2016-02-07

විශ්ව ගම්මානය මියයාම!!!!!

          මිනිස් කතාන්දරයේ සටහන් වන අකුරු හැකියාව අත්පත්කර ගැනීම අනෙකුත් සියලු අත්පත්කර ගැනීම් වලට වඩා දිගු පියවරක් බව අමතක කල නොහැකිය. එම හැකියාව ඔවුනට  තම සමකාලීනයන් සමග මෙන්ම අතීතය හා අනාගතය සමග ජීවිතය සංනිවේදනය කර ගැනීම උගන්වා දෙන ලදී. “ගින්දර” සොයා ගැනීම “රෝදය” සොයා ගැනීමටත් වඩා එම කථාන්දරයේ අකුරු හැකියාව වඩා තදින් සටහන්ව ඇත්තේ එබැවිනි. “දත්ත සැකසුම් හා සංනිව්වේදන” හැකියාව පෙර කී අකුරු හැකියාවට පසුව මිනිස් වර්ගයා ලත් වඩාත්ම ඵලදායි අත්පත්කර ගැනීමක් ලෙසට අපට පිලි ගන්නට සිදුවේ. එය අපට ප්‍රායෝගික කර දුන් සංකල්ප අතර “විශ්ව ගම්මානය” සංකල්පය ලොවපුරා වූ විද්වතුන් හදාරන්නන් අමානන්දයට පත් කල එකක් විය. සැබවින්ම එය මිනිස් වර්ගයා පාලනය කරමින් සිටි “කාලය හා දුර” සංකල්ප අවතක්සේරුකර දමන්නට සමත්විය. ලොවපුරා වූ නෙක හැදෑරුම් ආයතන, පුස්ථකාල ආදී තොරතුරු ගබඩා ක්ශනයකින්  එක්කර දෙන්නට සමත්විය. අද නැවත “විශ්ව ගම්මානය” ආපසු සාම්ප්‍රධායික “දුර හා කාලය” විසින් පාලනය කරන්නක් බවට පත් කරවා ගන්නට කටයුතු කෙරෙමින් තිබේ. සරලව තත්වය පැහැදිලි කරන්නේ නම් Google ආයතනයට තම භාවිතාකරන්නාට වඩාත් අනන්‍යවන තොරතුරු පරිසරයක් ලබා දෙමින් ඔහුව සංඩාත් සං‍තෝස කරන්නට අවශ්‍යව තිබේ. මෙම බව Google ආයතනය පමනක් නොව තොරතුරු ආශ්‍රිත සේව සපයන සියලුම ආයතන පමනක් නොව Facebook වැනි සමාජ ජලා ආයතනයන්හටද අවශ්‍යව තිබේ. වෙළඳමය ප්‍රමුක දේශපාලනික, ආගමික, සංස්කෘතික අවශ්‍යතා මේ බව සිදුකරමින් සිටී. ආරම්භයේදී හුදු තොරතුරු හුවමාරුවක් ලෙසට වූ අන්තර්ජාලය තවදුරටත් එසේම පමනක් නොවීමේ මෙම පෙරලිය ඉල්ල සිටින්නට බලපෑ ප්‍රධාන සාදයකි. එය අද නිනිසාගේ වෙළඳ , සමාජ සබදතා, වෘතීය සහය දෙන හුදු තොරතුරු පමනක් බව ඉක්මවා ගිය භාවිතාවන් බොහොමයක් ගෙනෙන එකක් වීම මෙහිදී ප්‍රදාන වේ. අනෙක් අතින් ආරම්භයේදී විද්වතුන්ගේ හදාරන්නන්ගේ හා ආයතන මට්ටමේ තොරතුරු හුවමාරුකර ගන්නා මාධ්‍ය අද සාමන්‍ය ජීවිතය වෙතට වේගයෙන් ගලා ඒමද හේතුවක් වන්නට ඇත. සරලව තත්වය පහදන්නේනම් ලෝක මට්ටමේ තොරතුරු බලපොරොත්තුවන සුලුතරයකට වඩා තමන් වෙසෙන නගරට, ප්‍රදේශයට වැඩිම උවහොත් තම රටට සීමාවන තොරතුරු බලාපොරොත්තුවන්නන් අධිකතරයට අවශ්‍ය ආකාරයට සැකසෙන්නට හ එයින් වැඩි ලාභ ලබන්නට තොරතුරු ලෝකය පාලනය වන ප්‍රධාන ආයතනයන් තීර්නය කලා වියයුතුය.
www.digilk.com

PARIGANAKAYA

දැණුම තව දුරටත් ජීව විදයාත්මක මතක සෛල වල ආධිපත්‍යයෙන් ගිලිහී අවසානය. එය e-යාත්ත්‍රිකව හාත්පස විසිරී ඇති සුලබ කාරනයක්ව ඇත. මේ අප පසුකරමින් සි...