලවත්ව පැවතිනි. අන්තර්ජාලය සමග පැමිනි මුල් අංගයන් අතරින් අදටද භාවිතාකරන්නන්ගේ අකංඩ අවධානය දිනා ගත් පහසුවක් ලෙසට E-mail පිලිගැනේ. මෙම අගනා පහසුව සමග තවත් පිරිසක් ලබන්නා බලාපොරොත්තු නොවන හා කරදරකාරී වන මෙන්ම විටක හානිකරවිය හැකි දෑ අඩංගු E-mail යැවීමක්ද ඇරබිනි. spam ලෙසට නම්වන මේවා විටක මතවාද පතුරවන්නටත් තවත් විටක වෙළඳ අරමුනින් පමනක් නොව ව්‍යාජව ආයතන නමින් නිකුත් කොට එවා හරහා භාවිතාකරන්නන්ගේ වැදගත් ගිනුම් වලට පිවිසෙන තොරතුරු ලබා ගන්නට මෙන්ම හානිකර පරිගණකය වෙතට පමුනවන වෙබ් අඩවි වෙතට යොමුකරවා ගන්නටත් භාවිතාවීම ඇරබුනි.
                                Microsoft සමාගම පසුගියදා නිවෙදනය කර සිටියේ තමන් තම Email සේවාවන් (Hotmail , Outlook) සමග විනාඩියකට spam මට්ටමේ Email මිලියන 10ක් වලකමින් සිටින බවයි. අන්තර්ජාලය තුල අනවශ්‍ය තද බදයන් නිර්මානය කිරීමේ ප්‍රධාන සාධකයක් ලෙසට ගැනෙන apam මට්ටමේ ඊමේල හුවමාරුඅව වලකාලන්නට තීතිමය ආකාරයටද බොහෝ රටවල පහසුකම් ඇති අතර තාක්ශනික මට්ටමින්ද මෙම පහසුකම් දෙන ආයතනයන් විවිධ ආකාරයෙන් කටයුතු කරමින් සිටී. භාවිතාකරන්නන් දෙසින්ද එත්‍රම් විස්වාසය තැබිය නොහැකි අවශ්‍යතා සමග කටයුතු කිරීමේදී තාවකාලික Email ලිපින භාවිතාකිරීම මෙන්ම තම inbox වෙතට Email ලැබීම පෙරනයකට ලක් කිරීම වැනි පහසුකම් ඔස්සේ මෙම අනවශය කරදරය තරමකට හෝ පාලනය කර ගත හැකි වනු ඇත.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...