2016-02-06

2017 පමන වන විට භාවිතාකරන්නන්ගේ ආකල්ප වෙනස් වේවි..

            හදාරන්නන් විසින් 2017 පමන වන විට භාවිතාකරන්නේකු සාමන්‍ය දවසකදී තම මොබයිල් සබදතාවය ඔස්සේ ඇප්ලිකේෂන 100ක් සමගවත් පෞද්ගලික තොරතුරු හුවමාරු කරන්නට පෙලබෙනු ඇති බවට අනාවැකි පල කරමින් සිටිනවා. ඔවුන් පවසන්නේ සෞක්‍ය වැනි තොරතුරු ලබා ගන්නට පලදින ආකාරයේ පරිගණක  උපාංග හා ස්මාර්ට් මට්ටමේ නිවසේ අනිකුත් උපාංග වැඩි වැඩියෙන් කටයුතු කරමින් ඒවා විශ්ලේශනය කරමින් වඩාත් මිනිසා සමග සමීපව කටයුතු කරන යුගයක් එල බෙමින් ඇති බවයි. ඔවුන් පැහැදිලි කරන්නේ සමාජ ජාල සමග දැනට පවතින විස්වාසනීය බව වැඩි වෙමින් අනාගතයේදී භාවිතාකරන්නන් වැඩි වැඩි යෙන් තම තොරතුරු ඒවා ඔස්සේ බෙද හදා ගන්නට කටයුතු කරනු ඇති බවකි. ඔවුන් වැඩි දුරටත් යෝජනා කරමින් සිටින්නේ apps භාවිතාව ස්මාර්ට් දුරකථන හා ටැබ්ලට් මූලික භාවිතාවේ සිට පලදින ආකාරයේ උපාංග හා ස්මාර්ට් කාර් වැනි දිසාවට වඩ වඩාත් සමීප වනු ඇති බවයි. එසේම තිර මූලික නොවන refrigerators, thermostats වැනි ස්මාර්ට් උපකරන තම දත්තයන් ආයතන හා දත්ත උපාංග සමග හුවමාරුකර ගැනීමට පෙලබෙනු ඇති බවකි.
           ඔවුනට අවශ්‍ය වනවා එලබෙන කාලයේ මෙම තොරතුරු භාවිතාවන් වඩාත් බුද්ධිමත් හැසිරීම් දිසාවට චලනය වනු ඇති බවට අනාවැකි පල කරන්නට. එනම් වඩ වඩාත් තොරතුරු ‍රැස් කරමින් ඒවා විශ්ලේෂනය කරමින් තම භාවිතාකරන්නා වැඩි වැඩියෙන් තේරුම් ගත් උපකරන බවට පත් වන්නට ක්‍රියාත්මක වන උපකරන බව පවසන්නට. භාවිතාකරන්නන් තමන්ගේ තොරතුරු තමා අවට වන උපාංග වෙතට නිරාවරනය වීම පිලිබදව දැනට පවතින දැක්ම වෙනස් කරගනිමින් ඉන් තමාට ලැබෙන වඩාත් පහසුව ගැන සලකමින් වැඩි වැඩියෙන්  ඒවායේ භාවිතාවන් වෙතට එකග වනු ඇති බවටයි මෙම හදාරන්නන්ගේ බල පොරොත්තුව වෙමින් ඇත්තේ.

Chrome Enterprise Premium නිකුතුවක්.

Google විසින් තම Chrome සදහා   Chrome Enterprise Premium සංස්කරණයක් සදහා   සූදානම් වන බවට තොරතුරු පලවෙමින් තිබෙනවා. මෙය monthly fee එකක් යටත...