microsoft සමාගම තම මිලග ප්‍රධාන මෙහෙයුම් පද්ධති සංස්කරනයේ පෙර නිකුතූන් සංස්කරන දෙකක් මේ වන විට මුදා හැර තිබෙනවා. ඔවුන්ගේ Windows 10 build 9860 නිකුතුව සැලකීමේදී එයත් සමග නවාංග 9841ක් සමන්විතව පැමින ඇති බවටයි පැහැදිලි කර සිටින්නේ. ඉන් ප්‍රධාන සමහරක් පවා ඔවුනගේ නිවේදනය කිරීමේදී පවා ප්‍රකාශයට පත් නොකරනලද ඒවා වනවා. මීට අමතරව Microsoft ආයතනය එම සංස්කරනය දැනට අත්හදා බැලෙමින් ඇති පරිගණක පිලිබදවද සංක්‍යා සටහන් කිහිපයක් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අතර එම සංස්කරනය ධාවනය වෙමින් ඇති පරිගණක 41%ක් Desktop වන බවත් 32% LapTop වන බවත් පවසන අතර 2% Tablet වන බවටත් පැහැදිලි කර සිටිනවා. වේගවත් නිකුතූන් කාලසටහනකට අනූව සිදුවෙමින් ඇති මෙම නිකූත් අතර වන යාවත්කාලීනයන් සමගද නවාංග කිහිපයකින් තම නව මෙහෙයුම් පද්ධතිය සංයුත්තකරවන්නට එම කටයුතු කරනබව පසුගිය යාවත්කාලීන සැලකීමේදී පැහැදිලිව දක්නට ලැබුනා. තවමත් වඩාත්පෙර සංස්කරන නිකුතූන් මට්ටමේ මෙම මෙහෙයුම් පද්ධතිය ඇති අතර සාමාන්‍ය භාවිතාවට නියමිත පෙර සංස්කරනයන් එලබෙන වසරේ මුල් භාගය වන විට පැමිනෙනු ඇති බවටයි බලාපොරොත්තුව වන්නේ.
PARIGANAKAYA
දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...
-
Google නිවේදනය කරන්නේ තම Gmil වල Basic HTML view හැකියාව අවසන් කරන්නට 2024 වන සැලසුම්ව ඇති බවයි. මෙම Basic HTML view බහුලව internet connect...
-
ලොව ප්‍රමුකතම තොරතුරු තාක්ෂණ ආයතනය අද තම 25 වන සංවත්සරය සමරමින් සිටී. මේ බව ප්‍රකට කෑමින් ඔවුන් තම ප්‍රකට logo ව මතටද විශේෂයක් එක්කරන්නට කටය...