2014-10-01

Windows 10 පැමිනීම නිවේදනය වීම......

  අපි මේ වන කොට දන්නවා Microsoft සමාගම තමන්ගේ ප්‍රධාන මෙහෙයුම් පද්ධතියේ මීලග සංස්කරනය නිල ලෙසට ප්‍රකාශයට පත්කරල තිබෙනවා කියලා. මූලිකම කාරනයක් තමයි ඔවුන් එහිදී පැවසුවා තවමත් එය සංවර්ධනය වෙමින් පවතින එකක් බව. සවන් දුන්නු අපට තේරුනු කාරනයක් තමයි ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා ආයතනික මට්ටමේ භාවිතාව මෙම නව සංස්කරනය සදහා වඩාත් ඉලක්ක කරගනිමින් සිටින බව. ඇත්තෙන්ම ඔවුන්ට අවශ්‍ය වෙලා තිබෙනවා XP හෝwin7 වල නතර වෙලා ඉන්නා භාවිතාකරන්නන් මෙම නව සංස්කරනය කරා කැදවා ගන්නට. අපට පැහැදිලි වනවා ඒ  විදිහට සලන්කන කොට ආයතනික මට්ටමේ ප්‍රථිචාර ඔස්සේ එහි ඉදිරි අනන්‍යතාවය ගොඩ නගා ගැනීම සදහා තොරතුරු බලපොරොත්තුවෙන් මෙම පෙර නිකුතුවක් සිදු වුනු බව. 
                              අපි දන්නවා windows 8 සමග Desktop භාවිතාවට කුඩම්මාගේ සැලකිල්ලක් ‍රැගෙන විත් තිබුනු බව. පසුව ආ අනුසංස්කරන දෙකක් සමග ඒ තත්වය තරමක් දුරට හෝ සමනය කරන්නට උත්සාහයක්ද දරලා තිබුනා. Modern app සමග ස්පර්ශක ප්‍රමුක භාවිතවක් ඔස්සේ ෆැබ්ලට් ආකාරයේ භාවිතාවක් සදහා ඔවුන් ලබා ගත් හැරවුමේදී ටයිමිං වැරදුන බවක් තමයි දැන් පිලි ගෙන තිබෙන්නේ. පැමිනෙන windows 10 සමග ඔවුන් සාම්ප්‍රදායික Desktop භාවිතාව සමග Modern භාවිතාව මිශ්‍ර කරලන්නට ගෙන තිබෙන උත්සාහය ඒ බව වඩාත් පැහැදිලි කෙරෙනවා. අනෙක් දෙසින් ඔවුන් පැහැදිලි කර සිටිනවා "මොබයි ෆර්ස්ට්, ක්ලවුඩ් ෆර්ස්ට්" නව CEO වරයාගේ දැක්මට අනුකූලව ගමන ඉදිරියට ඇදෙමින් පවතීන බව. පොදු ඇප් ස්ටෝර්වක් මෙනම වඩ වඩාත් සියලුම windows භාවිතාවන් එකිනෙකට ලංවීමේ මෙහිදී වඩාත් සිදුවන බව පැහැදිලි කිරීමෙන් මෙබව අපට පැහැදිලි වෙනවා. වර්චුවල් ඩෙස්ක්ටොප් හැකියාව ඔස්සේ UI වෙනස ඉක්මවා යන ප්‍රායෝගික බවක් භාවිතාකරන්නන් වෙතට ගෙන ඒම වගේම වඩාත් වේගවත් සබදතාවක් ඔස්සේ භාවිතාකරන්නාගේ ගැටලු හඳුනා ගනිමින් පිලිතුරු දෙන්නටත් සහය වන තාක්ශනයන් ගෙන ඒමෙනුත් නව සංස්කරනය වඩාත් විදිමත් කර තිබෙනවා වාගේම එම සමහර අංග පිලිබදව ගැටලු සහගත විය හැකි බවක් දැනට මත් පෙනෙන්නට තිබෙනවා. මෙම හමුවෙදී පලවුනේ Build 2015 සමග එලබෙන  අප්‍රේල් වලදී app store වල වඩාත් නව තොරතුරු සමග සමස්ථ නව සංස්කරනයේ වඩත් අවසන් සංස්කරනයට කිට්‍ටු තොරතුරු ‍රැගෙන එන්නට සූදානම් බවටයි පවසා සිටියේ.
                                                                                                                          Pubudu Siriwansa

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...